මධ්‍යම පළාතට කීර්තියක් ගෙනදෙන පාරම්පරික කර්මාන්ත හා කර්මාන්තකරුවන් රැකගත යුතුයි

Print

පාර්ලිමේන්තු කැබිනට් මණ්ඩල අනුමැතිය මත මධ්‍යම පළාත් සභාව සඳහා නව අධීක‍ෂණ මන්ත්‍රීවරු තිස් තුන්දෙනෙකුට පත්වීම් ලබාදුන් බවද මෙම මන්ත්‍රීවරුන්ගේ ගෙවීම් සඳහා අවශ්‍ය රුපියල් පහළොස් ලක‍ෂ අසුහතරදහසක මුදල අමාත්‍යාංශ පුනරාවර්තන වියදම් මුදල් යටතේ ලබා ගැනීමට කටයුතු යොදා ඇති බවද මධ්‍යම පළාත් සභා ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පැවසීය.
    සභාපති මහින්ද අබේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මහනුවර පල්ලේකැලේ පිහිටි මධ්‍යම පළාත් සභා පරිශ්‍රයේදී පැවති සභා රැස්වීමේදී මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ලකී ජයවර්ධන (එ.ජා.ප) මහතා විසින් අසන ලද පැනයකට පිළිතුරු දුන් ප්‍රධාන අමාත්‍යවරයා ඉහත පැහැදිළි කරීම කළේය.

බන්දුල යාලේගම මහතා (එ.ජ.නි.ස)
ජාතික ඵලදායිතා සමස්ත ලංකා රාජ්‍ය දෙපාර්තමේන්තු තරගයෙන් මධ්‍යම පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රථම ස්ථානය දිනා ගත්තා. පළාත් සෞඛ්‍ය ආයතන රැසක්ද එම තරගයෙන් ජයග්‍රහණය ලබා ගත්තේ විවිධ අඩු පාඩුකම් හා කාර්ය මණ්ඩල විශාල හිගZයක් පවා පැවතියදීයි. මේ සඳහා දායකත්වය ලබා දුන් සියලූදෙනාට මා ස්තූතිය පුද කරනවා.

ප්‍රමිත බණ්ඩාර මහතා (එ.ජ.නි.ස)
ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් ජාතික හස්ත කර්මාන්ත සම්මාන උළෙලේදී එහි ප්‍රධානතම සම්මාන ද්විත්වය වන ස්වර්ණ හංස සම්මාන ඇතුළු තවත් සම්මාන 84ක් මධ්‍යම පළාතට ලැබුනා. මධ්‍යම පළාතේ හස්ත කර්මාන්ත ශිල්පීන් ඉතාමත් කැපවීමෙන් කටයුතු කොට ලබාගත් මෙම ජයග්‍රහණ සඳහා මාධ්‍ය මගින් නිසි ප්‍රතිචාරයක් නොලැබීම කණගාටුදායක කරුණක්.

 

 

 

 

ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක (එ.ජ.නි.ස)
සරත් ඒකනායකසරත් ඒකනායකපසුගිය කාල වකවානුවේ මධ්‍යම පළාතේ රාජ්‍ය ආයතන රැසක් මෙන්ම සෑම ෙක‍ෂ්ත්‍රයකම පාහේ සාර්ථකත්වක් හා ප්‍රගතියක් ලබා තිඛෙනවා. ඊට දායකත්වය දැක්වු සියලූ දෙනාට සුභ පැතීමට මෙය අවස්ථාවක් කර ගන්නවා.

 

 

 

 

 

සභාපති මහින්ද අබේකෝන් මහතා (එ.ජ.නි.ස)
මහින්ද අබේකෝන්මහින්ද අබේකෝන්තරග රැසකින් ඉතාමත් වටිනා ජයග්‍රහණ ලබා ගැනීම අප සැමට සතුටට කරුණක්. පළාත් සභාව වශයෙන්ද මෙම ජයග්‍රාහකයන් ඇගැයීමට වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බව මා හිතනවා.

කණපතිරාජා මහතා (එ.ජ.නි.ස)
හැටන්, මස්කෙළිය ශාන්ත ජෝෂප් ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රයේ අධ්‍යාපන කාර්යාලයක් ඉදි කිරීමට පියවර ගෙන තිබුණත් එම කටයුතු නවත්වන ලෙසට එම ඉදිකිරීමේ කොන්ත්‍රාත්කරු බිය ගැන්වීමට පිරිසක් කටයුතු කොට තිඛෙනවා.

ගුණතිලක රාජපක‍ෂ මහතා (එ.ජ.නි.ස)
ඉතා අඩු ආදායම් ලබන ප්‍රාදේශීය සභාවක්වු පුජාපිටිය ප්‍රාදේශීය සභාවද, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවද රාජ්‍ය සේවා කාර්ය සාධන තරගාවලියෙන් ජයග්‍රහණ ලබාගෙන තිබීම සතුටට කරුණක්.

පද්මලාල් අල්විස් මහතා (එ.ජා.ප)
පළාතේ ඇතැම් රාජ්‍ය ආයතන වෙතින් නිසි මහජන සේවාවක් සිදු නොවන බවට ජනතාව සඳහන් කරනවා. කෙසේ වුවවත් ජයග්‍රාහකයන්ට අපි සුභ පතනවා.

එස්. ශ්‍රීධරන් මහතා (එ.ජ.නි.ස)
නුවරඑළිය ප්‍රදේශයේ දමිළ ජනතාව වෙනුවෙන් අවංකවම හඩ නගන දිගම්බරම් මහතාට නියෝජ්‍ය අමාත්‍යධුරයක් ලබා දීම සම්බන්දයෙන් රජයට හා ජනාධිපතිතුමන්ට අපේ ස්තූතිය පුද කරනවා.

සිං පොන්නයියා මහතා (එ.ජ.නි.ස)
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ග්‍රාමීය පළාත්වලට සවස් කාලයට ප්‍රවාහන සේවා නොමැතිව ජනතාව දැඩි අපහසුතායට පත් වෙලා. බස් නැවතුම් සියල්ලම අඹලන් වෙලා.

නියෝජ්‍ය සභාපති එස්.බී.රත්නායක (එ.ජ.නි.ස)
මතුරට රෝහලේ කාර්ය මණ්ඩල හිගයක් හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවට විශාල අපහසුතාවයකට ලක් වෙලා. මාතෘ දේහ කපන්න සේවකයන් නැහැ.

බන්දුල යාලේගම මහතා (එ.ජ.නි.ස)
මාතෘ දේහ කැපීම සම්බන්දයෙන් ස්ථීර තනතුරක් නැහැ. සේවකයන් මේ කටයුත්ත කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වන කම්කරුවන් තමයි මේ රාජකාරිය කරන්නේ. මේක විශාල ගැටලූවක්. නමුත් විසඳුමක් ගේන්න කඩිනමින් කටයුතු කරන්නම්.

ගුණතිලක රාජපක‍ෂ මහතා (එ.ජ.නි.ස)
දැන් තැපැල් ගාස්තුව රුපියල් පහේ සිට දහය දක්වා ඉහළ ගිහිල්ලා. ඒත් අපිට ලබා දුන් නිදහස් තැපැල් ගාස්තුව පෙර පරිදිමයි. වැඩි කිරීමක් නැහැ. වෙනදාට යවපු ලිපි වලින් භාගයයි අපට යවන්න වෙන්නේ.

අසංග තිලකරත්න මහතා (ප්‍ර.පෙ)
මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් අද දිනයටම යොදාගෙන තිබීම විශාල ගැටලූවක්. අපිට ඒ රැස්වීමට සහභාගි වෙන්න ලැඛෙන්නේ නැහැ. සභාපතිතුමනි මේ ගැන අවධානය යොමු කරන්න.

එදිරිවීර වීරවර්ධන මහතා (එ.ජ.නි.ස)
එදිරිවීර වීරවර්ධනඑදිරිවීර වීරවර්ධනඅංක තහඩු නොමැති වාහන ධාවනය කරන්න අපට විතරයි මේ සියලූම නීති. විවිධ පුද්ගලයෝ අංක නොමැතිව වාහන ධාවනය කරනවා.

ඩබ්ලිව් යසමාන්න මහතා (එ.ජ.නි.ස)
මේ සභාව රැස් වෙන්න මාසෙකට දෙවරයි. නමුත් බොහෝ විට සවස් වරුවේ ඝණ පුර්ණය නොමැතිව සභාව කල් දාන්න වෙනවා. සවස දෙකයි තිහෙන් පසු සභාව නවතා උපදේශක කාරක සභා පවත්වමු කියා මා යෝජනා කරනවා.

 

 

 

ලකී ජයවර්ධන මහතා (එ.ජා.ප)
ලකී ජයවර්ධනලකී ජයවර්ධනමහජන ගැටළු ප්‍රදේශයේ ගැටළු සාකච්ඡා කරන්න තිඛෙන වේලාව අඩු කරනවට අපි විරෝධය දක්වනවා. අපි රැස් වෙන්නේ මාසෙකට දෙවරයි. ඒ දවස් දෙකවත් මේ වෙනුවෙන් යොමු කරන්න මේ මහජන නියෝජිතයන්ට බැරි වීම කණගාටුවට කරුණක්.

 

 

 

 

චන්න ගලප්පත්ති මහතා (ප්‍ර.පෙ)
මධ්‍යම පළාතේ පාරම්පරික කලා ශිල්ප හා ශිල්පීන් රැක ගැනීම සඳහා යම්කිසි නිශ්චිත වැඩ පිළිවෙලක් ආරම්භ කළ යුතුයි. මෙම බොහෝ කළා ශිල්පීන් අද කර කියා ගන්න දෙයක් නොමැතිව අසරණ වෙලා.

පී.බී.වරාවැව මහතා (එ.ජා.ප)
පි.බී. වරාවැවපි.බී. වරාවැවඅප රටේ සංස්කෘතිය බොහෝ කාලයක් වැනසී යාමට නොදී රැක බලාගත් කලා ශිල්පීන් උදෙසා නිශ්චිත වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක නොකළහොත් මෙම ශිල්ප අපට අහිමි වීම ඉතා කඩිනමින් සිදු වේවි.

ජගත් විෙජ්නායක මහතා (එ.ජ.නි.ස)
නිදහස් ආර්ථීකයක් සමගින් ඒක පුද්ගල ව්‍යවසායකයන්ගේ පැවැත්මට අහිතකර බලපෑම් එල්ල වුනා. නවීන තාක‍ෂණ මුසු වෘත්තීය පුහුණුව හා මුල්‍යාධාර ලබා දීමේ වැඩ සටහනක් මේ කලාකරුවන් උදෙසා කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුයි.

පද්මලාල් අල්විස් මහතා (එ.ජා.ප)
මේ පාරම්පරික ශිල්පීන් උදෙසා අරමුදලක් ස්ථාපිත කොට වයස්ගත ශිල්පීන් හට විශ්‍රාම වැටුපක් ලබා දීමට  මෙන්ම කර්මාන්ත දියුණු කර ගැනීම සම්බන්ධ ගැටලූ වලට මුහුණ පා සිටින අයට ප්‍රතිපාදන ලබා දීමේ වැඩසටහනක් පළාත් සභාව මැදිහත්ව ආරම්භ කළ යුතුයි.

Saturday 25th of March 2017. Joomla Templates Free. The Kandy News Online Edition - CMS Implementation: Webvision Sri Lanka.