“නාය යන්නේ අපේ නොසැලකිල්ල නිසයි ” - ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල දහනායක

මහාචාර්යය කපිල දහනායකමහාචාර්යය කපිල දහනායකජලය බැසයාම පාලනය කළේ නැතිනම් උස්බිම් නාය යන එක පුදුමයක් නොවෙයි. ගිලා බහින එකත් පුදුමයක් නොවෙයි. පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ භූ ගර්භ විද්‍යා අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර් කපිල දහනායක මහතා ද කැන්ඩි නිවුස්  පුවත්පතට විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බැව් පැවසීය.

පසුගිය කාලේ තද වැහිත් සමග නුවර හන්තානෙ විතරක් නොව නුවරඑළිය රාගල වැලිමඩ ප්‍රදේශවල කඳුත් නායගියා. මෙයට එකම හේතුව ඉහළ බිම් ප්‍රදේශ හඳුනාගෙන ඒවායේ ජලය බැසයාම පාලනය නොකිරීමයි.   ස්භාව ධර්මය හේතු සාධක නිසා ඉහළ බිම් පෙදෙස්වල පැලීම් ඇතිවෙනවා. මේ පැලීම් අප හඳුනාගත යුතුයි. හදුනාගෙන ප්‍රතිකර්ම නොකරන ලද ඉහළ බිම් පෙදෙස්වල ඇතිවන පැලීම් අතරට ජලය කිදා බැස්ස විට කදු නායයනවා. ඉහළ බිම් ප්‍රදේශවල ගල් වැටි දමා කරන වගා ක්‍රමත් හෙල්මළු ක්‍රමයට කෙරෙන වගා රටා නිසාත් සෝදා පාළුව අවම වෙනවා. එවිට නායයාම් ගිලා බැසීම් පාලනය වෙනවා. එසේ නැතිව ඉවක් බවක් නැතිව උස්කදුවල හදන ගොඩනැගිලිත් වගාවනුත් ඒ බිම්වල පැවැත්මට කරන්නේ විශාල හානියක් යනුවෙන් පැවසු ජ්‍යෙෂAඨ මහාචාර්යයවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

සිංහ සමාජයේ නියෝජ්‍ය භාණ්ඩාගාරික

දිස්ත්‍රික් 306 සී 01 ජතා්‍යන්තර සිංහ සමාජයේ කැබිනට් මණ්ඩලයේ නියෝජ්‍ය භාණ්ඩාගාරික ලෙස මහනුවර දුම්බර සිංහ සමාජයේ ව්‍යාපෘති අධ්‍යක‍ෂ මහනුවර මහ නගර සභාවේ හිටපු පුරපති නාගරික මන්ත්‍ර්‍රී රාජා පුෂ්පකුමාර මහතා පසුගියදා පත්වීම් ලැබීය. කොළඹ වෝටර්ස් එජ් හෝටලයේ පැවති ප්‍රදාන උළෙලේදී තම පත්වීම් ලිපිය ජත්‍යන්තර සිංහ සමාජයේ අධ්‍යක‍ෂ සිංහ සුනිල් වටවල මහතා අතින් රාජා පුෂ්පකුමාර මහතා ලබා ගන්නා අයුරු ඡායාරූපයෙන් දැක්වේ. මෙම ප්‍රදාන උළෙල සඳහා ප්‍රදාන ආරධිතයෙකු ලෙස 306 සී 1 සිංහාධිපති බී. ජනරන්ජන් මහතාද සහභාගි විය.

භාවනා පිළිබඳ අලුත් පොතක්

 

විශ්‍රාමික පාඨශාලාචාර්ය ටී.එම්.එස්.පී. තෙන්නකෝන් මහතා ලියු ර්‍ණභාවනා” කෘතියේ අත්පිටපත මහනුවර නගරාධිපති මහීන්ද්‍ර රත්වත්තේ මහතා වෙත කතුවරයා මෑත දිනක පිළිගැන්වු අවස්ථාව

නගර සභාවයි යුද හමුදාවයි ශ්‍රමදානයක

 නගරාධිපති රත්වත්තේ මහතා ශ්‍රමදානයට සහභාගි වු අය  සමග සාකච්ඡාවක යෙදී සිටී නගරාධිපති රත්වත්තේ මහතා ශ්‍රමදානයට සහභාගි වු අය සමග සාකච්ඡාවක යෙදී සිටී

ශ්‍රී ලංකා යුද හමුදාවට  63 වසරක් පිරීම නිමිත්තෙන් යුද හමුදාව සහ නගර සභාව එක්ව නගරය තුළ ශ්‍රමදානයක් පවත්වන ලදි.

කුරුළු උයන පවිත්‍ර කිරීම, රථගාල අලංකාර කිරීම, දළදා මාළිගා සහ දේවාල පරිශ්‍රය, බන්ධනාගාර මාර්ගය පිරිසිදුකිරීම ආදිය මේ ව්‍යාපෘතියට අයත් විය. හමුදා නිලධාරින් විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදි.   

නගරාධිපති මහීන්ද්‍ර රත්වත්ත මහතා සහ එම මහත්මියත් මේ සඳහා උපදෙස් දෙන ලද අතර මේ අවස්ථාවට උපනගරාධිපති සේන දිසානායක, නාගරික මන්ත්‍රී සින්නයියා සිවඥානම්, නාගරික කොමසාරිස් චන්දන තෙණ්නකෝන් යන මහත්වරු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිළධාරින් පිරිසක්ද සහභාගි වූහ.

රථගාලේ අලංකාරය සදහා මල් ගොමු පවත්වාගෙන යන අයුරු පිළිබඳව පියා රත්වත්තේ  මහත්මිය උපදෙස් ලබාදෙමින් රථගාලේ අලංකාරය සදහා මල් ගොමු පවත්වාගෙන යන අයුරු පිළිබඳව පියා රත්වත්තේ මහත්මිය උපදෙස් ලබාදෙමින් යුධ නිලධාරින් කුරුළු උයන පවිත්‍ර කරමින් සිටි අවස්ථාවක්යුධ නිලධාරින් කුරුළු උයන පවිත්‍ර කරමින් සිටි අවස්ථාවක්

බීරි අලින්ට වීණා වැයීමක් වගෙයි

 

මහනුවර ඵෙතිහාසික කතරගම දේවාලයේ පැරණි දේවාල මන්දිරයේ වහලය දැඩි ලෙස අබලන්වී ඇති නිසා කඩා වැටීමට ආසන්නවනසේ තිඛෙන එම වහලය අලූත්වැඩියා කරදෙන ලෙසට එහි බස්නායක නිලමේ වන තුෂාන් වෑගඩඅබලන්වී ඇති වහලය අබලන්වී ඇති වහලය පොල මහතා පුරාවිද්‍යා අංශයට කරන ලද ඉල්ලීම බීරි අලීන්ට වීණා ගායනා කිරීමක්වී ඇති බව පවසන දේවාල භාරකරුවෝ 2011 වසරේදී මෙන්ම 2012 වසරේ පෙබරවාරි මාසයේදීද මේ පිළිබඳව අදාල අංශ දැනුවත් කළද ඉන් කිසිදු ප්‍රයෝජනයක් වී නොමැති බව පවසති.  

මේ වහළය පුරා විද්‍යායටවත් හිතුවක්කාර විදියට බාස්ලා දාලා අලූත් වැඩියා කරන්න බෑ. ඇණයක් ගැහුවත් එය පුරා විද්‍යා අංශ දැනුවත් කරලයි සිද්ධ විය යුත්තෙ. ඒ නිසා ඒ වගකීම තේරුම් අරන් මේ වහලය සංරක‍ෂණය කිරීම ඉක්මණින් සිදුවිය යුත්තක් යනුවෙන්ද බස්නායක නිලමේවරයා මාධ්‍යයට කරුණු දක්වමින් පැවසීය.

Saturday 25th of March 2017. Joomla Templates Free. The Kandy News Online Edition - CMS Implementation: Webvision Sri Lanka.