කොට්ඨාශ මැතිවරණ ක්‍රමය ගමට සේවය කිරීමට වඩා හොඳයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාපනාවතුර කොට්ඨාශ අපේක‍ෂක දිනුක් රත්වත්තේ  

නව මැතිවරණ ක්‍රමයට අනුව කොට්ඨාශ ක්‍රමය මගින් ගමට හොඳ සේවාවක් කරන්න පුලූවන්. එම නිසා නව ක්‍රමයකට මම කැමතියි. අපට මෙසේ පැවසුයේ හිටපු නගරාධිපති මහේන්ද්‍ර රත්වත්තේ මහතාගේ විසිදෙක් හැවිරදි දෙටු පුත් දිනුක් තුසාන්ත රත්වත්තේ මහතායි. ඔහු දේශපාලන නවකයෙක් ලෙස මාපනාවතුර කොට්ඨාශයේ මහ නගර සභාව නියෝජනය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහ නගර සභා ඡන්ද තරග බිමට මෙවර පිවිසිණි. 
 
දේශපාලනය මට අලූත් දෙයක් නොවෙයි. මා හැදුනේ වැඩුනේ දේශපාලන පසුබිමක. කුඩා කාලයේ සිටම දේශපාලනය ගැන අත්දැකීම් තිඛෙනවා. එම අත්දැකීම, තමා පියා නගරාධිපති වශයෙන් මහනුවරට කළ සේවය සහ නවීන සමාජය මාධ්‍යයෙන් ඇතිකරගෙන තිඛෙන සුහඳ සම්බන්ඳතා ඔහුගේ ඡන්ද ව්‍යාපාරයට ධනාත්මක ලෙස බලපාන බව ඔහු විශ්වස කරයි. 
 
තරුණ රත්වත්තේ මහතා පොහොට්ටුව සලකුණෙන් තරග කරන සෙසු අපේක‍ෂකයින් මෙන් පවතින රජය විවේචනය කරන අතර පසුගිය රාජපක‍ෂ රජයේ ක්‍රියාකලාපය ප්‍රශංසාවට ලක් කරයි. එහෙත් ඔහුගේ දේශපාලන ආකල්පයන් 21 වන ශත වර්ෂයේ නව පරපුරේ දැක්ම සහ අත්දැකීම් සමග බද්ධවී ඇති බවද පැහැදිලිය. විශේෂයෙන් යෞවන පරපුරේ ප්‍රශ්න විසඳීමට ඔහු ඇප කැප වන බවට ප්‍රතිඥා දෙයි.
 

කොට්ඨාශ මැතිවරණ ක්‍රමය Continued ..........

මා නොදන්නා දේවල් ගැන බොරු කියන්න මට බැහැ ඡන්දය පළාතේ ප්‍රශ්න විසදීමට තිඛෙන ඡන්දයක් ඊට සුදුසුම පක‍ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානයයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අස්ගිරිය කොට්ඨාශ අපේක්ෂක අනුර ගෝනවල

“2011දී ජනතා විමුක්ති පෙරමුණේ සිදුවු අභ්‍යන්තර පිපිරීමත් සමග ක්‍රියාකාරීන් විශාල සංඛ්‍යාවක් ඉවත් වුණා. මම එතැන් සිට ක්‍රියාකාරී දේශපාලනයට එක්වුණේ නැහැ. පොදු දේපොල සුරැකීමේ සංවිධානය වැනි ක්‍රියාකාරී ජනතා සංවිධාන සමග එක්ව ජනතා අයිතීන් වෙනුවෙන් පෙනී සිටියා.”  
   
“මගේ දැනුම සමාජයට දායාද කළ යුතුය යන හැගීම දිගින් දිගටම ඇති වුණා. ඒ සඳහා සුදුසුම ක්‍රමය දේශපාලනය බවත් ඊට සුදුසුම පක‍ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානය බවත්  යැයි හැගුණු නිසයි මා එම පක‍ෂයෙන් දේශපාලනයට එක්වුණේ.”  අපට එසේ පැවසුයේ ජනතා විමුක්ති පෙරමුණේ නාගරික මන්ත්‍රීවරයෙකු ලෙස වර්ෂ 2002 දී මහනුවර මහ නගර සභාවට එක්වී වර්ෂ 2011  ක්‍රියා කළ අනුර ගෝනවල මහතායි. 
 
වර්ෂ 1958දී උපත ලැබු ගෝනවල මහතා මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයෙන් මූලික  අධ්‍යාපනය ලබා ගෙන ඇතග වර්ෂ 1982දී උසස් අධ්‍යාපනය නිමවු පසු ජනතා 

මා නොදන්නා දේවල් ගැන බොරු කියන්න මට බැහැContinued ....

මහයියාවේ ප්‍රධාන ප්‍රශ්නය නිවාස හිගයයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පූර්ණවත්ත බටහිර කොට්ඨාශ අපේක්ෂක එස්. සෙල්වරාජ්

මහයියාවේ නිවැසියන් විශාල සංඛ්‍යාවකගේ නිවාසවල අවුරුදු 30 බද්ද අවසන් වී තිඛෙනවා. එහෙත් ඔවුන්ට සාධාරණ විසඳුමක් තවමත් ලැබී නැහැ. මේ කරුණ අපට පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පූර්ණවත්ත බටහිර අපේක්ෂක එස් සෙල්වරාජ් මහතායි.
 
 ඒ මහතාගේ බිරිඳ ගුරුවරියකි. සෙල්වරාජ් යුවලට පුතුන් තිදෙනෙකි. වැඩිමහල් පුතා ගීත ප්‍රබන්ධකයෙකි. දෙවැන්නා ගුවන් යානා ඉන්ජිිනේරුවකු වීමට පුහුණුව ලබයි. තෙවැන්නා තවමත් පාසල් යයි.  
   
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ලිපිකරුවෙකු ලෙස වෘත්තීය ජීවිතය ඇරඹු ඔහු එම සංස්ථාවේ උපදේශකයෙකු දක්වා උසස් වී විශ්‍රාම ගොස් ඇත. 62 හැවිරිදි සෙල්වරාජ් මහතා මැතිවරණයකට ඉදිරිපත් වන පළමු අවස්ථාව මෙය වේ.

අස්ගිරියට පොදු ප්‍රවාහන සේවා දියුණු කරනවා

ජනතා විමුක්ති පෙරමුණේ අස්ගිරිය කොට්ඨාශ අපේක‍ෂිකා අජානි මේඛලා

මම මහා ලොකු පොරොන්දු දෙන්නේ නැහැ. නමුත් නගර සභාවකට ප්‍රායෝගිකව කළ හැකි හැම දෙයක්ම කිරීමට කැපවන්නේ යැයි  ‘ද කැන්ඩි නිවුස්’ සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වූ අස්ගිරි කොට්ඨාශයේ ජනතා විමුක්ති පෙරමුණේ අපේක‍ෂිකා අජානි මේඛලා මහත්මිය අප සමග පැවසුවාය. 
 
 28 හැවිරදි මේඛලා මහත්මිය ජනතා විමුක්ති පෙරමුණ සමග සම්බන්ධ වු දේශපාලන පවුලකින් පැවත එයිග ර්‍ණමගේ පියා ක්‍රියාකාරී දේශපාලනඥයෙක්. එස්.එල්.ඒ.ජීවානන්ද නම් ඔහු ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීව කටයුතු කළා. අවස්ථා කිහිපයක් අපේක‍ෂකයෙකු ලෙසද පියා පක‍ෂය වෙනුවෙන් ඉදිරිපත් වුණා. පියාගේ දේශපාලන දිවිය කුඩා කළ සිටම මට ආභාෂයක් වුණා.” 
 
 මේඛලා සිය අවධානය මුලින්ම යොමු කරන්නේ තම කොට්ඨාශය වෙතයි. අස්ගිරිය කොට්ඨාශයේ මෙන්ම මහනුවර නාගරික සීමාවේ කුඩා දරුවන්ට ප්‍රමාණවත් සෙල්ලම් පිටි නැහැ. ඒ නිසා දරුවන් වෙනුවෙන් ප්‍රමාණවත් ක්‍රීඩා පිටි කිහිපයක් ඉදිකිරීමට මා අපේක‍ෂා කරනවා. කඳුපල්ලම්වලින් යුතු කුඩා ප්‍රමාණයේ මාර්ග රැසක් මෙම ආසනයේ 

අස්ගිරියට පොදු ප්‍රවාහන සේවා Continued ........

සුදුහුම්පල සංවර්ධනය වේගවත් කළ යුතුයි

 එක්සත් ජාතික පක්‍ෂයේ සුදුහුම්පල කොට්ඨාශ  අපේක්‍ෂිකා  ඉරේෂා ලක්මාලි කැලණියේගෙදර 

මගේ කොට්ඨාශයේ වසම් දෙකක් තිඛෙනවා. සුදුහුම්පල නැගෙනහිර හා බටහිර වශයෙන්. නැගෙනහිර පතනවත්ත කොටස බොහෝ දේවල් සංවර්ධනය කළ යුතුව තිඛෙනවා. විශේෂයෙන් මාර්ග ඉදි කිරීම් තිඛෙනවා. අධ්‍යාපනය, සෞඛ්‍ය පරිසරය සෑම අංශයක් කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. ඒප්‍රදේශයේ සමාජ තත්වය ඉහළ දැමීමක් කිරීම අවශ්‍යයි. ‘ද කැන්ඩි නිවුස්’ සමග  කළ සාකච්ඡාවකදී එසේ පැවසුයේ සුදුහුම්පල ආසනයේ  එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂිකා  ඉරේෂා ලක්මාලි කැලණියේගෙදර මහත්මියයි.
 
මහනුවර ස්වර්ණමාලී බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබු ඇය  පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ බාහිර උපාධිධාරිනියක් වෙයි. ඇයට ගුරු පුහුණු පාඨමාලා සහතිකයක්ද තිබේ. ඇයට පාසල් යන වයසේ දරුවන් දෙදෙනෙක් සිටී. ස්වාමිපුරුෂයා ගුරුවරයෙකි. ඇයගේ පවුල පරම්පරාවෙන් එක්සත් ජාතික පක්‍ෂය  සමග බැදී සිටින බව කියයි. ආසන මට්ටමින් මන්ත්‍රීවරයෙකු සුදුහුම්පල ප්‍රදේශයට මෙතෙක් නොසිටීම සංවර්ධනය අඩාලවීමට වැදගත් හේතුවක් බව ඇය විශ්වාස කරයි.  

කාන්තාවන් පත් කිරීමෙන් දූෂණල වංචා සිදුවීම අඩුවෙනවා

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සෙංකඩගල කොට්ඨාශ අපේක්‍ෂිකා අනෝමා  විජේසිංහ

කාන්තාවන්ට 25% නියෝජනයක් සහතික කිරීම යහපත් පියවරක් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සෙංකඩගල අපේක්ෂිකා අනෝමා විජේසිංහ මහත්මිය තරයේ විශ්වාස කරයි. නාගරික මන්ත්‍රීවරියක වීම කාන්තාවන්ට මෙතෙක් කල් සිහිනයක තිබුණා පමණයි දැන් එය ඉටුවෙනවාග පවුල් සංස්ථාවේ වැඩි වගකීමක් දරන්නේ මව. නගර සභාවේ හැම දෙනාම සමගම සුහදව ඉවසීමෙන් කල්පනාකාරීව වැඩ කරන්නට කාන්තාවන්ට හැකියාවක් ලැඛෙයි.  
 
 ස්වේච්ඡා ප්‍රජා සේවයෙන් දේශපාලනයට පිවිසීමට මාර්ගය විවෘතවු ඡන්ද අපේක්ෂිකාවක් ලෙස  විජේසිංහ මහත්මිය හදුන්වාදීම සාධාරණය. ඇය පවසන අයුරු සමාජසේවා ආයතන ගණනාවක නිරතවෙමින්  ගමේ ජනතාවට සේවාවන් කර  තිඛෙනවා. සමෘද්ධි සංගමයේ සභාපති හා සමෘද්ධි විධායක සභාවේ උප සභාපති ,කටුගස්තොට ශ්‍රී සිංහලාසීරාම ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසලේ ආචර්යවරියක්, නගර සභා පරිසර කමිටුවේ සාමාජිකාවක්, ග්‍රාම සංවර්ධන සමිතියේ සාමාජිකාවක්, කාන්තා සංගමයේ සභාපති, ප්‍රජා පොලිස් සංගමයේ හා සුබ සාධක සමිතියේ සභාපති,  කාරක සභා සමාජිකාවක් ආදි තනතුරු දරමින් ග්‍රාමයේ ජනතාවට විශාල සේවාවක් කර තිඛෙනවා.

කාන්තාවන් පත් කිරීමෙන් Continued ..........

ජනතා අරගල සඳහා නායකත්වය දෙන්නේ ජනතා විමුක්ති පෙරමුණයි

ජනතා විමුක්ති පෙරමුණෙ කටුකැලේ කොට්ඨාශ අපේක්‍ෂක ඉන්ද්‍රජිත් කංකානම්ගේ

මෙවර  විවිධ පක‍ෂවලින්  තරුණ අපේක‍ෂකයන් රැසක් ඉදිරිපත් වෙලා තිඛෙනවා. කාන්තාවන් සඳහා වැඩි අවස්ථාවක් ලබාදී තිඛෙනවා. ඒවා ඉතාම කාලෝචිත පියවර.  තරුණ තරුණියන්ගේ ගැටලූ වඩා හොඳින් අවබෝධ වෙන්නේ තරුණ පිරිස්වලටයි. දරුවන්ගේ සුබසිද්ධියට වඩාත් උනන්දුවෙන්නේ මව්වරුන්. ද කැන්ඩි නිවුස් වෙත මේ අදහස් පළකළේ කටුකැලේ කොට්ඨාශයේ ජනතා විමුක්ති පෙරමුණේ  අපේක‍ෂක විසිතුන් හැවිරිදි  ඉන්ද්‍රජිත් කංකානම්ගේ මහතායි.  
 
පැවති පාලනයන් යටතේ මහනුවර නගරය සංවර්ධනය වී නොමැති බව සඳහන් කරනවා නම් එය නිවැරදියි. මහනුවර සංවර්ධනය වෙනුවෙන් මා යෝජනා කිහිපයක් ඉදිරිපත් කොට තිඛෙනවා. විශේෂයෙන්ම මහනුවර නගරයේ වාහන තදබදයට සහ වායු දූෂණයට  විසදුමක් ඉදිරිපත් කළ යුතුයි. නගරයේ රැදෙන වාහන සංඛ්‍යාව අවම කොට තදබදයකින් තොර මාර්ග පද්ධතියක් සකස් කළ යුතුයි.
 

ජනතා අරගල සඳහා නායකත්වය Continued ...........

Thursday 19th of July 2018. Joomla Templates Free. The Kandy News Online Edition - CMS Implementation: Webvision Sri Lanka.