නගර සභාව

Print

 මෙවර පෙරහැරේ අලි ඇතුන්ගේ ඇදුම් නිල්පාට වුනේ දේශපාලන වැඩක්ද?

විපුල රණසිංහ මහතා (එ.ජා.ප.)
විපුල රණසිංහ විපුල රණසිංහ මන්ත්‍රීවරුන්ගේ වාචික හෝ ලිඛිත පැමිණිලිවලට ඉක්මණින් ක්‍රියාත්මක වන ක්‍රමවේදයක් අවශ්‍යයි. විවිධ චෝදනා එල්ලවු ත්‍රීරෝද රථ ගොන්නට බදු ගෙවන පැරණි ත්‍රීරෝද සංගම් අයත්වන්නේ නැහැ. මෙවර ඇසළ පෙරහැරේ දළදා මාළිගාවේ අලි ඇතුන්ගේ ඇදුම් නිල්පාට වීම පෙරහැර දේශාපාලනයට නතුවීමක්ද? නීති නිලධාරින්ගේ රාජකාරි චර්යාව මන්ත්‍රීවරුන්ට ගැටළු තිඛෙනවා. නාගරික ගව ඝාතනාගාරය වසා දැමිය යුතුයි. නාගරික පශ වෛද්‍ය නිලධාරිවරයාගෙන් මීට වඩා වැඩක් ගැනීමට හැකියි. සතුන් පිටින් මරා ගෙනෙන එක නගර සභාවට වාසියි. නිත්තවෙල ක්‍රීඩාංගණයේ නරඹනන්ට පහරදීම නගර සභාවේ හෙළාදැකීමට භාජනය විය යුතුයි. නගරයට කරදරයක්වී ඇති මේ මහජන ඇමතුම් පද්ධති ඡාවාරම නැති කළ යුතුයි. එක්තරා ඉංග්‍රීසි පුවත් පතක නගර සභාවට නගා තිබු චෝදනා පදනම් විරහිතයි.

 

නීතිමය පියවර ගන්නවා
වැඩ බලන නියෝජ්‍ය නගරාධිපති සේන දිසානායක මහතා

සේන දිසානායක සේන දිසානායක මෙහිදී සභාව ඇමතු වැඩ බලන නගරාධිපති සේන දිසානායක මහතා ප්‍රකාශ කළේ වහාම මෙම මහජන ඇමතුම් පද්ධති ඉවත්කෙරෙන බවය. නගර සභාවේ අතීතයේ සිට පක‍ෂ විපක‍ෂ සියල්ලම සහයෝගයෙන් වැඩ කළ බව කී දිසානායක මහතා හැමදෙනාටම චෝදනා එල්ල කළ මෙම පුවත්පතේ  ලියුම්කරුට විරුද්ධව නීතිමය පියවරගත යුතු බවද කීය. නගර සභාව පාර්ලිමේන්තුවට වඩා ශීලාචාරයි. මේ පුවත්පත නගන චෝදනා අභූතයි.

 

 

නගරාධිපති නොමග යවනවා
සරත් සරත්
විජේ සිංහ (එ.ජ.නි.ස.)
 සරත් විජේ සිංහ සරත් විජේ සිංහ සේන දිසානායක මහතා නගරාධිපති පුටුවේ හිදීම සතුටට කරුණක්. ජලසම්පාදන මණ්ඩලයේ අය පාවිච්චි කරන්නේ අපේ ජල නලයි. මිලදී ගැනීම් හා නඩත්තු කටයුතු අපි ක්‍රමවත්ව කරනවා. කාලීනව ඉටු කරනවා. අපට නගන චෝදනා බොරු. මිළදී ගැනීම් වලදි අපේ නිලධාරින් ඉංජිනේරුවන් එය නිසි පරිදි කරාවි. මණ්ඩලයේ උපදෙස් අපට අනවශ්‍යයි. ග්‍රාම සේවක කාර්යාලවලින් නගර සභාවට අයවිය යුතු මුදල් අය කිරීම කළ යුතුවෙනවා. වත්මන් නගරාධිපතිවරයා නොමගයවා සමහර වෙළදුන් අයුතු ප්‍රයෝජන ගැනීමට උත්සාහ කළත් ජ්‍යෙෂට මන්ත්‍රීරුන් හැටියට ඒවාට මැදිහත්වී නගරාධිපතිතුමා දැනුවත් කිරීමට අපි සුදානම්. බර ඉසිලීමේ න් ජය ලැබු අය නාගරික හා නාගරිකයින් බව පෙන්වීමට උත්සහදැරුවත් ඒ අය නුවර අය නොවෙයි. බර ඉසිලීමේ මධ්‍යස්ථානය අපි හැදුවේ නාගරිකයින්ටයි.

 

සින්නයියා සිවඥානම් මහතා(එ.ජා.ප.)
සින්නයියා සිවඥානම් සින්නයියා සිවඥානම් ඇස්තමේන්තු වරුදි නිසා මන්ත්‍රීවරු පීඩා විදිනවා. මහයියාවේ පහසුකම් අඩුපාඩු සකසන්න. වේවැල්පිටිය ක්‍රීඩාංගණය ක්‍රීඩා නොවන කටයුතුවලට නොදිය යුතු බවට නගර සභාව තීන්දුවක් ගෙන තිබුණත් එය මල්පැල ප්‍රදර්ශනයකට දීම ප්‍රශ්නයක්. සුළු සේවකයින් පිළිබඳව වන නගර සභා ආකල්පය හා දර්ශනය හොඳයි. මහජන පැමිණිලි ඉදිරිපත් කෙරෙනවිට ඒවාට විසඳුම් ලැබිය යුතුයි. මෙහිදී නගරාධිපතිවරයා ප්‍රකාශ කළේ මෙම ක්‍රීඩාපිටිය ක්‍රීඩා නොවන කටයුත්තකට දීම පිළිබඳව සොයා බලන බවය. ඊට අමතරව බර ඉසිලීමේ චෝදනා ගැනත් සොයා බලනවා.

 

 

මහජන පැමිණිලි මන්දගාමියි
ආනන්ද සනත් කුමාර (එ.ජා.ප.)

ආනන්ද සනත් කුමාර ආනන්ද සනත් කුමාර පෙරහැර ආසන සමාරම්භයේදී නගර සභා මන්ත්‍රීවරුන්ට සාධාරණය ඉටු වුණේ නැහැ. ලබනවතාවේ මහ මළුවත් වැව රවුමත් නාගරිකයින්ට පෙරහැර රිසිසේ නැරඹීමට ඉඩලබාදෙන තැනක් විය යුතුයි. පෙරහැරෙන් පසු නගරයට ශබ්ද දූෂණය ගේන ස්පීකර් ගැලවිය යුතුයි. වැලි ගොඩ දමා එතැනම ගොඩ කිරීම නීති විරෝධියි. නිත්තවෙල රගර් ක්‍රීඩාංගණයේ පිටත ඇති දැන්වීම් පුවරුවලින් බද්දක් ගත යුතුයි. නගරයේ ත්‍රීවිලර් නගර සභාවට බදු ගෙවන වග කියන තත්වයට ගෙන ආ යුතුයි. මහජන මන්ත්‍රී පැමිණිලි පිළිබඳව කටයුතු මන්දගාමීයි.

 

 

 

ආනන්ද සිරිවර්ධන (එ.ජා.ප.)
අලූතින් තක්සේරු නිලධාරින් බඳවාගත යුතුයි. වරිපනම් අංශයේ ඉඩකඩ පුළුල් කළ යුතුයි. එල්.බී. අළුවිහාරේ හා රාජා පුෂ්පකුමාර යන නගරාධිපතිවරුන්ගේ ඡායාරූප නගර ශාලාවේදී නිරාවරණය කළ යුතුයි. මෙහිදී එම නගරාධිපතිවරුන්ගේ ඒ සඳහා හිටපු නගරාධිපතිවරුන්ගේ කැමැත්ත විමසීමටද සිරිවර්ධන මන්ත්‍රීවරයාට පැවරීමට වැඩබලන නගරාධිපතිවරයා කටයුතු කළේය. නගරයේ කසල කාමර ඉවත්කිරීම ප්‍රතිපත්තියකට අනුව සිදුවිය යුතුයි.

 

කෙණහිලිකම් කරනවා
රාජා පුෂ්පකුමාර මහතා (එ.ජා.ප.)

රාජා පුෂ්පකුමාරරාජා පුෂ්පකුමාරනගර සභාවේ නිලධාරින් එක්සත් ජාතික පක‍ෂයේ මන්ත්‍රීවරුන්ට කෙණහිළිකම් කරනවා. සුදුසු ගෞරවය දෙන්නේ නැහැ. නගර සභා ආඥාපණතට අනුව අපේ බලතල ක්‍රියාත්මක කළ යුතුයි. සැලසුම් කොමිටියට නගරාධිපති යා යුතුමයි.  පැමිණිලි මන්ත්‍රීවරුන් වෙතින් ඉදිරිපත් වනවිට නිලධාරින් සටහන් තබාගත යුතුයි. ලී බඩු සේල් පිට්ටනිවල තැබීමට ඉඩදීම නිසා ලී බඩු වෙළඳ සැල්වලට පාඩු වෙනවා.

 

 

 

වරුණ ලසන්ත ලියනගේ (එ.ජා.ප.)
නගරයේ බදු ගෙවන ජනතාවගේ ජල ප්‍රශ්නය තිබියදී නාගරික ජල නල හරහා ප්‍රාදේශීය සභාවට ජලයදීම වැරදියි. නගරයේ ඇති පිහිලි සහ ළිං නිසි පරිදි නඩත්තු කොට ප්‍රයෝජනයට ගනිමු. නුපුහුණු නාගරික බැකෝ රියදුරන්ට නිසි පුහුණුවක් දිය යුතුයි.

 


පෑන කඩුවට වඩා බලවත්
අස්මින් මරික්කාර් මහතා(මු.කො.)

අස්මින් මරික්කාර් අස්මින් මරික්කාර් නුවර නගරයේ සංවර්ධනය හොඳයි. රට සංවර්ධනය වීමේදී පහල මිනිස්සුන්ට ප්‍රතිලාභ ලැබිය යුතුයි. ඒ අයගෙ නිවාස කඩා බිඳ දමා පාර සංවර්ධනය කිරීමේ තේරුමක් නැහැ. පාර කැඩෙන කොට ව්‍යාපාර පාඩුවන විට ඒ අය වෙළදාමට පේමන්ට් එකට එනවා. පෑන කඩුවට වඩා බලවත් ඒත් මාධ්‍යය හැසිරීම වගකීම් රහිත වු නිසා ඒ අයගෙ බලය ගිලිහිලා. නගරයේ පුවත්පත් වෛරයෙන් තොර ලේඛණ කලාවක නිරත විය යුතුයි.

 

 

 

විපක‍ෂ නායක නෙරංජන්   විජේරත්න  මහතා (එ.ජා.ප.)
නෙරංජන්   විජේරත්නනෙරංජන් විජේරත්නඩේලිමිරර් පත්‍රයෙන් නගර සභාවේ ප්‍රජාවට එල්ලකළ චෝදනා හෙළා දැකිය යුතුයි. නගර සභා සොහොන්පිටියේ ආදාහනාගාරයේ වහලය ඉක්මණින් අලූත්වැඩියා කළ යුතුයි. ගව ඝාතකාගාරය වසා දමා එතැන සත්ව රෝහලක් විවෘත කරමු. විෂ්ණු දේවාලය අසල මුලාදැනි කුටිය විනාශ වීම කවුරුත් නොදැකීම අවාසනාවක්. දංගොල්ල හා වටපුළුව අලූත්වැඩියා කළ යුතුමයි. ක්‍රීඩාංගණ ක්‍රීඩා නොවන කටයුතුවලටදීම වැරදියි. මහමළුව ආසන ඉදිකිරීමට වෙන් නොකළ යුතු අතර එය පෙරහැර සමයේදී මහජනයාට වෙන් කිරීම සුදුසුයි. නගරයේ විදුලි ලාම්පු ආලෝකයට නිසි වගකීමකින් කටයුතු සිදුවෙනවා. නගර සභාවට කොන්ක්‍රීට් ගල් නිෂ්පාදන  වැඩ පිළිවෙලකට යාමෙන් රැකියාද ලබාදිය හැකියි. දහම් පාසල්වලට රුපියල් 5000ක දීමනාවක් දෙමු. (මෙහිදී නගරාධිපතිවරයා ප්‍රකාශ කෙළ් එම මුදල අනුමත වී ඇති බවය.)

 

ජාතිවාදය ලියාපදිංචි නොකළ යුතුයි
වැසිකිළි ජලය වැවට හැරවීම වැරදියි. මහනුවර රෝහලේ ආසාදිත සායනික අපද්‍රව්‍ය කිලෝ 2500 බැහැර කිරීම නගර සභාවට දීමට කළ උත්සහයේදී නගර සභාව එය ප්‍රතිෙක‍ෂ්ප කිරීම පිළිබඳව ස්තූතියි. මෙච්චර කල් මේවට මොනවද කළේ. රටේ සමගිය වෙනුවෙන් ජාතිවාදි පක‍ෂ ලියාපදිංචි කිරීම සිදු නොකළ යුතුයි. මෙම අවස්ථාවේද වැඩ බලන නගරාධිපති තම බලතල ජ්‍යෙෂ්ට නාගරික මන්ත්‍රී සරත් විජේ සිංහ මහතාට පවරා අසුනින් බැහැරවෙයි.

 

 

අසංක දොඩම්වල (එ.ජ.නි.ස.)
අසංක දොඩම්වල අසංක දොඩම්වල අද රට හැම අතින්ම සංවර්ධනය වෙනවා. මහාමාර්ග සංචාරක ව්‍යාපාරය ප්‍රධානයි. අපේ රට සංචාරක පාරාදීසයක්. වෙන රටවල් සියල්ලටම වඩා අපේ රට අපේ මහනුවර නගරය හරිම ලස්සනයි. අපේ රටේ ආර්ථීකය හා දේශපාලනය එකට සවිමත්ව ගමන් කරනවා. සංචාරකයින්ට තොරතුරු ලබාගැනීමේ මධ්‍යස්ථානයක් නුවරට අවශ්‍යයි.

 

 

 

 

ඉලාහි ආබ්දීන් මහතා (එ.ජා.ප.)
ඉලාහි ආබ්දීන්ඉලාහි ආබ්දීන්නුවර සංචාරක පුරවරයක් කියලා හෝටල් කාමර හැදුවට මදි. නුවර එක රාත්‍රියක් ගත කරලා ආපහු සිගිරිය දඹුල්ලට යන ක්‍රමය නතර කරන්නට වයි ඇම් බී ඒ එක නැටුම් ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් නෑ. සංචාරක ස්ථාන පිළිබඳව ඒකාබද්ද වැඩසටහනක් දියත් කළ යුතුයි. මහනුවර අවටින් ඒ වැඩසටහන අරඹමු. සංචාරක පැකේජ වලින් නුවරට තැනක් නෑ. නගර සංවර්ධන අධිකාරියෙ නීති රීති ගෙවල් හැදීමේදි ප්‍රායෝගික නෑ. තාවකාලික ජලය නගරයෙන් පිට ප්‍රාදේශීය සභාවට නිකුත් කිරීම වැරදියි. විශේෂ අවස්ථාවකදී සභාවේ අනුමැතිතයෙන් හේතු ඇතිව දීම වැරදි නෑ. නගර සංවර්ධන අධිකාරියට අනවශ්‍ය බලයක් ක්‍රියාත්මක කිරීමට ඉඩදීම වැරදියි. ඔවුන් සැලසුම් කමිටුවේ සාමාජිකයෙකුවිතරයි. මේ අය අපේ රටේ පැරණි පර්චස් එකේ දෙකේ ගෙවල්වලටත් අලූත්වැඩියාවේදී තහංචි දානවා.

 

ආර්ථීකය කඩා වැටිලා
සුමින්ද වික්‍රමසිංහ මහතා(එ.ජා.ප.)

සුමින්ද වික්‍රමසිංහසුමින්ද වික්‍රමසිංහමැද ඇල අසල අනවසර දේ කිරීම් ගැටලූවලදී මධ්‍යස්ථව තීන්දු ගත යුතුයි. අද ආර්ථීකය කඩා වැදිලා. සංචාරකයින් නගරයට ආවාට දුප්තාට දුප්පත් ව්‍යාපාරිකයින්ට වැඩක් නෑ. පැකේජ් වලට ඇවිත් ලොකු හෝටලයක කාලය ගත කර නගරයේ අලංකාරය නැරඹීම සඳහා ක්‍රියාත්මක විදුලි ආලෝක වැඩසටහන ඉතා හොඳයි. වැවරවුමේ පක‍ෂීන්ට ජීවත්වීමට ඉඩහල යුතුයි. නාගරික මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ සමහර පැමිණිලි එවෙලේමත් සමහර පැමිණිලි පසුදිනත් නගරාධිපති කාර්යාලයේදී විසදාලීමට පොරොන්දුවීමත් දී ඇති බව වැඩබලන නගරාධිපතිවරයා වෙතින් දක්නට ලැබුණි.

Tuesday 27th of June 2017. Joomla Templates Free. The Kandy News Online Edition - CMS Implementation: Webvision Sri Lanka.