G92 Supports St. Anthony's Cricketers

The alumni group G92 of St Anthony's College, Kandy who were in the GCE (OL) class of 1992 recently gifted cricket attire to the members of the 2013 first elven cricket team of the school. The picture above shows G92 president Asanka Rathnaweera handing over a gift pack to the school cricket captain Sachin Bulathsinhala at a ceremony held in the school Old Boys Association premises. G92 members posed for a photograph (see below) with the team members, coaches and other officials. 

ලෝක උරුම දිනය නිමිත්තෙන් යෝජනා රැසක්

විපක‍ෂනායක නෙරංජන් විජේරත්න  මහතා යෝජනා ඉදිරිපත් කරමින්විපක‍ෂනායක නෙරංජන් විජේරත්න මහතා යෝජනා ඉදිරිපත් කරමින් 2012 වසරේ “ලෝක උරුම දිනය” නිමිත්තෙන් මහනුවර නගර සභාවේ ලෝක උරුම කාර්යාලය විසින් සංවිධානය කරන ලද වැඩ සටහනක් වැඩබලන නගරාධිපති සේන දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊ.එල්.සේනානායක ළමා පුස්තකාල  ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. 

මෙහිදී පැවැත්වුණු විශේෂ දේශන සඳහා පුරාවිද්‍යා අධක‍ෂ ජෙනරාල් සෙනරත් දිසානායක, මධ්‍යම සංස්කෘතික අරමුදලේ ආචාර්යය තුසිත මෙන්දිස්, ආචාර්ය රෝලන්ඩ් සිල්වා, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සඹරගමු ප්‍රාදේශීය ගවේශක විරාජ් බාලසුරිය යන මහත්වරුන් හා හිටපු නගරාධිපතිනි චන්ද්‍රා රණරාජ මහත්මියත් සහභාගිවූහ.  

කෘෂි නිෂ්පාදන අලෙවියට ජාතික සහ ජාත්‍යන්තර වෙළඳ පොළක් අවශ්‍යයි

මහින්ද චින්තන වැඩසටහනට අනුව කෘෂිකර්ම ෙක‍ෂත්‍රයට ඉහළ ස්ථානයක්  හිමිවෙනවා. අවශය තරමින් ප්‍රතිපාදන වෙන්වන මෙම ෙක‍ෂත්‍රය දියුණු කිරීම සැමගේ වගකීමක්. තාක‍ෂණයේ දියුණුව අද ලොව පුරා ව්‍යාප්තයි. ඒ නිසා එහි වාසිය අපේ කෘෂිකර්මාන්තයටද ගෙන ආ යුතුව තිඛෙනවායයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජාතික සන්නිවේදන මධ්‍යස්ථානය සඳහා නව සිව්මහල් ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙසින් සහභාගිවු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.   

ළගම පැල තවානෙන් පැළ ගන්න

 තවාන් වල තියෙන පැලවලට මිල නියම කිරීමේදී රාජ්‍ය අංශයට අනුබද්ධ තවාන් විධිමත් ක්‍රමවේදයක් අනුගමණය කළ යුතුයි. අදාල ප්‍රදේශයට ළගම ඇති පැල තවානේ පැල රැගෙන ගියවිට ප්‍රවාහනය කිරීමට යන වියදම අඩු කරගන්නට පුළුවන්.   

මහනුවර දිසාපති ගාමිණි සෙනවිරත්න මහතා එසේ ප්‍රකාශ කළේ මහනුවර දිස්ත්‍රික් කෘෂිකාර්මික කමිටුවේදී කෘෂිකර්ම නිලධාරින් අමතමිනි.   

රුපියල් පහක් හයක් වන ගම්මිරිස්පැලයකට රුපියල් දෙකක් වැඩිවුණාම එය දැනෙනවා. ඒත් රුපියල් පණහක් හැටක් වෙන පොල්පැලයකට තව රුපියල් දහයක් වැඩිවුණාට එය ගාණක් නෑ. මේ දිනවල පැල අලෙවිය අඩුවෙලා තියෙන්නෙ ඉඩෝරය නිසයි. ඉදිරි වැස්සත් සමග පැල අලෙවිය වැඩිවෙයි යනුවෙන්ද පැවසු දිසාපතිවරයා අවශ්‍ය තරමින් පැල සුදානම් කර තැබීමෙන් වැස්සත් සමග ඇතිවන ඉල්ලූම සපුරාලීමට රජයේ අනුමත තවාන්වලට හැකියාවක් ලැඛෙනු ඇති බවට විශ්වාසයක්ද පළ කළේය.

කලාප ශ්‍රමදාන ව්‍යාපාරයේ තවත් ශ්‍රමදානයක්

 මහනුවර මහ නගරාධිපති මහින්ද්‍ර රත්වත්තේ මහතා මෑතකදී හඳුන්වා දුන් කලාප ශ්‍රමදාන ව්‍යාපාරයේ තවත් ශ්‍රමදානයක් මහනුවර පුර්ණවත්ත සුභ සාධක සමිතියේ මුලිකත්වයේන පසුගියදා පැවැත්විණි.
එහිදී පළාතේ පදිංචිකරුවන්ගේ නිවසේ සීත කරණයක තැටියක පවත්වාගෙන යනු ලැබු ඩෙංගු කීට තවානකින් ලබාගත් ජල සාම්පතයක් මහනුවර නගරාධිපතිවරයාගේ අධීක‍ෂණයට ලක්වන අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

අවාරයටත් පළතුරු ලබාගන්නා ක්‍රමයක්

 වාරයේ පළතුරු ලබාගැනීමේ විද්‍යාත්මක වැඩසටහනක් ෙක‍ෂත්‍ර මට්ටමින් ඇරඹීමට කෘෂි කර්ම දෙපාර්තමේන්තුවේ පළතුරු බෝග පර්යේෂණ කටයුතු අංශය වැඩ පිළිවෙලක් සකසයි. මේ මගින් ෙක‍ෂත්‍රයේදී විවිධ පළතුරු බෝග සඳහා රසායනික ද්‍රව්‍ය යොදාගනිමින් විවිධ අත්හදාබැලීම් සිදු කිරීමට එම අංශය බාර ආචාර්්‍යය සුභ හීන්කෙන්ද මහතා ඉදිරිපත්වී සිටී.

කලාප ක්‍රමය හොඳයි- නමුත් මෙවැනි තැනුත් තිබේ

 මහනුවර නගරාධිපති මහින්ද්‍ර රත්වත්තේ මහතාගේ අදහසක් අනුව ක්‍රියාවට නැංවී ඇති කලාප ශ්‍රමාදන ව්‍යාපාරය නාගරික සභා මන්ත්‍රීවරුන්ගේ දැඩි ප්‍රසාදයට ලක්වී තිබේ.   

ඉකුත්දා පැවති නාගරික සභා රැස්විමේදී ජ්‍යෙෂඨ නාගරික මන්ත්‍රී සරත් විෙජ්සිංහ මහතා මේ වෙනුවෙන් නගරාධිපතිවරයා වෙත ස්තූතිය පළ කළේය.   

එසේ වුවද මෙම ෙක‍ෂත්‍ර වැඩසහටන්වල අවධානයට ලක් නොවුනු කාණුවක් මහනුවර මහයියාවේ සිට කටුගස්තොට පැරණි අලි නාවන තොටුපල දක්වා දිවේ. මහනුවර කටුගස්තොට පාරේ තක‍ෂිලා විදුහල හා ඒ අසල රේල් ගේට්ටුව දක්වා දිවෙන මෙම ඇලේ ප්‍රධාන කොටසක් කිසිදු දිනක පවිත්‍ර නොකෙරෙන බව ද කැන්ඩි නිවුස් පුවත්පත මගින් කරන ලද නීරීක‍ෂණයකදී අනාවරණය කර ගැනීමට හැකිවී ඇත. 

පොදු කටයුත්තකට නැති මහවැලි ඉඩම් මොකටද?

 රජයේ ආයතනයක පොදු කටයුත්තක් සඳහා නොදෙන මේ මහවැලි ඉඩම් මොනවාදැයි උඩ පළාත ප්‍රාදේශීය සභාවේ සභාපති ජී. ගුණසේන මහතා ප්‍රශ්න කළේය.

ගුණසේන මහතා මේ ප්‍රශ්නය නැගුවේ පසුගියදා මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති දිස්ත්‍රික් කමිටු රැස්වීමේදීය.

මහනුවර කසළ කළමනාකරණයට ජපන් ආධාර

නගරයේ එක් රැස්වන කසළ කළමනාකරණය හා වඩාත් ලාභදායි ලෙස කසළ ප්‍රතිචක්ක්‍රීයකරණය කළ හැකි ආකාරය පිළිබඳ සොයා බැලීම සඳහා ජපන් දූත පිරිසක් පසුගියදා මහනුවර නගරාධිපති මහීන්ද්‍ර රත්වත්තේ මහතා හමු වූහ. මහනුවර මහ නගර සභාවේ නගරාධිපති කාර්යාලයේ පැවති මෙම හමුව සඳහා මහනුවර මහ නගර සභා මන්ත්‍රී අසංක දොඩම්වල, මහනුවර නාගරික කොමසාරිස් චන්දන තෙන්නකෝන්, ශ්‍රී ලංකා ජපාන මහ කොමසාරිස් විජයානන්ද  අළුගමගේ යන මහත්වරුද සහභාගි වූහ.

බස් රථවල අමතර පහසුකම්වලට අමතර ගාස්තුවක්

මහනුවර මහියංගණය මාර්ගයේ කොළඹින් පිටත්වන සුපෝපබෝගී නොවන සමහර බස්රථ මගින් කොළඹ නුවර දක්වා පමණක්  රුපියල් 218 මුදලක් අය කෙරෙන බව ද කැන්ඩි නිවුස් පුවත්පතට වාර්තාවෙයි.

 මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ හෝ ජාතික ප්‍රවාහන කොමිසමේ අනුමැතියකින් තොරව වැඩිකර ඇති මෙම බස් ගාස්තු පිළිබඳ මහජන විමසීම්වලදී මෙම බස්රථවල කොන්දොස්තරවරුන් පවසන්නේ ඒවායේ සවිකොට ඇති රූපවාහිනි හා කැසට් යන්ත්‍ර පහසුකම මත මෙම අයකිරීම සිදුවන බවය.  

Tuesday 27th of June 2017. Joomla Templates Free. The Kandy News Online Edition - CMS Implementation: Webvision Sri Lanka.