උල්පැන්ගෙයි පොලිස් මුරපොල මසක් ඇතුලත ඉවත් කරනවා

ජනාධිපති පසුගිය වතාවෙ දළදා වැදීමට පැමිණි අවස්ථාවේ උල්පැන්ගේ පොලිස් මුරපොල පෙන්නල ඇහුව මේක අයින් කළේ නැද්ද කියල. නැවත වතාවක් මේක අහන්නට ඉඩ නොතැබිය යුතුයි. කවදද මේක ඉවත් කරන්න පුළුවන්. මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා මේ ප්‍රශ්නය නැගුවේ දිස්ත්‍රික් කමිටු රැස්වීමේදි මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති ඒ.බී. පෙරමුණේ මහතාගෙනි.
    සිල්වෙස්තර විදුහල් භූමියේ පොලීස් නිල නිවාසයක් පවත්වාගෙන යනවා නම් එය ඉවත් කළ යුතුයි මහ ඇමතිවරයා පැවසීය.

මහනුවර ආපනශාලා වර්ගීකරණය කරයි

මහනුවර මහ නගර සභා සීමාව තුළ ඇති ආහාර අලෙවිකරණ අවන්හල් ආදියේ පිරිසිදුකම, ප්‍රසන්න පරිසරය, සෞඛ්‍යාරක‍ෂිතව ආහාර සකස් කිරීම හා රසවත් බව පෙරදැරි කරගනිමින් ඒවා ශ්‍රේණිගත කිරීමට මහනුවර මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය බලාපොරොත්තු වෙයි. පසුගිය පෙරහැර සමයේදී ක්‍රියාත්මක කළ මේ වැඩසටහන යටතේ ශ්‍රේණිගත කළ ආපනශාලා සඳහා එම ශ්‍රේණිය සටහන් කළ පුවරුවක්ද ලබා දී තිබේ. ඒ අනුව ඉතා සතුටුදායක ආපනශාලා සඳහා ඒ ශ්‍රේණියේ සතුටුදායක හෝටල් සඳහා බී ශ්‍රේණියක් වශයෙන් නම් කෙරෙනු ඇත. එම ශ්‍රේණි වෙනත්  ආහාර ඛෙදාහරින ස්ථාන ශ්‍රේණි කිරීම සඳහා පාදක කරගත් මිණුම් දඩු තවමත් සම්පුර්ණ කර නැතැයිද මහනුවර මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ පවසයි. වෙළදුන් ඇමතු මහනුවර නාගරික කොමසාරිස් චන්දන තෙන්නකෝන් මහතා මේ පිළිබඳ වෙළදුන් දැනුවත් කළේය.

දොඩම්වල දේවාලයේ නව බස්නායක නිළමේ

 නව බස්නායක නිලමේ සම්පත් ප්‍රියන්තර ජයසුන්දර මහතා  ඡන්දයෙන් පසු පිටවී යන අයුරුනව බස්නායක නිලමේ සම්පත් ප්‍රියන්තර ජයසුන්දර මහතා ඡන්දයෙන් පසු පිටවී යන අයුරුනව දොඩම්වල දේවාලයේ බස්නායක නිළමේ තනතුර සඳහා ඡන්දය මහනුවර දිසාපති කාර්යාලයේදී පැවැත්විණි. මේ සඳහා ඉදිරිපත්වු සම්පත් ප්‍රියන්ත බණ්ඩාර ජයසුන්දර මහතා නිතරගයෙන් පත්විය. ඔහුගේ නම වල්ලාහගොඩ දේවාලයේ බස්නායක නිළමේ සීවලී දොඩම්වල මහතා විසින් යෝජනා කරන ලද අතර එය දොඩම්වල ශ්‍රී නාථ දේවාලයේ හිටපු බස්නායක නිළමේ ගුරුසිංහ ලෙවුකේ මහතා විසින් ස්ථීර කරන ලදි. 

 

ජල මුලාශ්‍ර රැක ගැනීම අපේ යුතුකමක්

ජලය රැක ගැනීමට නම් අපි කළ යුත්තේ ජල මුලාශ්‍රද සංරක‍ෂණය වන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමයි. පයිනස් අපේ සංරක‍ෂිත කැලෑ පාළු කරන වගාවක්.  අපි ජල මුලාශ්‍ර ආරක‍ෂා වන පරිදි සැළැස්මක් ඇතිව වැඩ කළ යුතුයි. ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයේ මධ්‍යම පළාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ලක‍සමන් අත්තනායක මහතා මේ බැව් ප්‍රකාශ කළේ මහනුවර හා තදාසන්න ප්‍රදේශවල පළාත් සභිකයින් හා සභාපතිවරුන් පිරිසක් තම ජල ගැටළුවලට විසඳුම් ඉල්ලා මධ්‍යම පළාත් ප්‍රධාන ආමත්‍ය සරත් ඒකනායක මහතා දැනුවත් කළ අවස්ථාවේ පිළිතුරු කථාව ඉදිරිපත් කරමිනි. 

පල්ලේකැලේ ඉඩම් ඛෙදීමේදී ගැටළුවක්

ගම් උදාව කාලෙ ඉඩම් කට්ටි 67ක් පදිංචියට සුදුසු ඒවා හැටියටත් 15ක් පදිංචියට සුදුසු නැති ඒවා හැටියටත් තීරණය කර තිබුණත් දැන් නිවාස අධිකාරිය මේ ඉඩම් ඛෙදල දෙන්න ලෑස්ති වෙලා යයි කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාපති අසේල ඒකනායක මහතා පැවසීය. අපි ඊට ඉඩ තියන්නේ නෑ. මේ විදිහට ඉඩම් කට්ටි කළවිට පාරක් දෙන්නත් වතුර බට එළන්ටත් බැරිවෙයි.

බලෙන් පන්සිල් රක්කවන්ට බෑ

අද ඛෙහෝ දෙනෙක් අවංක නෑ. වංචාව බොරුව හැම තැනම. ගුණධර්ම අතින් මිනිස්සුන් පිරිහිලා. ඒක අපේ ආණ්ඩුවෙ අයගෙනුත් දකින් පුළුවන්. පංච ශීලය රකින්න පුළුවන් නම් මේ සමාජය යහපත් කරන්න බැරිකමක් නෑ.

India Funds New Hospital for Dickoya India Funds New Hospital for Dickoya

Mr. A.NatarajanMr. A.Natarajan The Assistant Indian High Commissioner resident in Kandy Mr. A. Natarajan in an exclusive interview with The Kandy News said that India was funding the construction of a new 150-bed hospital in Dickoya. The building as well as the all the equipment for the hospital is being financed with a grant of Rs 1,200 million from India.

Mr.Natarajan assumed duties in Kandy in January this year.

Saturday 25th of March 2017. Joomla Templates Free. The Kandy News Online Edition - CMS Implementation: Webvision Sri Lanka.