ඡන්ද අපේක්ෂකයෝ සහ පක්ෂ නායකයෝ

මෙම පිටු කිහිපය මෙවර මහනුවර මහ නගර සභා ඡන්දයට ඉදිරිපත් වන ප්‍රධාන පක්ෂ හතර වූ එක්සත් ජනතා නිදහස්  සන්ධානයල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණල එක්සත් ජාතික පක්ෂයල ජනතා විමුක්ති පෙරමුණ යන ඒවායෙහි  පක්ෂ නායකයින් සහ ඡන්ද අපේක්ෂකයින්ගෙන් කුඩා නියැදියක් හඳුන්වාදීමට වෙන්වෙයි.   එක් පක්ෂයකින් අපේක්ෂකයින් 44 ක් වේ.  ඉන් 25 දෙනෙකු පළමුවන (කොට්ඨාශ) ලැයිස්තුවෙන් සහ තවත් 19 දෙනෙකු අතිරේක  ලැයිස්තුවෙන් තරඟ කරයි. ඒ අනුව පක්ෂ හතරින්  අපේක්ෂකයෝ 176 දෙනෙක්ල   ආසන 41 ක් සඳහා ඉදිරිපත් වී සිටිති. ඔවුන්ගේ සම්පුර්ණ නාම ලේඛනය සහ යම් මූලික තොරතුරු ඡන්දදායකයන්ගේ දැන ගැනීම පිනිස මෙම .ද කැන්ඩි නිවුස්. ඡන්ද අතිරේකයේ පිටුවල පළ කර තිබේ.
 
ඊට අමතරව එක් එක් පක්ෂයෙන් පෙනී සිටින අපේක්ෂකයින් කිහිප දෙනෙකු පිළිබඳ කෙටි හැදින්වීමක් මෙහි පළ කරමු. ඔවුන් තෝරා ගැනීමේදි අප පහත සඳහන් ප්‍රධාන නිර්නායක භාවිතා කෙළෙමුත පක්ෂ හතර අතර සමබරතාවක් රැකීම සඳහා ජ්‍යෙෂ්ඨ/ නවකල  කාන්තා / පුරුෂ සහ සිංහල / මුස්ලිම්/ ද්‍රවිඩ යන ජාතීන්ගේ නියෝජනය එම නිර්නායකයන් වේ. ඒ අනුව සියලුම අපේක්ෂකයින් කෙටි හැඳින්වීම සඳහා සුදුසුකම්  ඇති බව අපි දනිමු. එහෙත් ප්‍රායෝගික කළ හැකි වූයේ අපට තිබූ ඉතා කෙටි කාලය තුළ ඉක්මනින් තොරතුරු ලබා ගැනීමට  හැකිවු කිහිප දෙනෙකු  මෙම කාර්යය සඳහා තෝරා ගැනීමයි.  ඒ සඳහා කිසිම කෙනෙකු හෝ පක්ෂයක් කිසිම ගෙවීමක් කර නැති බවට ද කැන්ඩි නිවුස් විවෘතවම සහතික කරයිග 
 

 නායකයෝ

ජනතා විමුක්ති පෙරමුණල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස්  සන්ධානය තම පක්ෂය ඉදිරිපත් කරන කණ්ඩායමේ නායකයා නිල වශයෙන් නම් කර තිබේ. පක්ෂය ජය ගතහොත් එහි නායකයා නගරාධිපතිවීමට අපේක්ෂා කරයි. ඒ අනුව එම පක්ෂ තුනේ නායකයින් සමග කළ සාකච්ඡා ඇසුරෙන් සකස් කරන ලද කෙටි හැඳින්වීමක් මෙහි පළකර තිබේ.  එක්සත් ජාතික පක්ෂය නිල වශයෙන් කණ්ඩායම් නායකයෙකු නම් කර නොමැත. පක්ෂය ජය ගතහොත් ඡන්දයට පසු එක් අයෙකු නගරාධිපති ලෙස නම් කරන බව කියයි.
 
එම පක්ෂයෙන් තරඟ කරන තිදෙනෙකු නගරාධිපති බලාපොරොත්තු තිඛෙන බව ඔවුන් මෙම පුවත් පත සමග හා සමහර වෙනත් ප්‍රකාශනවලත් නොපැකිළව පවසා ඇත. ඉන් දෙදෙනෙක් හිටපු නගරාධිපතිවරු වෙති. තෙවැන්නා නියෝජ්‍ය නගරාධිපති ලෙස සහ වැඩබලන නගරාධිපති ලෙස සේවය කර තිබේ. ඔවුන් තිදෙනාම පිළිබඳ කෙටි හැඳින්වීමක් මෙහි පළවේ. 

යහපාලන රජය භීෂණය නැති කර සංවර්ධනය රටට ගෙනාවා

හිටපු නගරාධිපති එක්සත් ජාතික පක්ෂයේ මුල්ගම්පල අපේක‍ෂක රාජා පුෂ්පකුමාර

රටේ පැවති භීෂණය නැති කෙළේ වත්මන් රජයයිග  නොබියව රජය විවේචනය කළ හැකි ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයක් ඇතිකර තිඛෙනවා. රාජපක‍ෂ රජය ලබාගත් ගෙවන්නට බැරි ණය කෙසේ හෝ ගෙවා දමමින් සංවර්ධනයට යොමු කොට යහපත්  පරිපාලනයක්  පිහිටුවීමට වත්මන් රජයට හැකිවුණාග කොළඹ - මහනුවර අධිවේගී මාර්ගය කඩිනමින් නිම කිරීමට කටයුතු කරන්නේ අපේ රජයයි.
 
රනිල් වික්‍රමසිංහ මහතා  මහ බැංකු බැදුම්කර ප්‍රශ්නයට සම්බන්ධ  බවට නීතීයෙන් පිළිගත හැකි කිසිම සාක‍ෂියක් නැහැ. කාන්තාවන්ගේ ඉදිරි ගමනට ඉමහත් පිටුවහලක් වන පළාත් පාලන ආයතනවල 25% ක කාන්තා නියෝජනය හදුන්වා දුන්නේ අගමැතිවරයාගේ සංකල්පයක් අනුවයිග
 
යහපාලන රජය  විවේචකයන්ට එසේ පිළිතුරු සපයමින් අප සමග සාකච්ඡාවකට එක්වූයේ  එක්සත් ජාතික පක‍ෂයෙන්  මෙවර මහනුවර නගර සභාව ජයග්‍රහණය කොට  නගරාධිපතිවීමේ අපේක්ෂාවෙන් මුල්ගම්පොල ආසනයට තරග කරන රාජා පුෂ්පකුමාර මහතාය.
 

යහපාලන රජය භීෂණය නැති කර Continued ...........

රාජා - කේසර සේනානායක සහෝදර සටන “ මල්ලි සමහර ඡන්දවලින් පරාජය වුනා” රාජා කියයි

මෙවර මහනුවර මහ නගර සභා ඡන්දයේ ඡනතා කුතුහලයට තුඩු දෙන  කැපී පෙනෙන සටනක් ලෙස මතුවී තිඛෙන්නේ එකම පවුලේ වැඩිමහල් සහෝදර රාජා සේනානායක සහ බාල සහෝදර කේසර සේනානායක මහත්වරුන් අතර මහයියාව කොට්ඨාශය සඳහා කෙරෙන උණුසුම් සටනයි. 
 
රාජා සේනානායක මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත් වන අතර කේසර සේනානායක මහතා එක්සත් ජාතික පක‍ෂයෙන් ඉදිරිපත් වෙයි. මහනුවර නිදහස් දේශපාලන ඉතිහාසයේ කැපී පෙනෙන දේශපාලන පරපුරක් වනල සේනානායක පවුලේ සාමාජිකයන් වන මෙම දෙපළ හිටපු නගරාධිපති (1950-51)  (1956-60) (1964-68),  මහනුවර පාර්ලමේන්තු මන්ත්‍රී (1952-53) (1960-1977) කැබිනට් අමාත්‍ය  (1968-70)(1977-82)කථානායක  (1983)88- සහ උතුරු මැද (1989-94) සහ මධ්‍යම (1994-98)  පළාත් සභා ආණ්ඩුකාර  ඊ.එල්.සේනානායක (1920-2000)  මහතාගේ පුතුන් වෙති.
 

රාජා - කේසර සේනානායක Continued ....

සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක‍ෂිකයන් වන්නේ අපියි

මහවැලි උයන අපේක‍ෂක සේන දිසානායක

“වර්තමාන ජනාධිපතිතුමා ඉකුත් මැතිවරණයට පෙරත් පසුවත් එම පක‍ෂයට සම්බන්ධ වන ලෙස ඉල්ලීමක් කළා. නමුත් මම සම්බන්ධ වුයේ නැහැ. ශ්‍රී  ලංකා නිදහස් පක‍ෂයේ සැබෑ ප්‍රතිපත්ති තිඛෙන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේයි. සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක‍ෂිකයන් වන්නේ අපියි. එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීන් එක් අයෙකු හැරෙන්නට අනෙක් හිටපු නාගරික මන්ත්‍රීවරුන් මෙවර පොදුජන පෙරමුණෙන් තරග කරනවා.” ද කැන්ඩි නිවුස් වෙත මෙසේ ප්‍රකාශ කෙළේ පොදුජන පෙරමුණෙන් මෙවර මහනුවර මහ නගර ඒසභාවට ඉදිරිපත්වන කණ්ඩායමේ නායකත්වය දරණ සේන දිසානායක මහතායි.
 
දිසානායක මහතා මහනුවර ඡන්ද දායකයන්ට මෙවර දෙන පණිවුඩයේ හරයේ ප්‍රධාන පැතිකඩ දෙකක් තිබේ. 2005 සිට 2015 දක්වා තිබු ශ්‍රී ලංකා නිදහස් පක‍ෂ පරිපාලනයෙන් රටට කළ සේවයත්, වත්මන් රජයෙන් රටට වෙනවායැයි ඔහු සලකන අවසේවයත්, එහි එක් පැති කඩකි.  රාජපක්ෂ  සමයේ නගරයට කළ සේවය එහි දෙවැනි පැති කඩ වෙයි. 
 
රාජපක‍ෂ පාලනය රටටම සෙතක්වු මනා පාලනයක් බව දිසානායක මහතා පවසයි. එකළ සිදුවුයේ ජනතාවට දැනෙන  සංවර්ධනයකිග රාජපක‍ෂ රජය ජනතා මුදල් 

සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක‍ෂිකයන් Continued ......

මහනුවර සංවර්ධනයට ජනතාව එක්සත් ජාතික පක‍ෂයට බලය දෙනවා

හිටපු නගරාධිපති එක්සත් ජාතික පක්ෂයේ මහයියාව  අපේක‍ෂක කේසර සේනානායක

එක්සත් ජාතික පක‍ෂයට එක් (2011) අවස්ථාවකදී පමණක් බලය අහිමිවුණත් ඉදිරියේදී එසේ වන්නේ නැහැ.  මහනුවර සංවර්ධනය කිරීමට හැකියාව තිඛෙන්නේ එජාපයට බව ජනතාව දන්නවාගඒ නිසා අනිවාර්යයෙන්ම මෙවර මහනුවර මහ නගර සභාවේ පාලන බලය හිමිවන්නේ එක්සත් ජාතික පක‍ෂයටයි. ඒ යටතේ අවුරුදු 75 ක කාලයක් සේනානායක පරපුර මහනුවරට කළ මහජන මෙහෙවර මටද සිදුකිරීමට ජනබලය නියත වශයෙන්ම ලැඛෙතැයි  අපේක‍ෂා කරනවා”  යැයි මහයියාව කොට්ඨාශයේ අපේක‍ෂක හිටපු පුරපති (2002-2006) කේසර සේනානායක මහතා ‘ද කැන්ඩි’ නිවුස් සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය. 

58 හැවිරිදි කේසර සේනානායක මහතා මහනුවර එක්සත් ජාතික පක්ෂ දේශපාලනයේ  නායකත්වය දශක පහක් දැරු ඊ.එල්. සේනානායක මහතාගේ පුතෙකි. ඊ. එල් සේනානායක මහතා වසර 15ක කාලයක් මහනුවර පුරපති ලෙසත්ල වසර 38ක කාලයක් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා වරින්වර  කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍යල සෞඛ්‍ය අමාත්‍යල පාර්ලිමේන්තුවේ කථානායකධුරය සහ පළාත් ආණ්ඩුකාර ධුරයද දැරු දේශපාලන දැවැන්තයෙකි.

කේසර සේනානායක මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය ලබා පසුව විදේශගත වී ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් නීති උපදේශක සහ මානව අයිතිවාසිකම් පිළිබඳ 

හිටපු නගරාධිපති එක්සත් ජාතික පක්ෂයේ Continued ......

දිගු ගමනක ප්‍රගතිය- නගර සභා කම්කරු සිට වැඩ බලන නගරාධිපති දක්වා

හිටපු වැඩබලන නගරාධිපති එක්සත් ජාතික පක්ෂයේ දෙයියන්නේවෙල අපේක‍ෂක සුමින්ද වික්‍රමසිංහ

“බොහෝ දේශපාලනඥයින් ඔවුන්ගේ අතීතය වසන් කිරීමට උත්සහ කරන බව ජනතාව දන්නවා. මම නගර සභා කම්කරුවෙකු ලෙස පහළින්ම පටන් ගෙන ස්වඋත්සහයෙන් මහනුවර වැඩබලන නගරාධිපති දක්වා උසස් වු කෙනෙක්. වාසනාව තිබුණොත් ජනතා සහය ඇතිව මීළග නගරාධිපති වෙන්නත් පුලූවන්.”  එසේ අපට පැවසුයේ මීට වසර 14කට ඉහතදී මහනුවර නාගරික දේශපාලනයට ඇතුල්වී 2010 පෙබරවාරි සිට ඔක්තෝබර් මාසය දක්වා වැඩ බලන නගරාධිපති ලෙසද 2006 සිට 2011 දක්වා නියෝජ්‍ය නගරාධිපති ලෙසද කටයුතු කළ දෙයියන්නේවෙල එක්සත් ජාතික පක්‍ෂ අපේක‍ෂක සුමින්ද වික්‍රමසිංහ මහතායි. 
 
 පනස් හත් හැවිරිදි වික්‍රමසිංහ මහතා මහනුවර ශාන්ත පාවුලූ විද්‍යාලයේ මුලික අධ්‍යාපනය ලබාගෙන ඇත. ඔහු පාසල් අධ්‍යාපනය නිමකළ පසු මහනුවර නගර සභාවේ කම්කරුවෙකු වශයෙන් සේවය කරමින් තම වෘත්තීය ජීවිතය ආරම්භ කළ බව අපට හෙළි කළේය. පසුව පුද්ගලික බස් සමාගමක සේවය කළ හෙතෙම ඉන්පසු සුලූ වෙළඳ ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. අද ඔහු කඩ තුනක් හිමි සාර්ථක ව්‍යාපාරිකයෙකි.
 
වික්‍රමසිංහ මහතාගේ බිරිඳ ගෘහණියක් වන අතර  දෙදෙනාටම දියණියන්  තිදෙනෙකු සිටී. එක් දියණියක් විවාහවී එංගලන්තයේ වාසය කරයි. දෙවැන්නාද විවාහවී ශ්‍රී ලංකාවේ පදිංචිව සිටී. තෙවැන්නා උසස් අධ්‍යාපනය සඳහා  සුදානම් වෙයි.
 

දිගු ගමනක ප්‍රගතිය-

ජවිපෙ හැර වෙනත් විකල්පයක් නැහැ. අපට බලය දුන්නොත් පොරොන්දු ඉටු කරනවාමයි

ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම් නායක හා අනිවත්ත දොඩම්වල කොට්ඨාශයේ අපේක්ෂක චන්ද්‍රසිරි විෙජ්නායක 
 
“අද ප්‍රධාන පක‍ෂ නිසා ජනතාව පීඩාවට පත්වෙනවා. ඔවුන් දුන් පොරොන්දු ඉටු කරයි කියා ජනතාව විශ්වාස කළත් කිසිදුු පොරොනදුවක් ඉටු නොවන තත්වයක් තමයි දැකිය හැක්කේ. අපි බොරු පොරොන්දු දෙන්නේ නැහැ. ජනතාව මුළා කරන්නේ නැහැ. රටේ අභිවෘද්ධිය උදෙසා ක්‍රියාත්මක කරනවා මිසල පුද්ගලික වාසි තකා වැඩ කරන්නේ නැහැ. ඒනිසා අපේ ජාතික වැඩපිළිවෙල යටතේ වඩා සාර්ථකව මහනුවර දියුණු නගරයක් බවට පත් කළ හැකියි.” මේ අදහස්  ප්‍රකාශ කෙළේ ස්වපක්ෂය සැබවින්ම අනෙක් ප්‍රධාන පක්ෂ තුනට වඩා රටට සුබවාදි යැයි තරයේ කියා සිටින ජනතා විමුක්ති පෙරමුණේ මහනුවර නගර සභා කණ්ඩායම් නායක චන්ද්‍රසිරි විෙජ්නායක මහතායි.
 

ජවිපෙ හැර වෙනත් විකල්පයක් නැහැ Continued .....

Sunday 23rd of September 2018. Joomla Templates Free. The Kandy News Online Edition - CMS Implementation: Webvision Sri Lanka.