පළාත් සභාව

Print

උපාධිධාරී ගුරුවරුන්ට වැසිකිළි සෝදන්ටත් වෙලාලූ

සරත් ඒකනායකඋපාධි පත්වීම් ලබා පාසල් වලට ගිය උපාධිධාරින්ට සනීපාරක‍ෂක කම්කරුවන් කරන සේවාව පාසලේදී කරන්නට සිදුවී ඇතිබව කියයි. විද්‍යා, ගණිත උපාධිධාරීන් වැසිකිළි හෝදන්නත් යොදවා ඇතැයි අනුර ප්‍රනාන්දු මහතා මධ්‍යම පළාත් ශාලවේදී කියා සිටියේය.

සභාපති සාලිය දිසානායක මහතාගේ ප්‍රදානත්වයෙන් මධ්‍යම පළාත් සභාව පසුගියදා රැස්වු අවස්ථාවේ අනුර ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අනුර ප්‍රනාන්දු මහතා තෙල්දෙණිය ලංගම ඩිපෝව තුළ බලවත් අර්බුද රැසක් පවතී. එහි සේවකයින්ට නියමිත වැටුප නියමත දිනයේදී නොලැබේ. ඩිපෝවේ ඉන්දන තිබියදී පිටස්තර ඉන්දන හල්වලින් බස්වලට ඉන්දන ලබාගනී. මෙහි සිටින ඩිපෝ අධිකාරිවරයා හිතුවක්කාර ලෙස වැඩකරන බව කියති. ඒ වගේම මොහු හිතුවක්කාර තීරණ ගන්නා බවද කියති. ඉතා හොඳ තත්වයේ ඉස්සර තිබුණ මෙම ඩිපෝව දැන් බරපතල හානියට පත්වී ඇති නිසා මෙම විස්තර මධ්‍යම රජයේ ප්‍රවාහන ඇමතිවරයාට යවන ලෙස ඉල්ලා සිටින බවද කීවේය.

මේ අවස්ථාවේ ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා  ඉතා දීර්ඝ කාලයක් මෙම සභාව නියෝජනය කළ මාතලේ ධම්මික අංගම්මන මන්ත්‍රීවරයාගේ අභාවය පිළිබඳ විනාඩි දෙකක නිහඩතාවයක් දක්වා එතුමාට ගෞරව කරන අතර  ඒ අනුව සභාව විනාඩි දෙකක නිහඩතාවයක් දක්වා ගෞරව දැක්වීය.   

එතුමාගේ අභාවය පිළිබඳ ශෝක යෝජනාවක් පසුව සභාවට ඉදිරිපත්කරන බවද ප්‍රධාන ඇමතිවරයා සඳහන් කර සිටියේය.

ජලයෝජනා ක්‍රමය අක්‍රියයි
ජයලත් බණ්ඩාර දිසානායක මහතා (එ.ජා.ප.)

ඛෙලිහුල්ඔය රත්මල්කඳුර රුපියල් ලක‍ෂ 76ක් වැයකර ආරම්භ කළ ජලයෝජනාක්‍රමය මේ වනවිට අක්‍රීයවී ඇත. මෙය නැවත ක්‍රියාත්මක කිරීමට පියවර ගන්න.

ලකී ජයවර්ධන මහතා (එ.ජා.ප.)
ලකී ජයවර්ධනමහනුවර ශාන්ත අන්තෝනි පිරිමි විදුහලට ක්‍රිකට් ක්‍රීඩා සඳහා ක්‍රීඩා පිටියක් ලබාදීමට පියවර ගැනීමේදී ඉඩම් අත්පත්කර ගැනීමේ ගැටළුවක් පවතී. මෙය ඉතා ඉක්මණින් ඉදිකිරීමට පියවර ගන්න.

 

නියෝජ්‍ය සභාපති ඩබ්ලිව්. ඇම්.යසමාන මහතා
ඩබ්ලිව්. ඇම්.යසමානමධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රීවරුන්ගේ රක‍ෂණ ක්‍රමය පිළිබඳ පත්‍රිකාවක් සකස්කර දෙන බව ප්‍රකාශවී ඇතත් මෙතෙක් එය ලැබී නැත. ගැටළු පවතී. මන්ත්‍රීවරුන් රක‍ෂණයවී සිටින නමුත් රෝහල්ගතනොවී බාහිරව ප්‍රතිකාර ගන්නා විට ඒවාටද රක‍ෂණ මුදල් ගෙවිය යුතුවේ.

අනුර ප්‍රනාන්දු මහතා (එ.ජ.නි.ස.)
අනුර ප්‍රනාන්දු මේ රක‍ෂණ ක්‍රමය අනුව අපව රෝහල් ගත වුවහොත් පමණක් වන්දි ගෙවන නමුත්, බාහිරව ඛෙහෙත් ගැනීම ලේ මුත්‍රා වැනි පරීක‍ෂා කිරීම්වලට මුදල් නොගෙවයි. එබැවින් ඒවාටද මුදල් ගෙවිය යුතුවේ.

 

සභාපතිකමත් නැති වෙයිද?
සභාපති සාලිය දිසානායක මහතා

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වැඩිපුර ඉන්නේ කොළඹ. අපි ගමේ ඉන්න අය. අපට පහසුකම් නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නියෝජ්‍ය ඇමතිවරුන්ට ලබාදෙන ඉන්ධනදීමනා අපට නැහැ. මේවා ගැන කථා කරන්ට ගියාම මගේ සභාපති කමත් නැති වෙයිද.

පද්මලාල් අල්විස් මහතා (එ.ජා.ප.)
පද්මලාල් අල්විස් අපට මහා පරිමාණ රෝග නැහැ. දියවැඩියාව වැනි රෝගයි තියෙන්නේ.

 

 

ශාන්තිනි කෝන්ගහගේ මහත්මිය (එ.ජා.ප.)
ශාන්තිනි කෝන්ගහගේ පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී ඇතැම් මන්ත්‍රීවරු කාන්තාවන් හිංසනයට ලක්කරනවා. කාන්තා හිංසනය තුළ දරුවන්ටද බරපතල  හානි සිදුවෙයි. එම දරුවන් ගැන අප කථා කළ යුතුවේ.

 

කාන්තාවන්ට ග්‍රීස් ගසේ නගින්ට පුළුවන්
සභාපති සාලිය දිසානාය මහතා

මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් හෑල්ලූවට ලක්කරන්න එපා. කාන්තාවන්ට ලෝක කම්කරු දිනයක් තියෙනවා. නමුත් පිරිමින්ට ලෝක පුරුෂ දිනයක් නැහැ. පිරිමින්ට මෙන්ම කාන්තාවන්ටද සම තත්වයක් අවශය බව කියැවේ. කාන්තාවන්ටත් සම අයිතියක් ඇති නමුත් කාන්තාවන්ට ග්‍රීස් ගසේ නගින්ට පුළුවන්ද, කොට්ටපොර ගහන්ට පුළුවන්ද තවත් බැරි දේවල් තිබේ.
මධ්‍යම පළාත් සභාව දෙවනවර රැස්වු අවස්ථාවේ මධ්‍යම පළාත් සෞඛ්‍ය ඇමති අදහස් දක්වමින්
අපේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් හන්තානේ ඛෙහෙත් ගබඩාව රුපියල් කෝටි ගණනක ඛෙහෙත් වර්ග තියෙන තැනක්. මෙම ඛෙහෙත් ගබඩාවෙන් වෛද්‍යවරයෙක් ඛෙහෙත් ගන්න ගියාම ලොකු ප්‍රශ්නයක් ඇතිවුනා. මේ ප්‍රශ්නය නිසා මම කමිටුවක් පත්කර පරීක‍ෂණයක් කර තීන්දු තීරණ ගත්තා. ඒ අනුව ඒවා ක්‍රියාත්මක කරන්නයි අමාත්‍යාංශය තුළ සාකච්ඡාවක් කරන්න පියවර ගත්තා. මෙම ඛෙහෙත් ගබඩාවේ සේවය කරන්නේ අඹුසැමි යුවලක්. පුරුෂයා ගබඩාවේ භාරකරු  බිරිද තමා ඛෙහෙත් නිකුත් කරන්නේ. කෙතරම් දේවල් මෙතැන වෙලා ඇද්ද? මේ පිළිබඳව තවදුරටත් විධිමත් පරීක‍ෂණ කර ඉදිරියේදී වැඩිදුරටත් පරීක‍ෂණයක් කර තීන්දුවක් ගන්නයි බලාපොරොත්තුවන්නේ යයි පැවසීය.

නිලධාරි ආවේ නෑ
 මෙහිදී වැඩිදුටත් අදහස් දැක්වු ඇමතිවරයා මගේ අමාත්‍යාංශය යටතේ පවතින විවිධ ආයතන රැසක පවතින විවිධ ගැටළු හා ප්‍රශ්නවලට විසඳුම් ලබාදීම සඳහා අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිලධාරීන් සමග සාකච්ඡාවක්කර තීරණ හා තීන්්දු ගන්න අමාත්‍යාංශයේ සාකච්ඡාවක් ආරම්භ කළා. නමුත් මෙම සාකච්ඡාව ආරම්භ කර සෑහෙන වෙලාවක් ගතවුනත් අදාල නිලධාරියා ආවේ නැහැ. පණිවුඩ ඇරියා ආවේ නැහැ. පසුව මේ නිලධාරින්ගේ කකුල් දෙක ළගZට යන්න මට සිදු වුනා. අමාත්‍යාංශයේ ඇවිදගෙන යද්දී මට යන්න නොදී මගේ රාජකාරි ගමනට බාධා කළා. මාව අපහසුතාවයට පත්කළ පුද්ගලයා අවසානයේ පැමිණිල්ලක් කර ඇත. මෙහිදී සිදුවු දේ නිවැරදිව මාධ්‍ය තුලින් ප්‍රචාරය කළේ නැහැ.

  ඒ විතරක් නොවේ මෙම ඛෙහෙත් ගබඩාවේ අවුරුදු 28ක් සේවය කරන අයෙක් ඉන්නවා. මේවා ගැන හොයන්ට යනකොට තමා සෞඛ්‍ය ඇමතිවරයා නරක. ඊළගZට අපේ අමාත්‍යාංශයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඕවසියර් තනතුරුවල පුරප්පාඩු පවතී. මෙහි උසස්වීම් පටිපාටිය ක්‍රියාත්මක කර නැත. මම මේ උසස්වීම් පටිපාටිය හැදුවා. මේවා ආණ්ඩුකාරතුමා ළගZට ගිහින් සම්මත කර ගත්තා. ඒ අනුව උසස්වීම් දුන්නා. ඊළග කම්කරු තනතුරුවලට බඳවා ගැනීමට ඉල්ලූම්පත් 11000 ඇවිල්ල තිඛෙන බවද පළාතේ අහිංසක තරුණ තරුණියන් වෙනුවෙන් රැකියා ටිකක් ලබාදෙන්න කටයුතු කරන්නත් මේ රැස්වීම කඳවා තිබුණා.

සත්‍ය විකෘතිකර ප්‍රවෘත්ති පළවුනා
වෛද්‍යවරු එක්ක අපි හැප්පෙන්නේ නැහැ. නිලධාරින් විධියට වෛද්‍ය තනතුරේ හෝ මෙතෙක් හිටියත්, පරිපාලන සේවයේ හිටියත්, අපේ පළාත් රාජ්‍ය සේවයේ තීන්දු තීරණ ක්‍රියාත්මක කරන්න සහයෝගය දුන්නේ නැත්නම් තමන්ගේ වගකීම පැහැර හරිනවා නම් ඒ අයට විරුද්දව මම තනියෙන් හරි සටන ගෙන යනවා. මට මෙනවා නැති වුණත් මම මට පැවරුණු වගකීම ඉටුකරන්නේ පළාතට යහපත් සේවයක් කළයුතු නිසයි. සත්‍ය විකෘති කර මාධ්‍ය ජාලයට මට විරුද්ධව පෙළ ගැසුනා. සත්‍ය විකෘතිකර ප්‍රවෘත්ති පළකලා. සමහර පත්තරවල කතුවැකිත් ලිව්වා. යම්කිසි කාරණයක් ගැන වාර්තාකරනවිට සත්‍ය පමණක් ජනතාවට දෙන්න. සත්‍ය වසන් කරන්න එපා කියා මා මාධ්‍යයෙන් ඉල්ලා සිටිනවායයිද ඇමතිවයා කියා සිටියේය.

ගුණතිලක රාජපක‍ෂ මහතා (එ.ජ.නි.ස.)
අද කෙනෙකුගෙන් පළිගන්න ඕනෑනම් හොඳම දේ තමයි බොරුවට හරි ගිහිල්ලා රෝහලේ නතරවෙන එක. එහෙම නතරවුනාම පොලීසියට සිද්ධවෙනවා චුදිතයා රිමාන්ඩ් කරන්න. අපේ සෞඛය ඇමතිවරයාටත් සිදුවී ඇත්තේ එයයි. පහර කෑවාය කියන වෛද්‍යවරයා රෝහල්ගත වෙන්ට ගිය අවස්ථාවේ රෝහලේ වෛද්‍යවරයා මේක රෝහල් ගතවෙන්ට තරම් දෙයක් නොවේ යයි කියා ඇත.

වැරදි තොරතුරු දෙන්න එපා
එස්.බී.රත්නායක මහතා (එ.ජ.නි.ස.)

මාධ්‍ය තුළින් රටට වැරදි තොරතුරු දෙන්ට එපාකියා ඉල්ලා සිටිනවා. එක එක්කෙනා කියන දෙයට ලියන්ට එපා. නිවැරදි හරි තොරතුරු රටට දෙන්ට. මාධ්‍ය තොරතුරු හෙළිදරව් කරනවිට අප කියන්නේ ඇත්ත තොරතුරු හෙළිකරන්න කියායි. ඒකට ප්‍රශ්නයක් නැහැ. හැබැයි වැරදි තොරතුරු දෙන්න එපා කියලයි අප කියන්නේ.

ශාන්තිනි කෝන්ගහගේ මහත්මිය (එ.ජා.ප.)
පසුගියදා නාවලපිටිය ක්‍රීඩාංගණයේ පැවති රගර් තරගයේදී එදින ආරක‍ෂාවට හිටි පොලිස් නිලධාරියෙකුට පහරදී ඇත. බීමත්ව පැමිණි පිරිසක් ක්‍රීඩාපිටියට ඇතුල්වීමට ගිය අවස්ථාවේ එය වැළැක්වීමට පියවර ගත් අවස්ථාවේ මෙම පහරදීම සිදුවී ඇත. මේ පිළිබදව කිසිම පියවරක් ගෙන නැත.

පද්මලාල් අල්විස් මහතා (එ.ජා.ප.)
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් පාරවල් පිළිබඳව ඇමතිවරයාගේ අවධානය යොමුවී නැත.

ලකී ජයවර්ධන මහතා (එ.ජා.ප.)
දන්තුරේ අලගල්ල මාර්ගය අබලන්වී ඇත. මෙය කඩිනමින් අලූත්වැඩියා කරන්න. මධ්‍යම පළාත් පාලන ආයතනවල සේවකයින්ට යතුරු පැදි ලබාදෙන බව කියා ඇතත් මේ දක්වා ලබාදී නැත. යතුරුපැදි ණය කඩිනමින් ලබාදෙන්න.

ගොවීන් 61,000කට විශ්‍රාම වැටුප් නෑ
සංජීව කවිරත්න මහතා (එ.ජා.ප.)

ගොවීන්ට ගොවි විශ්‍රාම වැටුප් ලබාදීම ප්‍රමාදවී ඇත. වසර හැට ඉක්මවු ගොවීන් 61000 දිවයින පුරා සිටිනවා. ඉකුත් ජනවාරි මාසයේ සිට මොවුන්ට විශ්‍රාම වැටුප් ලබාදී නැත. ප්‍රවීන ලේඛක මිරැන්ඩෝ අබේසේකර ගත්කරුවාගේ පොත්පත් ආරක‍ෂා කිරීමේ වැඩපිළිවෙලක් ප්‍රධාන ඇමතිතුමාගේ මාර්ගයෙන් ලබාදෙන්න කියා ඉල්ලා සිටිනවා.

මුරලි රගුනාදන් මහතා (එ.ජා.ප.)
වතුකරයේ ඇතැම් ප්‍රදේශවල ජනතාවට ඔවුන්ගේ අර්ථසාධක අරමුදල් ලබාගැනීමේ දුෂ්කරතා පවතී.
මහින්ද අබේකෝන් මහතා (එ.ජ.නි.ස.)
ළගදී  බඳවාගත් උපාධිධාරින්ට උසස්වීම් නැහැ. ඒ නිසා මොවුන්ට සාධාරණයක් ඉටුකරන්න ස්වේච්ඡා ගුරුවරුන් දැනට වසර 10,15ක් සේවය කර ඇත. මේ අයට පත්වීම් ලබාදෙන්න.

සංජීව කවිරත්න මහතා (එ.ජා.ප.)
සංජීව කවිරත්නමේ සභාවට ආණ්ඩුපක‍ෂයේ, විපක‍ෂයේ යෝජනා ඉදිරිපත් කරනවා. මේ පිළිබඳව එම යෝජනාවල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡාවක් කළ යුතුවේ.

 

නිලධාරි වාදයක්
අනුර ප්‍රනාන්දු මහතා (එ.ජ.නි.ස.)

මේ සභාව ප්‍රතිපත්ති සම්පාදනය කරන ආයතනයකි. මධ්‍යම පළාත තුළ නිලධාරිවාදය ක්‍රියාත්මකවන තත්වයක් පවතී. පෙත්සම් කාරක සභාවේ ගන්නා ලද තීන්දු තීරණ ක්‍රියාත්මක නොවන තත්වයක් පවතී. ජනතාවගේ දැවෙන ප්‍රශ්න ගැන අප කථාකරනවා. නමුත් ඒ පිළිබඳව විසදුම් නැහැ. අද ඇමතිවරයාට නිලධාරින් පාලනය කර ගැනීමට නොහැකි තත්වයක් පවතී.

නියෝජ්‍ය සභාපති ඩබ්ලිව්. ඇම්. යසමාන මහතා
මාතලේ සමුපකාර සමිතිය පිළිබඳව මා විසින් කළාය කියන ප්‍රකාශය මා විසින් නොකරපු ප්‍රකාශයක් නිසා එය නිවැරදි කරන්නට කියා නැවතත් ඉල්ලා සිටිනවා.

මහින්ද අබේකෝන් මහතා (එ.ජ.නි.ස.)
මහින්ද අබේකෝන් අප කිසියම් යෝජනාවක් කරපුවාම එම යෝජනාවේ ප්‍රගතිය පිළිබඳව දැනගන්නට ජනතාවට අයිතියක් ඇති හෙයින් අප ඒ අයට එය ඉටුකර දිය යුතුවේ.

 

ආනන්ද අලූත්ගමගේ මහතා (එ.ජ.නි.ස.)
නාවලපිටිය ආසනය ගැන නොයෙකුත් අය කථා කරනවා. ලංකාවේ තියෙන හොදම රග්බි ක්‍රීඩාංගණය නාවලපිටියේ හදල තියෙනවා. රණබිම විදුහලට පස්සේ හොදම විදුහල ආදා ඇත්තේ නාවලපිටියේ රග්බි ක්‍රීඩාංගණයේ දෙවැනි මැච් එක තිබ්බ වේලාවේ හමුදාව පැරදුන වේලාවේ එහි සිටි හමුදාවේ උසස් නිලධාරියෙක් අපට මෙතැන කියන්නට බැරි කුණු හරුප කිව්වා. අපේ ඇමතිතුමාත් එතැන හිටියා.
විපක‍ෂනාකය කේ.කේ. පියදාස මහතා
කේ.කේ. පියදාස මේ සභාවේ පක‍ෂ විපක‍ෂ සියලූ මන්ත්‍රීවරුන්ට දිගින් දිගටම ප්‍රශ්න මතුවෙමින් පවතී. ඒ නිසා මන්ත්‍රීවරුන්ට යම්කිසි ආරක‍ෂාවක් අවශ්‍යයි. එබැවින් මන්ත්‍රීවරුන්ට දෙන්ට පුළුවන් ආරක‍ෂාව ලබාදෙන්ට කියා ඉල්ලා සිටිනවා. නියෝජ්‍ය ඇමතිවරයෙකුගේ බලතල විපක‍ෂනායකයාට තියෙනවා. ඒ කිසිදෙයක් අපට දකින්න ලැඛෙන්නේ නැහැ. අනික් පළාත් සභාවල ලැඛෙන්නාවු වරප්‍රසාද කීපයක් මට ලැඛෙන්නේ නැහැ.

Saturday 25th of March 2017. Joomla Templates Free. The Kandy News Online Edition - CMS Implementation: Webvision Sri Lanka.