නගර සභාව

Print

නාගරික කොන්ත්‍රාත් කරුවන්ගේ වැඩ ගැන අධීක‍ෂණයක් අවශ්‍යයි

නාගරික මන්ත්‍රී සරත් විජේ සිංහ මහතා
සරත් විජේ සිංහ සරත් විජේ සිංහ නාගරික කුණු අපචක්‍රීයකරණ වැඩසටහන සාර්ථකයි. ශ්‍රමදාන වැඩසටහනද හොඳින් ක්‍රියාත්මක වීම ෂතුටත්. කොන්ත්‍රාත් කරුවන්ගේ කෙරරෙන වැඩ පිළිබඳව දැඩි අධීක‍ෂණයක් අවශ්‍යයි. ඔවුනට කරන ගෙවීම් නගර සභාව මගින්ම සිදුකළ යුතුයි. දිස්ත්‍රික් සංවර්ධන කමිටුව නාගරික මන්ත්‍රීන්ගේ නියෝජනයක් අවශ්‍යයි. නිවාස ඉදිකිරීම් සඳහා අනුමත සැලසුම්  සඳහා දැනට ලබාදෙන කාලය දීර්ඝවිය යුතුයි. වේවැල්පිටිය ප්‍රජා ශාලාව  බර ඉසිලීම් ක්‍රීඩාව සඳහා සුදුසුද යන්න දෙවරක් සිතා බලන්න. නාගරික ගොඩනැගිලි අංශය දැනට වඩා ක්‍රියාකාරි විය යුතුයි.
(මෙහිදී නගරාධිපති මහින්ද්‍ර රත්වත්තේ මහතා විසින් 2012 -2011 වසර වල සැලසුම් කාලය පිළිබඳව කටයුතු කිරීමට දැනටමත් පියවර ගෙන ඇති බව සභාවට ප්‍රකාශ කරන ලදි.)

 

සින්නයියා සිවඥානම් මහතා (එ.ජා.ප.)
සින්නයියා සිවඥානම්සින්නයියා සිවඥානම්පල්ලේකැලේ ක්‍රීඩාංගණය එදා පොරොන්දු වු පරිදිම මුත්තයියා මුරලිදරන් යනුවෙන් නම් නම්කළ යුතුයි. නාගරික අනියම් සේවකයින්ගේ කාර්යශ=රතාවය ගැන ගැටළු නෑ. ඔවුන්ගේ සේවා ස්ථීරත්වය ඇති කිරීම අපේ වගකීමක්. පුස්තකාලවලට දෙමළ පත පොත මිලදී ගැනීමට ප්‍රමාණවත් මුදලක් අයවැයෙන් ලබා දිය යුතුයි.

 

 

 

වෙළඳපොළ අපායක්
විපක‍ෂනායක නෙරංජන් විජේරත්න  මහතා

නෙරංජන් විජේරත්නනෙරංජන් විජේරත්නමැණික්කුඹුර නාගරික වෙළඳ පොළ ඡාරාජීර්ණ වෙලා. ඒක අපායක්. ඒ අපායේ යමපල්ලෝ මත්වතුර බීලා රාජකාරි කරන්නේ. නගර සභාවට විවිධ ආයතන වලින් ලැබීමට ඇති බදුමුදල් අයකර ගත යුතුයි. නගර අලංකරණය වසාගෙන දැන්වීම් පුවරු නගරය ආක්‍රමණය කරලා. අලූත්පාර විවෘත වීමේදි පැරණි මාර්ගයට ප්‍රවේශවන ස්ථාන ගැන සැලකිය යුතුයි. නගරයට කොන්ක්‍රීට් ගල් වැඩ පලක් ලබාදී අපට අවශ්‍යතාවයන් ඉන් ඉටුකරගැනීම මෙන්ම රැකියා සම්පාදනයත් කළ හැකියි. මාළිගාව අසළ පොලිස් මුරපොල හා හමුදා මුරපොල ලෙස දෙකක් අනවශ්‍යයි. හමුදාව විෂ්ණු දේවාලය පිටුපස දැනට ඇති හමුදා ස්ථානය කරා ගෙන යන ලෙෂ යෝජනා කරනවා. මර්වින් සිල්වාගේ පුතා සමග අහුවුනේ මගේ සහෝදරයාගේ පුතෙකු බව මාධ්‍යයෙන් වාර්ථා කළා. එය වැරදියි.

 

රාජා පුෂ්පකුමාර මහතා (එ.ජා.ප.)
රාජා පුෂ්පකුමාරරාජා පුෂ්පකුමාරමහජනතාව අපහසුවෙන් ජීවන බරින් මිරිකී ජීවත්වෙනවා. නගර සභාව ජල බිල්පතට අත නොතැබිය යුතුයි. පළාත් මැතිවරණයට අඩුකළ අත්‍යාවශ්‍ය ආහාර නැවත ඉහළ ගිහින්. මේකාලෙට මිනිසුන්ට බදු වැඩි නොකර අප උදව් කළ යුතුයි. පාසල් සංවර්ධන සමිති හරහා පාසල්වලට මුදල් එකතු කිරීම වැරදයි. අධ්‍යාපන ගැටළුව වහා විසඳීමට පියවර ගත යුතුවන්නේ මේ රටේ අනාගතය පිළිබඳව යථාර්තවාදීව සලකා බැලීමෙන්.
    
 

 

වැසිකිළි උතුරා යනවා
වරුණ ලියන්ගේ මහතා (එ.ජා.ප.)

වරුණ ලසන්ත ලියනගේවරුණ ලසන්ත ලියනගේවාහන රථගාලට වාහනයක් ඇතුලූ කළ පමණින්ම මුදල් ගැනීම වැරදියි. පැරණි ජාතික පොළ අසළ වැසිකිළි උතුරා යනවා. පරිසරයම දූෂිතයි.

 

 

 

 

 

කේසර සේනානායක මහතා (එ.ජා.ප.)
කේසර සේනානායකකේසර සේනානායකමළවුන්ට ගරු කිරීමේ පාඩම එදා අපට කියා දුන්නේ එංගලන්තයේ ලෝඩ් ලෙන් නාථ මහතායි. ඔහු අමුත්තෙකු ලෙස සහභාගිවු අවස්ථාවක දෛනික වැඩසහටන ප්‍රමාදවීම නිසා යුධ සොහොන්කොත් නැරඹීමේ කාල පරිච්ඡේදය අප වැඩසටහනින් ඉවත් කළා. ලෝඩ් ලෙන්නාථ මෙය දැනගෙන අපට දුන් අවවාදය අදත් අපේ මතකයේ දෝංකාර දෙනවා. අප මළවුන්ට ගරු කළ යුතු බව ඔහු පවසනවා. නුවර නගරයේ ඇති දැන්වීම් පුවරු නගර අලංකාරයට බාධාවක්. වැව සංවර්ධන කටයුතු ලෝක උරුම තත්වයන්ට ගැලපෙන ලෙසින් සිදු කළ යුතුයි.

 

 

ආනන්ද සිරිවර්ධන මහතා (එ.ජා.ප.)
හෝටල් වලට ශ්‍රේණි ලබාදීම හොද වැඩක්. නුවරින් බාහිර අය බිම් කුළී ගෙවා පිට්ටනිවල ලී බඩු විකිණීම ස්ථීර ව්‍යාපාරකයින් අපහසුවට පත් කරවන්නක්. ගෙවල් සෑදීම වසරින් කරන්න නාගරිකයින්ට බෑ. ඒ නිසා සැලසුම්වල අනුමත කාලය දිගු කළ යුතුමයි.

 

ආනන්ද සරත් කුමාර මහතා (එ.ජ.නි.ස.)
ආනන්ද සනත් කුමාරආනන්ද සනත් කුමාරබදු ගෙවන ත්‍රීවිලර්කරුවන්ට පහසුකම් ලබාදීම යුතුකමක්. ඉඩම් අංශය ළමුන් පළමු ශ්‍රේණියට ඇතුලත් කිරීමට ලිය කියවිලි ඉල්ලන නාගරිකයින්ට සේවාවන් ලබාදීමේදී කාර්යක‍ෂම විය යුතුයි. ගවමස් පිටින් ගෙනත් අලෙවි කරනවා නම් බාර්ද වසා ඒවා අවශ්‍ය අයට පිටින් ගෙන ඒමට කීම හොඳයි. පේව්මන්ට් වෙළඳුන්ගේ භාණ්ඩ අත් අඩංගුවට ගැනීමේදී ප්‍රමාණ සඳහා ලිය කියවිළි තබා ගත යුතුයි. හැකිපමණ ඒවා නිදහස් කරගැනීමට කාලයදී අල්ලාගත් ප්‍රමාණයම නැවත වෙළඳුන්ට ලබාදීම අවශ්‍යයි. පැරණි අලි නාවන තොටුපොළ සක්‍රීය කළ යුතුයි. ඒ අසල වැලි ගොඩදැමීම නීති විරෝධියි.
(මෙහිදී නගරාධිපතිතුමා දැඩිව ප්‍රකාශ කළේ පදික වෙළඳුන් පදික වේදිකාවෙන් ඉවත් කිරීම සඳහා නාගරික සේවකයින් ගන්නා වෙහෙස අපේ අගැයීමට ලක්විය යුතු බවයි. ඔවුන් අධෛර්්‍යය කිරීම සුදුසු නැහැ. ඒත් අත් අඩංගුවට ගන්නා භාණ්ඩ ප්‍රමාණය පිළිබඳව දත්ත තබා ගත යුතුයි යනුවෙන්ද නගරාධිපතිවරයා පැවසීය.)

ක්‍රීඩා භූමි අංශය අක්‍රීයයි
සුුුමින්ද වික්‍රමසිංහ මහතා (එ.ජා.ප.)

සුමින්ද වික්‍රමසිංහසුමින්ද වික්‍රමසිංහනාගරිකයින්ට සේවා ලබාදෙන නාගරික ආයතන කාර්යක‍ෂමවීම අවශ්‍යයි. ජනතාව පීඩා විඳීම් අපිට ඉවසන්නන බැහැ. නාගරික නිලධාරින් මහජන සේවයේදී අවංකවීම වැදගත්. කුණු බැහැර කරන්නන් හෝටල් අවන්හල්වලට ප්‍රමුඛතාවය දී කුණු ගැනීම අනුමත කළ නොහැක්කක්. ක්‍රීඩා භූමි අංශය අක්‍රීයයි. මේ ඡන්ද ක්‍රමය මනාප ක්‍රමය වහා වෙනස් විය යුතුයි.

 

 

 

ඉලාහි ආබ්දීන් මහතා (එ.ජා.ප.)
ඉලාහි අබ්දීන්ඉලාහි අබ්දීන්මහජන මන්ත්‍රීවරුන්ගේ පැමිණිලිවලට නාගරික නිලදාරින් කඩිනම් ප්‍රතිචාර දැක්වීම අවශ්‍යයි. මීටර් ගාස්තු, විදුල් ජල බිල් සැකසීමේදී නිවසේ ඒකක අනුව මිළ අය කිරීමේදී අපි ප්‍රායෝගිකවීම අවශ්‍යයි. නාගරික සංවර්ධන අධිකාරිය සම්මත කරන විවිධ නීතිරීතිවලට අපි සටත් වීම අනවශ්‍යයි. ඉදිකිරීම් වලදි නගර සභාව ජනතා ප්‍රශ්න හඳුනාගත යුතුයි. නාගරික අඩුආදායම් නිවාස සඳහා ක්‍රමවත් සංවර්ධන සැලැස්මක් අවශ්‍යයි. සැලසුම් පිළිබඳව කටයුතු කිරීමේදී වග කිවයුතු නිලධාරින් විනිවිද බවින් යුක්තවීම වැදගත්.

 

 

අස්මින් මරික්කාර් මහතා (ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය)
අස්මින් මරික්කාර්අස්මින් මරික්කාර්අධ්‍යාපනය අද විශාල ව්‍යාපාරයක් වෙලා. විශ්වවිද්‍යාල සටන පිළිබඳව විවිධ මතවාද තිඛෙනවා. මහනුවර නගරයේ ප්‍රතිපත්ති ගරුක බෞද්ධයෙකුට නිර්මාංශ ආහාර ගැනීමට තැන් ඇත්තේ එකයි. මුස්ලිම් අයට හා හින්දු අයට හලාල් හා හින්දු ක්‍රමයට විශ්වාසයෙන් ආහාර ලබාගත හැකියි. මේ අයිතීන් වෙනුවෙන් මම හැමදාමත් කථා කළා.

 

 

ඡන්ද ක්‍රමය වෙනස්විය යුතුයි
නියෝජ්‍ය නරගාධිපති සේන දිසානායක මහතා

සේන දිසානායකසේන දිසානායකමැණික්කුඹුර වෙළඳපොලේ තත්වය පිලබිඳව මතුවු තර්ක සත්‍යයි. එය නිවැරදිව කිරීමට අවස්ථාවක් ඒ අයට දිය යුතුයි. මෙවර අයවැය සකස් කිරීමේදී හැම කෙනෙකුටම සවන්දී එය සකසනවා. අපි සහයෝගයෙන් සභාවේදී වැඩ කරනවා. මේ ඡන්ද ක්‍රමය වහා වෙනස්විය යුතුයි. ත්‍රස්තවාදීන් යහමගට ඇවිත් ඇත්නම් ඒ ප්‍රවාහයට අපි ප්‍රජාතන්ත්‍රවාදීව කැමති අදහසක් ප්‍රකාශ කිරීමට, රැස්වීමට කටයුතු කිරීමට ඉඩ දිය යුතුයි. බලයටඒමට දුන් පොරොන්දු අපේ කාලෙ සීමාව තුළ ඉෂ්ට සිද්ධ කරනවාමයි.

 

 

සංජීව හුලංගමුව මහතා (එ.ජ.නි.ස.)
සංජීව හුලංගමුවසංජීව හුලංගමුවකොළඹ වීදියේ ප්‍රධාන වෙළඳපොල කිහිපයක් මළ අපද්‍රව්‍ය කොළඹ වීදියේ ප්‍රධාන කාණුවට ගලායාම හෙළා දකිනවා. බලපත්‍ර රහිත ත්‍රීරෝද රථ ක්‍රමවත්ව නගරයෙන් ඉවත් කළ යුතුයි. ආයුර්වේද සායන ජිම් ආදිය නාගරිකයින්ට ප්‍රයෝජනයි. නාගරික ක්‍රීඩාංගණ මධ්‍යම රජයේ සහාය ඇතිව දියුණු කළ යුතුයි.

 

 

සුමින්ද වික්‍රමසිංහ මහතා සමාව අයදියි
(සභාව අවසානයේදී සුමින්ද වික්‍රමසිංහ මන්ත්‍රීවරයා ඇමතු නගරාධිපතිවරයා පැවසුයේ නිළදාරින්ට දෝෂාරෝපණය  කිරීමේදි සංවරව ආචාරශීලීව එය සිදුකළ යුතු බවය.) පසුව නිලධාරින්ට ර්‍ණඋන්” යනුවෙන් කල ඇමතීම සුමින්ද වික්‍රමසිංහ මහතා විසින් ඉල්ලා අස්කර ගත් අතර මාධ්‍යය සභාවෙන් ඉවත් කොට සභාව දැඩිව විවේචනය කරමින් පැවැත්විය යුතු බවට කළ අදහසද ඔහු විසින් ඉවත්කර ගන්නා ලදි.)
 

Monday 20th of November 2017. Joomla Templates Free. The Kandy News Online Edition - CMS Implementation: Webvision Sri Lanka.