නව මැතිවරණ ක්‍රමය මුදල් නාස්තියක්ල කාන්තාවන්ගේ 25% සලාකය අපේ සංස්කෘතියට උචිත නැහැ. මනාපය වඩා හොඳයි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන එක්සත් ජාතික පක‍ෂ අපේක‍ෂක ලැයිස්තුවේ අස්මින් මරික්කාර් 

නව මැතිවරණ ක්‍රමය තිබුණු ක්‍රමයට වඩා වියදම් වැඩියි. නාගරික මන්තී්‍රන් 24 දෙනෙකුට ලබාදුන් දීමනා සහ වෙනත් වියදම් 41 දෙනෙකුට ලබාදිය යුතුයි. ඒ සියලූ වියදම් ගෙවන්නට 
සිදුවෙන්නේ වරිපනම් ගෙවන ජනතාවටයි.    නව ඡන්ද ක්‍රමය පිළිබද මෙම විවේචනාත්මක අදහස් පළ කෙළේ හිටපු මහ නගර සභික අස්මින් මරික්කාර් මහතායි.  
 
මරික්කාර් මහතා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ඔහු වෘත්තිමය වශයෙන් ඔහුගේ භාර්යාව සමග හවුල්ව ඉඩම් වෙළදාමේ සහ  අධ්‍යාපන ව්‍යාපාර කටයුතු වලටද සම්බන්ධව සිටි.  මරික්කාර් යුවලට දියනියන් දෙදෙනකු සහ එක් පුතෙකු සිටී. පුුතා මාධ්‍ය සහ සිනමාව පිළිබද උපාධියක් ලබා ගෙන ඇත.  එක් දියණියක් ගෘහ නිර්මාණ ශිල්පිනියක් වන අතර දෙවැන්නා මෝස්තර කලාවට සම්බන්ධ වී කටයුතු  කරයි. 
 
මනාප  ක්‍රමය යටතේ අපේක්ෂකයින් සියලු දෙනාටම ඡන්ද දායකයන් ළඟ දණ ගැසීමට සිදු වෙනවා. එයින්   ඡන්දදායකයන්ට ලොකු බලයක් ලැඛෙනවා. නව ක්‍රමය මගින් ඡන්ද දායකයින් කැමති වුවත් අකැමති වුවත් අපේක්ෂකයින් ළගට යන්නට වෙනවා. නව ක්‍රමය මගින් සුළු ජාතික පක‍ෂවලට වැඩි අවශ්‍යතාවක් ලබාදී තිඛෙනවා කියන 

නව මැතිවරණ ක්‍රමය මුදල් Continued ...........

මහනුවර ලෝක උරුම නගරයකට ගැලපෙන පරිදි විධිමත් කිරීමට අපේක්ෂා කරනවා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැයිස්තුවේ අපේක‍ෂක මහින්ද කටුගහ 

 
මහනුවර ලෝක උරුම නගර වැඩසටහනේ නගර  සභා කමිටු සාමාජිකයෙක් ලෙස කටයුතු කිරීමේදී නගරයේ විවිධ ජන කොටස් හමුවීමේ අවස්ථාව ලැබුණා. එහිදි  නාගරික ජනතාවගේ ආර්ථීක සමාජ සංස්කෘතික මෙන්ම නගර සංවර්ධනය පිළිබඳව විමර්ශනයක නිරතවීමට ද හැකි වුණා. එයින් ලැබුණු අත්දැකීමත් අධ්‍යාපනය සහ විදේශීය වෘත්තිමය අත්දැකීමත් අනුව මහනුවර නගරය සහ ජනතාව වෙනුවෙන් සුබවාදි නගර සංවර්ධනයක් සදහා මෙවර නගර සභා ඡන්දයට ඉදරිපත් වු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක‍ෂක මහින්ද කටුගහ මහතා  අප සමග පැවසුවේය.
 
හැත්තෑ පස් හැවිරිදි කටුගහ මහතා මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ඔහු නීති උපාධිය ලබා  ශ්‍රී ලංකා නැව් සංස්ථාවේ ලේකම් හා නීති රක‍ෂණ කළමනාකාර යන තනතුරුවල කලක්  සේවය කර ඇතග එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර ආයතනයේ  සහ  ඉතාලි රජයේ වර්ෂ  30  පමණ සේවය කර තිබේ. ඔහුගේ භාර්්‍යාව වෘත්තීය වශයෙන් තමා සතු දේපල කළමනාකරණය කරයි. කටුගහ යුවලට දරුවන් තිදෙනෙකි. මුනුබුරන් සිවු දෙනෙකි.  දරුවන් තිදෙනාම විදේශයන්හි පදිංචි වී වෘත්තීන්වල යෙදෙන බව කටුගහ  මහතා පවසයි.
 

මහනුවර ලෝක උරුම නගරයකට Continued ..........

2011 දී මගේ ඉල්ලූම්පත ලැයිස්තුවෙන් කැපුවා, නමුත් මෙවර භාරගත්තා

එක්සත් ජනතා නිදහස් සන්ධානය ලැයිස්තුවේ අපේක්‍ෂිකා මල්ලිකා වීරසිංහ 


පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මහනුවර නගර සභාවට තරග කිරීම සඳහා ඉල්ලූම් පත්‍රයක් ඉදිරිපත් කළා. අයදුම්පත් ඉදිරිපත් කළ හා සම්මුඛ පරීක‍ෂණයට ගිය පළමු කාන්තාව මමයි. ඉල්ලූම් පත්‍ර භාර ගැනීමේ අවසන් දින දක්වාම තිබුණත් ලැයිස්තුවෙන් මගේ නම ඉවත් කර තිබුණා. මෙවර මැතිවරණය සඳහාත් පළමුවෙන්ම සම්මුඛ පරීක‍ෂණයට පෙනී සටියේ මමයි. මාගේ ඉදිරිපත්වීමේ හැකියාවට නායකත්වය අනුව මෙවර අවස්ථාව ලැබුණා. 
 
මෙසේ අපට පැවසුයේ  එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අතිරේක ලැයිස්තුවෙන් මහනුවර මහ නගර සභාවට මෙවර තරග කරන මල්ලිකා වීරසිංහ මහත්මියයි. කාන්තාවන්ට 25% නියෝජනයක් සහතික කිරීම ගැන ඇය ජනාධිපති සිරිසේන සහතීන්දු තීරණ ගත් සැම දෙනාටම ස්තූතිවන්ත වෙයි. 
 

2011 දී මගේ ඉල්ලූම්පත ලැයිස්තුවෙන් කැපුවා Continued ............

තරුණ අපේ ප්‍රශ්න විසදීමට දේශපාලන සටන් බිමට පිවිසුණා

ජනතා විමුක්ති පෙරමුණේ කටුකැලේ කොට්ඨාශ අපේක්‍ෂක මොහොමඩ් රම්සි

ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන මොහොමඩ් රම්සි  මහතා යෞවනයන් වෙනුවෙන් පෙනීසිටීමට දේශපාලනයට පිවිසුණු බව පවසයි. විසිතුන් හැවිරිදි රම්සි බදුල්ල විද්‍යා විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය ලබා දැන් ඌව විශ්ව විද්‍යාලයේ විද්‍යා උපාධි පාඨමාලාවක් හදාරයි.
 
පවතින දේශපාලනය රට අදුරු කර මෙහෙයවන දූෂිත ක්‍රමයක් බව පවසන රම්සි මහතා, පාසල් වලට දරුවන් ඇතුල් කිරීම, විරැකියාව වැනි තරුණ පරපුරට විශේෂයෙන් බලපාන ප්‍රශ්න වලට සාර්ථක විසදුම් ලබාදීමේ අදහසින් දේශපාලනයට පිවිසුණු බව කියයි. තමා තේරී පත්වුවහොත්  කටුකැලේ කොට්ඨාශයේ භෞතික පාද ව්‍යුහය දියුණු කිරීම, දුප්පත් දෙමාපියන්ගේ දරුවන් පාසල් වලට ඇතුලත් කිරීමේදී මුහුණපාන දුෂ්කරතා යනාදි ප්‍රශ්න කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව ඔහු කියා සිටී.

නගරය මධ්‍යයෙන් බැහැර පදිංචි වඩා දුප්පත් ජන කොටස්වලට විශේෂ වැඩ පිළිවෙළක් ඕනෑ

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ  අපේක්ෂක ලැයිස්තුවේ සෙල්වකුමාරන් 

මහනුවර නගරයේ ව්‍යාපාරිකයන්ගෙන් 80%ක්ම වෙනත් ප්‍රදේශවලින් පැමිණ ව්‍යාපාර කරන අයයි. මහනුවර නගර මධ්‍යයෙන් පිටත සිටින වඩා අඩු ආදායම් ලබන සාමාන්‍ය ජනතාව වෙනුවෙන් නගර සභාව මගින් අනිවාර්යයෙන් විශේෂ වැඩපිළවෙලක් ක්‍රියාත්මක විය යුතුමයි. ඒඅයට විශේෂයෙන්ම බලපාන්නේ අතුරු මාර්ග, නිවාස, ජලය, විදුලිය, කසළ බැහැර කිරීම ආදී ප්‍රශ්නයි. එම අදහස් ප්‍රකාශ කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අතිරේක ලැයිස්තු අපේක‍ෂක අල්ගර් සෙල්වකුමාරන් මහතායි.

හතළිස් හත් හැවිරිදි සෙල්වකුමාරන් මහතා ශාන්ත අන්තෝනි විද්‍යාලයේ මුලික අධ්‍යාපනය ලබා පසුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් උපාධියක් ලබාගෙන ඇත. ගුරුවරයෙකු ලෙස සේවය කර මෙම මැතිවරණයට ඡන්දය ඉල්ලීම සදහා විශ්‍රාම ගොස් තිබේ. ඔහුගේ බිරිද විහාරමහාදේවි බාලිකා පාසලේ ගුරුවරියක ලෙස සේවය කරයි. මෙම දෙපලගේ පුතා සහ දුව පාසල්  වියේ පසුවෙයි.
1990 සිට ශ්‍රී ලංකා නිදහස් පක‍ෂයේ කි්‍රයාකාරී සාමාජිකයෙක්වු සෙල්වකුමාරන් මහතා හිටපු ආරක්‍ෂක ඇමති අනුරුද්ධ රත්වත්තේ මහතාගේ සම්බන්ධීකරණ ලේකම් 

නගරය මධ්‍යයෙන් බැහැර පදිංචි Continued .....

මවකගේ වගකීම් නිසා දේශපාලනයට පිවිසීම ප්‍රමාද කළා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැයිස්තුවේ අපේක්‍ෂිකා  සමුද්‍රා දයානන්ද 

කුඩා කාලයේ සිටම දේශපාලනයට ආශාවක් තිබුණත් විවාහයෙන් පසුව දරුවන් දෙදෙනා සෑදීමේදී මවකගේ කාර්්‍යය භාරය නොපිරිහෙලා ඉටු කළයුතු නිසා දේශපාලනයට පිවිසීම පමා කළ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතිරේක ලැයිස්තුවෙන් මෙවර මහනුවර මහ නගර  සභා ඡන්දයට ඉදිරිපත් වෙන සමුද්‍රා දයානන්ද මහත්මිය ද කැන්ඩි නිවුස් සමග සාකච්ඡාවකදී අප සමග පැවසීය. 1966-1977 හාරිස්පත්තු ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ 1970-1977 හිටපු කම්කරු නියෝජ්‍ය ඇමති හේමචන්ද්‍ර සිරිසේන මහතාගේ මිනිබිරියක් වශයෙන් ඇය දේශපාලන පවුලකට උරුමකම් කියයි. තම පියා සේන දයානන්ද මහතා ඇයට දේශපාලනයට ඇතුල්වීමට අනුබල දුන් බවත් ඇය පවසයි. 
 
දයානන්ද මහත්මිය පොහොට්ටුව සලකුණින් තරග කිරීමට පෙළඹී ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක‍ෂ මහතාගේ ක්‍රියාකලාප අනුමත කරන නිසාත්, රාජපක‍ෂ නායකත්වය යටතේ හිටුප නගරාධිපති මහේන්ද්‍ර රත්වත්තේ මහනුවරට කළ සේවය අගය කිරීමත්, එම කණ්ඩායමේ මහනුවර නායක සේන දිසානායක මහතාගේ අනුබලය නිසාත් බව ඇය පවසයි.

මවකගේ වගකීම් නිසා දේශපාලනයට Continued ....

දෙවැනි අගනුවර ලෙස මහනුවර දියුණු කළ යුතුයි

එක්සත් ජාතික පක‍ෂ ලැයිස්තුවේ අපේක‍ෂිකා තනුජා දිල්රුක්ෂි ගන්නෝරුව

මහනුවර නගරයට පැමිණෙන ජනතාව වෙුනවෙන් සේවාවන් සැපයෙන නගරයක් බවට පත් කිරීමට අවශ්‍යයි. මහනුවර නගරයේ විශාල ඉඩකඩ ප්‍රමාණයක් නැහැ. ඒ නිසාම හොඳ වාතාශ්‍රය පැවතීම අඩුයි. පරිසර දූෂණය, වායු දූෂණය, වාහන තදබදය යන කරුණු සඳහා නගර සභාව විසින් කළ හැකි වැඩසටහන් පිළිබඳව අවධානය යොමු කරනවා. එම අදහස් ද කැන්ඩි නිවුස් වෙත අදහස් පළකලේ අතිරේක ලැයිස්තුවෙන් එක්සත් ජාතික පක‍ෂ අපේක‍ෂිකාවක් ලෙස ඉදිරපත්වන තනුජා දිල්රුක්ෂි මහත්මියයි.
 
තිස් හතර හැවිරිදි දිල්රුක්ෂි මහත්මිය ගන්නෝරුව පදිංචිවී සිටී. ඇගේ සැමියා නාවික හමුදාවේ සේවය කරයි. ඔවුන් දෙපලට පාසල් යන කුඩා දරුවන් දෙදෙනෙක් ඇත. දිල්රුක්ෂි මහත්මිය ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ පොල්ගොල්ල ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ තාවකාලික රැකියාවක් කරයි. 
ර්‍ණඅපි පරම්පරාගත එක්සත් ජාතික පාක‍ෂිකයින්. යොවුන් සේනාංකයේ වැඩ කළා. ශ්‍රී ලංකා විවිධ සේවා සමුපකාර සමිතියේ හීරැස්සගල ප්‍රාදේශීකයේ ලේකම් තනතුර දරනවා. ගන්නෝරුව කාන්තා සමිතියේ උප සභාපති වශයෙන්ද පක‍ෂයට සම්බන්දව සිටිනවා. එක්සත් ජාතික පක‍ෂ අපේක්‍ෂකත්වය එම දේශලාලන ගමනේ තවත් පියවරකි. 

දෙවැනි අගනුවර ලෙස මහනුවර Continued ......

Thursday 24th of May 2018. Joomla Templates Free. The Kandy News Online Edition - CMS Implementation: Webvision Sri Lanka.