පළාත් සභාව

Print

 දිවි නැගුම පණතින් සේවකයන් සියලූ දෙනාම විශ්‍රාම වැටුප් සහිත රජයේ සේවකයන් වෙනවා

සරත් ඒකනායකජනාධිපති මහින්ද රාජපක‍ෂගේ මහින්ද චින්තන ඉදිරි දැක්ම අනුව සමෘද්ධි වැඩසටහන වඩාත් සුරක‍ෂිත කරන බවට ලබාදුන් පොරොන්දුව මත ශ්‍රී ලංකාවේ සුවිශේෂි සංවර්ධනය උදෙසා දියත් කරන වැඩසටහන ඵලදායි කරගැනීම රජයේ අපේක‍ෂාව යයි මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා මධ්‍යම පළාත් සභාවේදී කියා සිටියේය.

සභාපති සාලිය දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පළාත් සභාව රැස්වු අවස්ථාවේ දිවිනැගුම පණත් කෙටුම්පත මධ්‍යම පළාත් සභාව් අනුමැතිය සඳහා සභාවට ඉදිරිපත්කරමින් ප්‍රධාන ඇමතිවරයා මෙම අදහස් පළකර සිටියේය. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ප්‍රධාන ඇමතිවරයා ශ්‍රී ලංකාවේ සමෘද්ධි අධිකාරිය දක‍ෂිණ සංවර්ධන අධිකාරිය, උඩරට සංවර්ධන අධිකාරිය යන අධිකාරි තුන හා සමෘද්ධි කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුව, උඩරට ගැමි පුනරුත්තාපන දෙපාර්තමේන්තුව යන ආයතන සමග ඒකාබද්ද කොට දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව ස්ථාපිත කිරීම අපේක‍ෂා කෙරේ. එමගින් එක හා සමාන ආයතන කීපයකින් කරන කටයුතු වඩාත් කාර්යක‍ෂම ලෙස එක් වහලක් යටින් ජනතාවට ලබා ගැනීම දිවිනැගුම දෙපාර්තමේන්තුව ස්ථාපිත කිරීමෙන් බලාපොරොත්තු වන බව මෙම ගරු සභාවට දන්වා සිටින බව කීවේය.

රැකී රක‍ෂා සුරක‍ෂිත වෙනවා
එසේම සමෘද්ධි නිලධාරින් ඇතුළු ඉහත අධිකාරි තුනෙහි සියලූ සේවකයින් විශ්‍රාම වැටුප් සහිත රජයේ සේවකයින් බවට පත්කොට ඔවුන්ගේ රැකියා සුරක‍ෂිත භාවය ඇති කිරීම, පුද්ගලයා හා පවුල පදනම් කොට ගෙන ඔවුන්ගේ ජීවන තත්වය උසස්කිරීම බිම් මට්ටමේ සිට අවශ්‍ය මුල්‍ය හා බිමි මට්ටමේ සිට අවශ්‍ය මුල්‍ය හා ජීවනෝපාය සහනත් ලබාදී ඔවුන් සවිබල කිරීම සහ දේශීය ආර්ථීක සංවර්ධනයේදී එම ප්‍රජාව සංවර්ධනයේ කොටස්කරුවන් බවට පත්කිරීමට අවශ්‍ය ව්‍යවස්ථාමය කටයුතු සම්පාදනය කිරීම යන කරුණු මෙම පණත ගෙන ඒමට හේතුවී ඇති බවද ඔහු සඳහන් කළේය. මෙම ආයතන පහට අදාල කාර්යයන් එක දෙපාර්තමේන්තුවක් යටතේ ක්‍රියාත්මක කර එම ආයතනවල නිලධාරින්ගේ හා සේවකයින්ගේ සේවාවන් සුරක‍ෂිතකර සේවා ලාභීන්ට උපරිම ඵලදායි සේවාවක් ලබාදීමේ අරමුණු හා පරමාර්ථ ක්‍රියාවට නැංවීම මෙම පනත මගින් අපේක‍ෂා කරන බවත් මෙම සභාවට දන්වා සිටින බවද ප්‍රධාන ඇමතිවරයා තවදුරටත් පැවසීය.

පයිනස් නිසා උල්පත් හිදිලා
සංජීව කවිරත්න මහතා (එ.ජා.ප.)

සංජීව කවිරත්නබටහිර රටවල කඩාකප්පල්කාරින්ගේ උපදෙස් මත මධ්‍ය කඳුකරයේ සිදුකළ පයිනස් වගාව ජල උල්පත් සිඳීයාම නිසා බරපතල ප්‍රශ්න රැසකට මුහුණදීමට සිදුවුවාසේම මධ්‍යම කඳුකරය විනාශ කිරීම සඳහා අප රටට ආවේණිාක නැති උණ ගස් විශේෂයක් සිටුවීමට ගෙන ඇති පියවරද වහාම නතර කළ යුතයයි කීවේය.

මහින්ද අබේකෝන් මහතා (එ.ජ.නි.ස.)
මහින්ද අබේකෝන්හේවා හැට ප්‍රදේශය සඳහා වෙනමම අධ්‍යාපන කලාපයක් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිමි. එමෙන්ම තලාතුඔය කණිටු විදුහලේ මධුවන්ති රත්නායක සිසුවිය ඉකුත් ශිෂ්‍යත්ව විභාගයෙන් සමස්ත ලංකාවෙන්ම ලකුණු 196 ලබාගනිමින් ප්‍රථමයාවීම අතිශයින් අගය කරන අතර එම දිරිය දියණියගේ අධ්‍යාපන කටයුතු සඳහා මධ්‍යම පළාත් සභාවෙන් උපරිම දායකත්ව ලබාදීමට පියවර ගත යුතුයි.

චානක අයිලප්පෙරුම මහතා (එ.ජා.ප.)
චානක අයිලප්පෙරුමඑම  දිරිය දියණියට මධ්‍යම පළාත් සභාවේ උපහාරය පුදකරන අතර ගාල්ලේ රිච්මන් විදුහලේ දරුවා ජනාධිපති මන්දිරයට ගෙන්වා ගෙන ඔහුට ජනාධිපති උපහාරය දැක්වු නමුත්, තලාතුඔය කණිටු විදුහලේ දියණියද ජනාධිපති මන්දිරයට ගෙන්වා ඇයටද ජනපති උපහාර දක්වන ලෙස ඉල්ලා සිටිනවා.

ගුරුවරුන්ට ගෞරව කරනවා
ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා

තලාතුඔය කණිටු විදුහලේ දිරිය දියණියට උගැන්වු ගුරුවරුන්ට අපගේ ගෞරවය පුදකනර අතර දිවයිනෙන්ම පළවෙනි හා තෙවැනි තැන හිමිවී ඇත්තේද මධ්‍යම පළාතටය. එම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අවසන් වන තෙක් මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය අරමුදලින් මුදල් වැයකිරීමටද පියවර ගෙන ඇති බව සඳහන් කරමි.

ගුණතිලක රාජපක‍ෂ මහතා (එ.ජ.නි.ස.)
ගුණතිලක රාපක‍ෂමධ්‍යම පළාත් ප්‍රවාහන අධිකාරියේ සිටි සභාපතිවරයාගෙන් මගේ දුරකථනයට නම සඳහන් නොකර කථාකරමින් මට හිරිහැර කරනවා. මේකේ සභාපති හොරෙක් නොවේ කම්බා හොරෙක්. මොහුට සභාපතිකම නැවත දුන්නොත් මම මරාන්තික උපවාසයක් කරනවා.

උජිත් අනුරාධ මහතා (එ.ජ.නි.ස.)
උජිත් අනුරාධඅංගම්මන මහතාගේ අභාවය නිසා මම මෙම සභාවට පත්වුනා. එදා ජෙ.වී.පීය එස්.බී. යාලේගම මහතා ඝාතනය කළා. පළාත් සභා සංකල්පයට දැඩිලෙස විරෝධය පෑවේ ජනතා විමුක්ති පෙරමුණයි.

 

ඇමති බන්දුල යාලේගම මහතා
බන්දුල යාලේගමපළාත් මාර්ග සංවර්ධනයේදී අකටයුත්තක්වීමට කිසිසේත් ඉඩ තියන්නේ නැහැ.

 

 

උසස් තනතුරු රැසක්
චිත්‍රා මන්තිලක මහත්මිය (එ.ජ.නි.ස.)

චිත්‍රා මන්තිලකදිවිනැගුම දෙපාර්තමේන්තුවෙන් බවට පත්වීමෙන් පසු උසස් තනතුරු රැසක් පත්කිරීමට ඇමතිවරයාට ලැඛෙනවා.

 

සෞඛ්‍ය හා දේ්ශීය වෛද්‍ය අමාත්‍ය සුනිල් අමරතුංග මහතා
සුනිල් අමරතුංගදිවි නැගුම සංවර්ධණ දෙපාර්තමේන්තුවක් බවට පත්වීමෙන් සමෘද්ධි බැංකුවල සියලූම මුදල් පාලනය වඩාත් විධිමත්ම ක්‍රියාත්මක වනු ඇත.

 

එස්.සතාසිවම් මහතා (එ.ජා.ප.)
මේ පණත අනුව වැඩ පටන් ගන්නේ ග්‍රාම නිලධාරි කොට්ඨාශ මට්ටමින්. ඒ වගේම ඇමතිවරයා විසින් ඉහළ තනතුරු පහක් පත් කරනවා. මේ වැඩ ලෝක බැංකුවේ උපදෙස් මතයි සිදු කරන්නේ.

චම්පික   විජේරත්න මහතා (එ.ජ.නි.ස.)
 චම්පික  විජේරත්නසමෘද්ධි නිලධාරින් මේ රටේ විශාල වැඩ කොටසක් ඉටුකරන පිරිසකි. ඔවුන්ගේ රැකියාවේ සුරක‍ෂිත භාවය ඔවුන්ට මේ පණත් මගින් ලැඛෙනවා. එජාපයට මේ රටේ ආණ්ඩුවක් පිිහිටුවන්නට බැරි ඇයි. හේතුව එජාපයේ නියෝජ්‍යනායක සජිත් ප්‍රේමදාස මහතා අපේ ආණ්ඩුවක් ආදවසේ සමෘද්ධි නිලධාරින්ට පයින් පහළ එළවනවා කියා එදා කිව්වා. එසේ කියපු අයට මේ රටේ ඔවුන් ඡන්දය දෙයිද?

මේකත් උලාකයිද?
රෝහණ බණ්ඩාරනායක මහතා (එ.ජා.ප.)

මේ රටේ හැම ආණ්ඩුවක්ම දුප්පත් ජනතාව වෙනුවෙන් කටයුතු කර ඇත. ජනසවිය වැඩ සටහන හොරකම් කරගෙනයි සමෘද්ධි වැඩ සටහන ආරම්භ කළේ. සමෘද්ධි නියාමක අපේම සහෝදර පිරිසකි. ඔවුන්ට අකටයුත්තක් වෙනවාට අප කැමති නැහැ. දිවිනැගුම දෙපාර්තමේන්තුව ජනතාවට අදරයෙන් කටයුතු කරනවානම් අපට ප්‍රශ්නයක් නැහැ. අද අප මෙයට විරුද්ධව ඡන්දය පාවිච්චි කරනවා. මෙය අනාගතයේ සත්‍යයක් බවට පත්වේවි. ඇමතිවරු උලාකාලා, උලාකාලා, අවසානයේ මේකත් උලාකයිද?

විමාලි කරුණාරත්න මහත්මිය (එ.ජ.නි.ස.)
විමාලි කරුණාරත්නහැම දේකටම විරුද්ධවන දේශපාලන සංස්කෘතියක් බිහිවෙමින් පවතින අවස්ථාවක කිසිම භේදයකින් තොරව සියලූ දෙනාම එක්වී මෙය සම්මත කර ගත යුතු බව ප්‍රකාශ කරමි. ඉතිහාසයේ යම් යම් අවස්ථාවල අප සමගි නොවී කටයුතු කළ නිසා අප පීඩා වින්දා. දැන්වත් අප එක්වී කටයුතු කරමු. සමාජ ගවේෂකයින් හැටියට අප කදරුත් මේ පණතට උදව්කළ යුතුයි. ගම් එක්වීමෙන් තමා රටක් ගොඩ නැගෙන්නේ.

මෙතරම් විරුද්ධ ඇයි
එස්. බී. රත්නායක මහතා (එ.ජ.නි.ස)

එස් රාජරත්නම්ජනාධිපතිතුමාගේ මහින්ද චින්තන වැඩසටහන යටතේ දිවිනැගුම ක්‍රියාත්මකයි. විපක‍ෂය මෙයට ද්වේෂ සහගතවයි කරුණු ඉදිරිපත් කරන්නේ. සමෘද්ධි සංවර්ධන නිළධාරීන්ගේ රැකියාවේ ස්ථාවර භාවයට ඇයි විපක‍ෂය මේ තරම් විරුද්ධ. වතුකරයේ ජනතාවගේ යහපත උදෙසා 1994න් පසුවයි වතු යටිතල පහසුකම් අමාත්‍යාංශය ඇතිකර ඒ මගින් විශාල වැඩ කොටසක් ඉටුවෙන්නෙ.

ජමාල්දීන් ජෙයිලාබ්දීන් මහතා (එ.ජා.ප.)
ආණ්ඩුපක‍ෂයේ ඔලූගෙඩි වැඩිපුර තියෙනවා. නමුත් මොලේ නැහැ. ඒ නිසාම මෙය සම්මත වෙයි. 1977 සිට 1994 වනතුරු මේ රට ස්වයං පෝෂිත වුනා.

ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා (එ.ජ.නි.ස.)
ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්අපේ ළමා කාලය ගෙවුණේ ජෙ.වි.පෙ ගෙනගිය ත්‍රස්තවාදය හා එල්.ටී.ටී.ඊය ගෙන ගිය ත්‍රස්තවාදය හා එ.ජා.පය ගෙන ගිය ඡරා පාලනය තුළයි. මේ සභාවේ මේ පැත්තෙන් මොනදේ ඉදිරිපත් කළත් විපක‍ෂයේ ප්‍රතිපත්තිය ඊට විරුද්ධ වීමයි. විපක‍ෂය ජනතාවට විරුද්ධ වුනාට විපක‍ෂයට පසුව හිතෙයි මේ කරපු මෝඩකම ගැන.

අර්ථසාධක මුදල රැකෙයිද?
ශාන්තිනි කෝන්ගහගේ මහත්මිය (එ.ජා.ප.)

ශාන්තිනි කෝන්ගහගේආර්ථීක සංවර්ධන ඇමතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් හැටියටයි දිවිනැගුම පණත තමා දකින්නේ. සමෘද්ධි නිලධාරින්ගේ සේවක අර්ථසාධක අරමුදල්වත් සුරක‍ෂිතද? කිසිම දේශපාලන පක‍ෂයක නායකයෙක් ගමේ සිටින කාන්තාවන් දියුණුවෙනවා දකින්න කැමති නැහැ.

සරත් දිසානායක මහතා (එ.ජ.නි.ස.)
1994 වනවිට මේ රටේ දුප්පත්කම 28%ක් වී තිබුණා. මේ වනවිට එය 8% දක්වා අඩුවී ඇත. මේ පණත මගින් මේ රටේ සමෘද්ධි පවුල් ආරක‍ෂා වෙනවා.

මුරලි රගුනාදන් මහතා (එ.ජා.ප.)
මධ්‍යම කඳුකරයේ සංවර්ධනය මෙයට ඇතුලත් විය යුතුයි. ඒ වගේම වතුකරයේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න ගැනත් මෙහි සඳහන් විය යුතුයි.

තුෂාර ස්වර්ණතිලක මහතා (එ.ජ.නි.ස.)
සමෘද්ධි නිලධාරින්ගේ හා සමෘර්ධි ලාභීන්ගේ ජීවන මට්ටම ඉහළ දැමීම අරමුණු කරගත් මෙම පණත ගමේ ජනතාව දුප්පත්කමෙන් මුදා ගන්නවාට විපක‍ෂයේ පක‍ෂය විරුද්ධයි.

පද්මලාල් අල්විස් මහතා (එ.ජා.ප.)
 පද්මලාල් අල්විස්පිට රටින් මොනවා හරි ගෙනවිත් මිනිසුන් ජීවත් කිරීමේ ප්‍රතිපත්තියක් අපේ අයට තිබුණා.

මහින්ද අබේකෝන් මහතා (එ.ජ.නි.ස.)
මේ විවිධ අධිකාරිවල අඩුපාඩුකම් නැතිකර මේ රටේ ජනතාවට උපරිම සේවයක් ලබාදීමේ අරමුණින් මේ පණත ඉදිරිපත් කර ඇත. නමුත් විපක‍ෂයට මේ පිළිබඳව කිසිම දර්ශනයක් ප්‍රතිපත්තියක් නැත.

ගැටීමක් තිඛෙන නිසා
සංජීව කවිරත්න මහතා (එ.ජා.ප.)

ඇයි මේ පණත විවාද කරන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා පළාත් සභා විපක‍ෂයන් පිළිබඳ ගැටීමක් තියෙන නිසා පළාත් සභා අනුමැතිය ලබා ගන්න කියා මෙය පළාත් සභා විෂය පථය හා ගැටෙනවාද? දිවි නැගුම හා සමෘද්ධි නිලධාරින් සමග අපට ගැටුමක් නැහැ. පළාත් සභා විෂය පථය සමග මේ පණත ගැටෙන්නේ නැහැ.

රිස්වි ෆාරුක් මහතා (එ.ජ.නි.ස.)
සමෘර්ධි ව්‍යාපාරයේ නිර්මාතෘ එස්.බී. දිසානායක ඇමතිතුමායි.

නියෝජ්‍ය සභාපති ඩබ්ලිව්. ඇම්. යසමාන මහතා
ඩබ්ලිව්  ඇමි යසමාන්නඇමතිවරයාට පැවරෙන බලය පාර්ලිමේන්තුවට වගකියන තත්වයට පත්වෙනවා. මේ පණත මගින් සමෘර්ධි නිලධාරින්ට සම්පුර්ණ රජේය නිලධාරින්ට හිමි වරප්‍රසාද ලැඛෙනවා. විපක‍ෂයේ ඇතමුන් කීවා අපි බලයට ආ දවසක සමෘද්ධි නිලධාරින් පයින් ගසා එළවන බව කීවා. අප කව්රුත් මේ ගැන සැකයක් ඇතිකර ගත යුතු නැහැ. මේ පණත ගැන භීතිකාවක්ද ඇතිකර ගත යුතු නැහැ.

ඇමති බන්දුල යාලේගම මහතා

එ.ජා.ප පාලන සමයේ ජනසවිය රටපුරා ක්‍රියාත්මක වුනේ නැහැ. 1994 එස්.බී. දිසානායක මහතා දිවයිනේ සෑම ග්‍රාම නිලධාරි කොටසකම මෙය ක්‍රියාත්මක කළා. මාතලේ වතුකරයේ ජනතාවට සමෘර්ධි පහසුකම් සමලෙස ලබාදී ඇත.

තුෂාර දසනායක මහතා (එ.ජ.නි.ස.)
සමෘර්ධි නිලධාරින් මේ වනවිට ගම සංවර්ධනය කළ නිලධාරින් බවට පත්වී ඇත. ජනසවිය මගින් ගුරුපත්වීම් දීපු අයට මූලික අධ්‍යාපනය සුදුසුකම්වත් තිබුණ අය නොවේ.

වවාගෙන කෑවා
එදිරිවීර වීරවර්ධන මහතා (එ.ජ.නි.ස.)

මේ පණත අති විශිෂ්ඨයි. මේ රටේ දේශීය ආර්ථීකය විනාශකළේ එක්සත් ජාතික පක‍ෂයයි. එදි එක්සත් ජාතික පක‍ෂ්‍ය යුද්ධය වවාගෙන කෑවා.

ඇම්.ජී. ජයරත්න (එ.ජ.නි.ස.)
ගමේ සමෘර්ධියේ අය ගමට සුවිශේෂ වැඩ කොටහක් සිදු කළා. මොවුන්ගේ වෘත්තියේ ගෞරවය මෙන්ම ආරක‍ෂාව සැළසීම මේ පණතේ අරමුණ මෙන්ම අප කාගෙත් යුතුකමකි.

අනුර ප්‍රනාන්දු මහතා (එ.ජ.නි.ස’)
අනුර ප්‍රනාන්දුආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 18 වතාවක් සංශෝධනයවී ඇත. මේ පණත සම්මත වීමෙන් පසු එක්සත් ජාතික පක‍ෂයේ අය ගමට යාම සුම්මා.

 

විපක‍ෂනායක කේ.කේ.පියදාස මහතා
සමෘර්ධි නිලධාරින්ට අපේ කිසිම විරුද්ධත්වයක් නැහැ. මේ රටට වැඩකළේ වත්මන් ජනාධිපති පමණද? ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, ෙජ්. ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස යන අය වැඩ කළේ නැද්ද? දැන් හොරකම් දූෂණය වැඩි වෙනවා. දිවි නැගුම සාර්ථක වෙනවානම් හොදයි. නමුත් එය සාර්ථක නොවන බවට අපට සැකයක් පවතී.
විවාදය අවසානයේදී පැවති ඡන්ද විමසීමේදී පණතට පක‍ෂව ඡන්ද 36ක් ලැබුණ අතර විපක‍ෂව ලැබුනේ ඡන්ද 17ක් පමණි. මේ අනුව වැඩි ඡන්ද 19කින් පණත සම්මත විය.

Tuesday 27th of June 2017. Joomla Templates Free. The Kandy News Online Edition - CMS Implementation: Webvision Sri Lanka.