රටේ දේශපාලනයත්, නගරයේ සංවර්ධනයත් සාකච්ඡාවට ලක්වේ

Print

"මහයියාව සුසාන භූමිය විධිමත්ව පවත්වාගෙන යාම සඳහා මෙන්ම අලංකාරව තබා ගැනීම සඳහා ජනතා සහයෝගය බලාපොරොත්තු වෙනවා"
මහනුවර නගරාධිපති මහීන්ද්‍ර රත්වත්තේ (එ.ජ.නි.ස) මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා මහනුවර මහ නගර  සභා ශාලාවේ පැවති මාසික රැස්වීමේදී ඒ මහතා ඉහත කී ඉල්ලීම කළේය.

සුමින්ද වික්‍රමසිංහ (එ.ජා.ප)
සුමින්ද වික්‍රමසිංහසුමින්ද වික්‍රමසිංහඑක්සත් ජාතික පක‍ෂයේ නියෝජ්‍ය නායකධුරයට සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීම හේතුවෙන් පක‍ෂයේ නව පිබිදීමක් ඉතා ඉක්මණින් ඉවත්වේවි. පාක‍ෂිකයන් දීර්ඝ කාලයක් බලාපොරොත්තුව සිටි මෙම තීරණය ගත්  පක‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට අපේ ස්තූතිය පුද කරනවා
විලියම් ගොපල්ලව මාර්ග සංවර්ධන ව්‍යාපෘතියට අපි විරුද්ධ නෑ. හැබැයි ජල සැපයුම් ලබාදීමේදී අධික ගාස්තු අය කිරීමට අපි විරුද්ධයි. මහයියා සුසාන භූමිය අලංකාරව විධිමත් ආකාරයෙන් ප්‍රති සංස්කරණය කිරීම ඉතා හොඳ කටයුත්තක් වශයෙන් අපි දකිනවා

රාජා පුෂ්පකුමාර මහතා (එ.ජා.ප)
රාජා පුෂ්පකුමාරරාජා පුෂ්පකුමාරමහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම ඉතාමත් අපිරිසිදුයි. අක්‍රමවත්ව පිහිටි මෙම ස්ථානයේ අනවසර වෙළෙන්දෝ වැහි වැහැලා. සමාජ විරෝධි ක්‍රියා සිදු වෙනවා. මහජනතාවට පීඩා ගෙන දෙන කටයුතු සිදු වෙනවා. අනවසර තාවකාලික වෙළඳ සැල් දිනෙන් දින වැඩි වෙනවා. සමහර වෙළෙන්දෝ ජනතාවට තර්ජනය කරනවලූ. මේ පිළිබඳව විශේෂ අවධානය කඩිනමින් යොමු කරන්න. දැන් එක්සත් ජාතික පක‍ෂය නව පිබිදීමකින් ඉදිරියට එනවා. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවු විට අගමැති වෙන්නේ සජිත් ප්‍රේමදාස මහතායි. පක‍ෂය සමගි කළ මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට අපේ ප්‍රණාමය පුදනවා.

 

නගරාධිපති මහීන්ද්‍ර රත්වත්තේ මහතා

නගරාධිපති නගරාධිපති ගුඩ්ෂෙඩ් බස් නැවතුමේ එක් කොටසක් මහ නගර සභාවට අයිති වුනාට තව කොටසක් අයත් වන්නේ මගී ප්‍රවාහන අධිකාරියටයි. කෙසේ වුවත් ලෝක බැංකු ආධාර යටතේ මේ ප්‍රදේශය සංවර්ධනය කරන්න සැළසුම් කරනවා.

විපුල රණසිංහ මහතා (එ.ජා.ප)
ප්‍රේමදාස ජනාධිපතිතුමා මහ නගර සභාවට පල්ලේකැලේ ප්‍රදේශයෙන් ලබා දුන් ඉඩම පිටස්තරයන් අනවසරයෙන් අල්ලාගෙන. නගර සභාවේ සහය ඇතිව විදුලිය ලබාගෙන තියෙනවා මේ ගැන හොයල බලන්න. මැණික්කුඹුර වෙළඳ සංකීර්ණයේ කඩ කාමර නැති අයටත් බදු මුදල් ගෙවන්න කියලා නගර සභාවෙන් ලියුම් එවල තියෙනවා. මේ හුණ්ඩු වගේ කඩ ඇතුළට කාන්තාවන් යන්න බයයි. එළවළු පළතුරු වෙළෙන්දෝ කටුගස්තොට පදික වේදිකාව ආක්‍රමණය කරලා ජනතාවට හිරිහැර වෙනවා.

නගරාධිපති මහීන්ද්‍ර රත්වත්තේ මහතා
මැණික්කුඹුර වෙළඳ සංකීර්ණය විධිමත් ආකාරයෙන් සංවර්ධනය කරන්න අපි කටයුතු යොදා තිඛෙනවා. මහනුවර මධ්‍යම වෙළඳ පොලේ ඇතැම් ව්‍යාපාරිකයන් නාගරික කොමසාරිස්තුමාට හා නිලධාරීන්ට තර්ජනය කර තිඛෙනවා. අපි ඒ තර්ජනවලට බය නැහැ. මුහුණ දෙන්න සුදානම්.

ආනන්ද සිරිවර්ධන මහතා (එ.ජා.ප)
ආනන්ද සිරිවර්ධනආනන්ද සිරිවර්ධනකටුකැලේ පේරාදෙණිය මාර්ගයේ පදික වේදිකා සංවර්ධනය කිරීමේදී වෙළඳ සැල් හා නිවාසවලට ප්‍රවිශ්ඨවීමේ විශාල අපහසුතාවයන් උද්ගත වෙලා පදික වේදිකාව ගොඩක් ඉහළින් සකස් කොට තිඛෙනවා. මහනුවර දෙවැනි රාජසිංහ මාවතේ ජල පොම්පාගාරය අසළ නගර සභාවට අයත් ඉඩම් අනවසරයෙන් අල්ලාගෙන සිටින පුද්ගලයන් දැන් අනවසර ඉදි කිරීමක් කරනවා.

නගරාධිපති මහීන්ද්‍ර රත්වත්තේ මහතා
ඒ ඉඩම පුද්ගලික ඉඩමක් බවයි මට වාර්තා වෙලා තියෙන්නේ. පසුගිය පාලන සමයේ දංගොල්ල ප්‍රදේශයේ පමණක් අනවසර ගෙවල් 264ක් හදලා.

 

විපක‍ෂ නායක නෙරංජන් විජේරත්න මහතා
නෙංජන් විජේරත්න නෙංජන් විජේරත්න මහනුවර මහ නගර සභාව මගින් මධ්‍යම වෙළඳපොලේ මුද්‍රා තබපු කඩ පහක මුද්‍රා කඩපු ව්‍යාපාරිකයෙක් නාගරික කොමසාරිස්තුමාට හා ආදායම් නිලධාරීන්ට බැණ වැදී මරණ තර්ජනය කොට තිඛෙනවා. පොලීසිය පැමිණිලි කළත් අත් අඩංගුවට අරගෙන නැහැ. මහනුවර පොලීසිය නිසියාකාරව නීතිය කරන්නේ නැත්නම් පොලිස්පතිවරයාට පැමිණිලි කරන්න. රස්තියාදු කාරයන්ට මහනුවර ලෝක උරුම නගරය පාලනය කරන්න ඉඩ තියන්න එපා. නගර සභා නිලධාරින් පෙරහැර කාලෙට දන්සැල් දාන්න කියලා ව්‍යාපාරිකයන්ගෙන් හාල්, අල, බී ලුණු, ඉල්ලනවා. හන්දිගානේ ගිහින් මේ කරන වැඩේ නවත්වලා මේ වගේ සුභ සාධක කටයුතුවලට අරමුදලක් ආරම්භ කරන්න. බොහෝ ව්‍යාපාරිකයින් මේකට කැමති නැහැ.
    මහනුවර කළාප 02 කාණු නඩත්තුවට රුපියල් ලක‍ෂ 98කට ආසන්න මුදලක් ලබාදී තිඛෙනවා. මේ කටයුතු නිසියාකාරව සිදු වෙනවද කියලා අධීක‍ෂණය කරන්න. අපේ එක් මන්ත්‍රීවරයෙකුගේ ක්‍රියා කලාපය හේතුවෙන් අධිකරණයට බාධා කිරීමේ චෝදනාව මත මන්ත්‍රීවරු 24 දෙනාම අමාරුවේ වැටෙන් පුළුවන්. මේ පිළිබඳව නගරාධිපතිතුමා සමග පුද්ගලිකව කතා කරන්න අවස්ථාවක් සලසා දෙන්න.

අස්මින් මරික්කාර් මහතා (මු.කො)
අස්මින් මරික්කාර්අස්මින් මරික්කාර්ආණ්ඩුවට මේ රැල්ල යන්නේ ජනාධිපතිතුමාගේ ආකර්ශනය පවතිනකම් විතරයි. මේ ආකාරයට කටයුතු කළොත් ඉදිරි මැතිවරණයේදී නගර සභාවේ බලය නැවතත් එක්සත් ජාතික පක‍ෂයටම යනවා කියල මම අනාවැකියක් කියන්නම්.

ආනන්ද සනත් කුමාර මහතා (එ.ජ.නි.ස)
සාමාන්‍ය සිරිත වැසිකිළියට පෙර වල සාදා නිම කිරීම වුවද නගර සභාවෙන් වල නොමැතිව වැසිකිළියක් පමණක් හදල තියෙනවා. මහනුවර නගරයේ නැවතත් අංක තහඩු නැති ඩිපෙන්ඩර් සැරි සරනවා කියලා මාධ්‍යවල පලවෙලා අපි දැක්කා. නැවතත් මහනුවර ප්‍රදේශයට ඩිපෙන්ඩර් භීතිකාව. ඩිපෙන්ඩර් සංස්කෘතියකට එන්න ඉඩ තියන්න එපා. විපක‍ෂයෙන් ඡන්දය ඉල්ලලා වැඩි මනාප අරගෙන ජනප්‍රිය වෙන අය කිසි කරදරයක් නැතිව මෙ පැත්තට එනවා. සමහර විට හරින් ප්‍රනාන්දු මහත්තයත් හෙට අනිද්දාට අපේ පැත්තෙ ඉදීවි. ඒ අය මේ පැත්තට ඇවිල්ල හොදට ගසා  කකා රජ වෙනවා. මොකුත් ප්‍රශ්න නෑ. ඒකයි අපේ හිතට අමාරු. එක්සත් ජාතික පක‍ෂයෙන් ආණ්ඩුව පැත්තට ආපු සියලූ ඇමතිවරු දැන් කෝටිපතියෝ. ශ්‍රී ලංකා නිදහස් පක‍ෂයේ ප්‍රබල පාක‍ෂිකයන් වශයෙන් අපිට තියෙන කණගාටුව ඒකයි.

නියෝජ්‍ය නගරාධිපති සේන දිසානායක මහතා (එ.ජ.නි.ස)
ඌව පළාත් සභා මැතිවරණ ප්‍රතිඵලය පිළිබඳව මම සතුටු වෙනවා. මේකෙන් රජයටත් හොඳ පණිවිඩයක් දීලා තිඛෙන්නේ කැබිනට් ඇමතිවරු දෙදෙනෙකුටම ජනතාව හොඳ පාඩමක් උගන්වලයි. සේන දිසානායකසේන දිසානායකමහජනතාව එකක් නොමැති වැරදි කරන දේශපාලනඥයින්ට නියම උත්තරයක් ජනතාවදී තිඛෙනවා. බදුල්ල, හාලි ඇල ආසන පරදින්න හේතු තිඛෙනවා. ජනතාව සමග නොමැති දේශපාලඥයන් තමයි පරදින්නේ. මේ රටේ ඌව ජනතාව හොඳ තීරණයක් දී තිඛෙනවා. අපේ ඇතැම් ඇමතිවරු බලය නිසා අනවශ්‍ය ආකාරයෙන් හැසිරෙනවා. මහජනතාව සමග නොමැති දේශපාලඥයන් ඉවත් කොට ජනතාව සමග සිටින අය සමග මේ ගමන යා යුතුයි. ඉදිරි ජනාධිපතිවරණයට මොන අපේක‍ෂකයෙක් ඉදිරිපත් වුනත් ජනාධිපතිතුමා මහින්ද රාජපක‍ෂ මහතාමයි. ඒක වෙනස් කරන්න කිසිවෙකුට හැකියාවක් නැහැ.

ඉලාහි ආබ්දීන් මහතා (එ.ජා.ප)
ඉලාහි ආබ්දීන්ඉලාහි ආබ්දීන්යුද්ධයේ ගින්න අවසන් කළත් ජනතාවගේ බඩගින්න අවසන් කරන්න නිසි වැඩ පිළිවෙලක් මේ රජයට නැහැ. හැමදාමත් යුද්ධය විකූණගෙන කාලා දිනන්න බැහැ. රජයේ ගමන් මාර්ගය වෙනස්කොට ජනතාවාදී ගමනක් යා යුතුයි.

නගරාධිපති මහීන්ද්‍ර රත්වත්තේ මහතා
රට දැවැන්ත සංවර්ධණයක් කරා රැගෙන යන වර්ථමාන රජය ජනතාවගේ ආර්ථීක සංවර්ධනය සඳහාත් විධිමත් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ඉතා ටික කලකින් එහි ප්‍රතිලාභ ජනතාවට අනිවාර්්‍යයෙන්ම හිමි වේවි.
 

Tuesday 27th of June 2017. Joomla Templates Free. The Kandy News Online Edition - CMS Implementation: Webvision Sri Lanka.