මම නගර සභාවේ වැඩට ඇගිලි ගසන්නේ නැහැ. අවශ්‍ය උපදෙස් සහ ආධාර දෙනවා පමණයි.

තමා මහ නගර සභාවේ ක්‍රියාදාමයන් පිළිබඳව විමසිල්ලෙන් සිටිමින් එහි දියුණුව සඳහා අවශ්‍ය උපදෙස් සහ ආධාර ලබාදෙන බවත් එහි පරිපාලනයට ඇඟිිිලි නොගසන බවත්  ද කැන්ඩි නිවුස් පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගීවෙමින් මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා කීවේය.
 
(1987-88) පළාත් සභා පිහිටුවු පසු සියලූම පළාත් පාලන ආයතන එක් එක් පළාත් පාලන ආයතනය පිහිටි පළාතේ පළාත් සභාව යටතේ පාලනය වේ.)
 
අලූත් කොට්ඨාශ ක්‍රමය තිබුණු මනාප ක්‍රමයට  වඩා සුබවාදී ක්‍රමයක් බව ඒකනායක මහතා පවසයි. පැවති මනාප ක්‍රමය අනුව මහජන නියෝජතයින්ට සිය වගකීමෙන් මිදීමට ඇති අවස්ථාව ඉහළයි. කොට්ඨාශ නියෝජිතයා එහි ඡන්දදායකයන්ට කෙළින්ම වගකිව යුතුයි. 
 
කාන්තා නියෝජනය 25% දක්වා ඉහළ නැංවීම රට ලැබු ජයග්‍රහණයක් වශයෙන් හැඳින්විය හැකියි. දූෂණය අවමවීමට හා අරපිරිමැස්ම සඳහා දේශපාලනයට කානත්තාවන් වඩා හොදයි. 
 
මධ්‍යම පළාත් සභාවේ පළාත් පාලන ආයතන විෂය භාර කටයුතු කරන අමාත්‍යවරයා මමයි. යහපත් මුල්‍ය පරිපාලනය හේතුවෙන් මහනුවර මහ නගර සභාව වැඩි වශයෙන් ආදායම් උපයන ආයතනයක් බවට පත්ව තිඛෙනවා. ඒ නිසාම ඉකුත් වර්ෂයේ හොදම මහ නගර සභාව බවට පත්වීමට මහනුවර මහ නගර සභාවට අවස්ථාව හිමිවුණා.
 
අද පවතින බලවත් දේශපාලන පිල් ඛෙදීම ගැන අදහස් දැක්වු ඒකනායක මහතා මෙසේ කියා සිටියේය. රාජකාරී කටයුතු එකක්. දේශපාලන කටයුතු තවත් එකක්. දේශපාලනික වශයෙන් මම ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක‍ෂයේ. වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එහි සභාපතිත්වය හිමිව තිඛෙනවා. ඔහු යටතේ මම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙකු ලෙස ක්‍රියාකරනවා. 
 

“අපි මහනුවරට වැඩ කළා. පොහොට්ටුව මෙවර දිනනවා”

හිටපු නගරාධිපති මහේන්ද්‍ර රත්වත්තේ

හිටපු ජනාධිපති මහින්ද රාජපක‍ෂ මහතාගේ ඒකාබද්ධ විපක‍ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුුජන පෙරමුණ පොහොට්ටුව කණ්ඩායමෙන් මහනුවර නගර සභා ඡන්දය මෙවර ජයග්‍රහණය කරන බවට සහතිකයැයි හිටපු නගරාධිපති (2011-2015) මහේන්ද්‍ර රත්වත්තේ මහතා ද කැන්ඩි නිවුස් සමග පැවැත්වු සාකච්ඡාවකදී පැවසීය. ඔහුගේ සේවා කාලය තුළ ඉටුකළ වැඩ කොටසත්, රාජපක‍ෂ මහතාට විරුද්ධව නගන දූෂණය මුදල් වංචා සහ වෙනත් අවපාලන චෝදනා ඔප්පු කිරීමට ආණ්ඩුව මෙතෙක් අසමත්වීමත්ල සිරිසේන - වික්‍රමසිංහ ආණ්ඩුවේ යහපාලනයක් නොමැති වීමත් පොහොට්ටුව ජයග්‍රහණයට ප්‍රධාන හේතු  බව ඔහු තර්ක කරයි. 
 
රත්වත්තේ මහතාගේ වැඩිමහල් පුත් දිනුක් තුසාන්ත රත්වත්තේ (22) පොහොට්ටු කණ්ඩායමෙන් නවක  අපේක‍ෂකයෙකු ලෙස මාපනාවතුර කොට්ඨාශයෙන් තරඟ වදී.
 
 
ද කැන්ඩි නිවුස් : පළාත් පාලන මැතිවරණය සඳහා මෙවර නව ක්‍රමය පිළිබද අදහස කුමක්ද?
 
මහේන්ද්‍ර රත්වත්තේ මහතා: නව මැතිවරණ ක්‍රමය එක අතකින් තම තමන්ගේ කොට්ඨාශයට සේවය කිරීමට හොඳ අවස්ථාවක්. නමුත් හිටපු නගරාධිපති කෙනෙක් වශයෙන් නගරාධිපති 

“අපි මහනුවරට වැඩ කළා Continued ...........

අලුත් ඡන්ද ක්‍රමයේ අඩුපාඩු තිබුණත් එය මනාප ක්‍රමයට වඩා හොඳයි

හිටපු නගරාධිපති හරීන්ද්‍රනාත් දුනුවිල 

පළාත්පාලන ආයතනවලට මන්ත්‍රීවරුන් පත් කිරීමේදී කොට්ඨාශ ක්‍රමය වඩා සුදුසුයි. ග්‍රාමීය හා ප්‍රාදේශීය මට්ටමින් බදු ගෙවන ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීම මේ නියෝජිතයන් විසින් සිදුකළ යුතුයි. අතීතයේදී එවැනි මහජන නියෝජිතයන් ,මගේ මැම්බර් මහත්තයා , යනුවෙන් හඳුන්වා ආමන්ත්‍රණය කිරීමට ගම්වාසින් පෙළඹුණේ  තේරී පත්වු නියෝජිතයා සහ  ගම අතර තිබුණු සමීප සබඳතාවය නිසයි. ගම දියුණු කළ හැකි සුදුස්සෙක් ගමෙන් පත් කර ගත යුතුයි. ද කැන්ඩි නිවුස් සමග පැවති සාකච්ඡාවකදි එම අදහස් පළ කෙළේ 1989 සිට 1995 දක්වා මහනුවර දිස්ත්‍රිත්  එක්සත් ජාතික පක‍ෂ මන්ත්‍රීවරයෙකු ලෙස සහ ව්‍යවස්ථා කටයුතු පිළිබද රාජ්‍ය ඇමති ලෙසත් පසුව  1997 සිට 2002 දක්වා මහනුවර නගරාධිපති ලෙසත් සේවය කළ හරීන්ද්‍රනාත් දුනුවිල මහතාය.
නැවත වරක් කොට්ඨාශ ක්‍රමය භාවිතා කළත් මෙවර එහි යම් යම් අඩුලූහුඩුකම් දක්නට ලැඛෙනවා. ඒවා නම්, පක‍ෂය විසින් කොට්ඨාශ ක්‍රමය යටතේ අපේක‍ෂකයෙකු නම් කළද ඡන්දදායකයින් මනාපය ලබා දෙන්නේ අපේක‍ෂකයාට නොව පක‍ෂයටයි. මෙය දුර්වලකමක්. අපේක‍ෂකයාගේ නම හෝ අංකය සඳහන් වන්නේ නම් ඡන්ද දායකයාට අර්ථවත් මනාපයක් ලබා දිය හැකියි. මේ ක්‍රමය තුලින් ප්‍රබල වී තිඛෙන්නේ ඡන්දදායකයා නොව පක‍ෂයයි.
 
බහු ආසන සංඛ්‍යාවද යම් ගැටලූවක් බවට පත්වී තිඛෙනවා. නිදසුනක් ලෙස මහනුවර නගර සභා බල ප්‍රදේශයේ කටුකැලේ, මාවිල්මඩ හා ගාලේවත්ත ලෙස බහු ආසන තුනක් තිඛෙනවා. මෙම කොට්ඨාශවල එක් ඡන්දයකින් පුද්ගලයන් දෙදෙනෙකු බලයට පත්වන බැවින් එක් ඡන්දයක් නොව ඡන්ද දෙකක් ප්‍රකාශ කිරීමට ඇති හැකියාව පිළිබඳ අවධානය යොමු විය යුතුයි. 

අලුත් ඡන්ද ක්‍රමයේ Continued ...........

Tuesday 13th of November 2018. Joomla Templates Free. The Kandy News Online Edition - CMS Implementation: Webvision Sri Lanka.