පළාත් සභාව

Print

සමහර පළාත් සභා මන්ත්‍රීවරුන් රූපවාහිනිය ඉදිරියට ගිහින් විරිත්තනවා

සමහර පළාත් සභා මන්ත්‍රීවරු රූපවාහිනය ඉදිරියට ගිහින් විරිත්තනවා. පළාත් සභා හෑල්ලූවෙන විදිහට කථා කරනවා. මෙතැනට ඇවිත් නිහඩව ඉන්නවා යයි පසුගිය පළාත් සභා රැස්වීමේදී එක්සත් ජාතික පක‍ෂ මන්ත්‍රී රෝහණ බණ්ඩාරනායක මහතා පැවසීය.

ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පල්ලේකැලේ පළාත් සභා ශාලාවේදී රැස්වීම පැවැත්වින.

 මෙහිදී තවදුරටත් කථාකළ බණ්ඩාරනායක මහතා සමහර මන්ත්‍රීවරුන් පළාත් සභා හෑල්ලූ වෙන විදිහට මාධ්‍යය ඉදිරියේ කරුණු දක්වනවා. එහෙම කරලා මේ සභාවට ඇවිත් නිහඩව ඉන්නවා. 13 වැනි ව්‍යවස්ථාව ගැන කුමන මත දැරුවත් මන්ත්‍රීවරුන් ලෙස ආත්ම ගරුත්වය රැකගතයුතුයයි කීවේය.

 මේ අවස්ථාවේ දෙපක‍ෂයේම ඝෝෂාව මධ්‍යයේ ඒ.ජී. සිරිසේන මන්ත්‍රීවරයා හා රෝහණ බණ්ඩාරනායක මහතා අතර උණුසුම්කාරී වචන හුවමාරුවක් සිදුවිය.

පද්මලාල් අල්විස් මහතා (එ.ජා.ප.)
පද්මලාල් අල්විස්අලවතුගොඩ කලෙයිමගල් විදුහල නාය යාමට ලක්වෙයි කියා වසා දැමීම පිළිබඳ නැවත විමර්ශනයක් කරන්න. හැමදාම නාය යනවා කියනවා. එහෙම දෙයක් නැහැ. මේ විදුහල විවෘත කිරීමේ ඉඩකඩ සොයා බලමු.
 

 

නීතියෙන් පුළුවන්
ජමාල්ධීන් ජෙයිලාබ්දීන් මහතා

ජමාල්දීන් ජෙයිලාබ්දීන්රජයේ නොවන ඉඩමක පදිංචියට සිටින පුංචි ජන කොටසකට හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවේ සභාපති ඉන් ඉවත්වන්න කියනවා. නීතිමය පියවරකින් ඒ අය ඉවත් කරන්න පුළුවන්. තර්ජනයෙන් එය කරන්න යාම හෙළා දකිනවා.
 

 

සංජීව කවිරත්න මහතා (එ.ජා.ප.)
සංජීව කවිරත්නගලේවෙල ප්‍රාදේශීය සභාවේ පක‍ෂ විපක‍ෂ සියලූ දෙනා අත්සන් කොට ගලේවෙල මැදි විදුහලේ පැණ නැගී ඇති ගැටලූව විසඳන ලෙසට ලිපියක් භාරදී තිඛෙනවා. ප්‍රධාන අමැතිතුමනි මේ අර්බුදකාරී තත්වය සොයා බලා පිළියම් යොදන්න.
 

ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා
පළාත් සභා මන්ත්‍රීවරුන්ට භේදයකින් තොරව ලබාදීමට අවශ්‍ය තරම් ලැප්ටොප් ලැබී තිඛෙනවා. ඒවා ලැයිස්තුගත කොට ඉදිරි දිනෙක ඛෙදාදීමට නියමිතය.
 

 

පාත්‍රා ධාතුව
චිත්‍රා මන්තිලක (එ.ජා.ප.)

චිත්‍රා මන්තිලකවත්තේගම පහළ යටවර පන්සලේ චෛත්‍යය බිඳ දමලා එක රැයක් පහන්වන විට නැවත ප්‍රකෘති තත්වයට පත් කරලා. එය බිඳපු තැනක්වත් හොයා ගන්න බැරි විදියට. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා ආගමික කාරියන් සඳහා රජයේ පුර්ණ වගකීම තිඛෙන බවට. එහෙම නම් මේ සිද්ධිය ගැන සොයා බැලිය යුතුයි. පාත්‍රා ධාතුව පිළිබඳව නාථ දේවාලයේ චෛත්‍යයේ සඳහන් වෙනවා. දැන් මේවත් මේ විදියට දැනගත්තම ඒවත් අනාරක‍ෂිත වෙනවා.

ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය (එ.ජා.ප.)
ශාන්තිනි කෝන්ගහගේහාරිස්පතුව කොණ්ඩදෙනිය ජල යෝජනා ක්‍රමය අනුව දුනුවිල ගමට ජලය ලැඛෙයි කියල බලාපොරොත්තුවුවත් එය ඉටුවී නැහැ. කරුණාකර 2013දීවත් මෙම ගමට පානීය ජලය සපයන්න.
 

ප්‍රමිතිය දුර්වලයි
රිස්වි ෆාරුක් මහතා (එ.ජා.ප.)

අකුරණ බුළුගොහතැන්න මාර්ගය ඉතාම කෙටි කලත් තුළ විනාශ වෙන තත්වයට පුපුරල ඉරිතලා ගිහින්. ප්‍රමිතිය දුර්වලයි. අලවතුගොඩ කලෙයිමගල් විදුහල නාය යනව කියල වහලා. එයි ළමයින් බලහේන මුස්ලිම් පාසලට යොමු කරලා. කලෙයිමගල් විදුහල්පතිවරයා බලහේන මුස්ලිම් පාසලට අනුයුක්ත කිරීම ඉතා වැරදි වැඩක්. දෙමළ පාසල්වලට අමාත්‍යාංශ මුදල් තියෙනවා. හැම තැනම පාසල් තියෙනවා. මුස්ලිම් පාසල් එහෙම නැහැ. එහෙම තියෙද්දි මෙවැනි පියවරක් ගැනීම වැරදියි.

මානෙල් බණ්ඩාර මහතා (එ.ජ.නි.ස.)
මානෙල් බණ්ඩාරරුහුණුගම බහු කාර්යය ප්‍රජා ශාලාවේදී රජයේ හැම ආයතනයක්ම තම රාජකාරි ඉටු කර ගන්නවා. එහෙම පොදු තැනකට එක යුනිට් එකකට රුපියල් 264ක් විදුලි බිල ඇවිත්. වතුරත් උහුලන්න බැරි තරමේ බිලක් ඇවිත්. මේ පිළිබඳ සොයා බලා සාධාරණයක් ඉටු කරමු.

සෞඛ්‍ය අමාත්‍ය සුනිල් අමරතුංග මහතා (එ.ජ.නි.ස.)
සුනිල් අමරතුංගඅකුරණ ඩෙංගු අවදානමක් නෑ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒ පිළිබඳව සොයා බැලූවා. නිසි පියවර අරගෙන තියෙන බව සභාවට දැන්වීමට සතුටුයි.
 

 

තරුණ අරුණ
ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා

මාතලේ සංඝමිත්තාවේ පුපුරණ ගොඩනැගිලි යථා තත්වයට පත් කිරීමට යම් තරමකට පළාත් සභාවට මැදිහත් විය හැකියි. එය ජාතික පාසලක් වීම නිසා අපේ සීමාව අඩුයි. අනුර ප්‍රනාන්දු මන්ත්‍රීතුමා නැගු පැණය අනුව උපාධිධාරීන් තරුණ අරුණ වැඩටසහනින් බඳවාගෙන සේවයට අනුයුක්ත කර තිඛෙන බවත් ඉදිරියේදී ඔවුන් සුදුසු තත්වයන්හි පිහිටුවනු ඇති බවත් කිව යුතුයි.  ගොඩනැගිලිවල අඩුපාඩු සකසා නිසි වාර්ථා ලබාගෙන අනුමත කළ පසුවයි කොන්ත්‍රාත් කරුවන්ට ගෙවීම් සඳහා නිර්දේශ ලැඛෙන්නේ. එහෙම නොකොට ගෙවීම් කරනු ලැබුවොත් ඒ චෝදනාවත් අපිටයි.

අනුර ප්‍රනාන්දු මහතා (එ.ජ.නි.ස.)
අනුර ප්‍රනාන්දුවිමධ්‍යගත ප්‍රතිපාදන වලින් කෙරෙන වැඩ සඳහා අපිට සැලසුමක් හා පෙලගැස්මක් පිළිබඳ සවිස්තර දැනුවත් කිරීමක් සැලසුම් අධ්‍යක‍ෂවරයා විසින් කළ යුතුයි. කුමන ව්‍යාපෘති වලටද මුදල්වෙන් කරන්න නිර්දේශ වුණේ යන්න මහජන නියෝජිතයින් හැටියට අපි දැනගත යුතුයි. එහෙම නැත්නම් අපිට සරල උත්තරයක් ලැඛෙයි. ඒක ගැන දන්වල යවල තියෙන්නෙ තවම පිළිතුරක් නෑ කියල.
    ගුණදාස අමරසේකර මේ ගරු සභාවේ අයෙක් නොවී පළාත් සභාව විවේචනය කරන්නේ නම් ඔහු ගැනද කථා කිරීමේ අයිතිය මන්ත්‍රීවරුන්ට තිබිය යුතුයි. ඔහු පළාත් සභා එපා කියන්නේ මොන අයිතිවාසිකමක් යටතේද? අපි ඡන්දෙනුයි මෙතැනට ආවේ.

එදිරිවීර වීරවර්ධන මහතා (එ.ජ.නි.ස.)
 එදිරිවීර වීරවර්ධනඡමාල්ධීන් මන්ත්‍රීවරයා සභාවට ඉදිරිපත් කළ අදහස වැරදියි. අකුරණ පුද්ගලික ඉඩමක් නෙවෙයි ඇත්තේ. එය රජයේ ඉඩමක්. එහි සිටින්නේ අනවසර පදිංචිකරුවන්. එහි දැනට බලෙන් ඉන්න අයට තමන්ගේ අයිතිය තහවුරු කළ හැකිනම් උසාවියට කරුණු දක්වා සාධාරණයක් ඉටුකරගත හැකියි. එම ඉඩම රජයේ ඉඩමක්.

පළාත් සභා අහෝසිවනතුරු
තුෂාර ස්වර්ණතිලක මහතා (හෙළ උරුමය)

තුෂාර ස්වර්ණතිලකඅපි පළාත් සභාවලට විරුද්ධ වෙමින් මෙහි මන්ත්‍රීකම් දරණවා නොවෙයි. පළාත් සභා අහෝසි වනකම් අපි එහි මන්ත්‍රීවරුයි. එයයි නීතිමය තත්වය. අපි පළාත් සභාවලට විරුද්ධයි කියලා මේ සභාවේ අපේ හඩ යටපත් කිරීම අසාධාරණයි.
    (මහිදී සභාවේ දැඩි උණුසුම් වාතාවරණයක් ඇතිවුයෙන් නියෝජ්‍ය සභාපතිවරයා විසින් ස්වර්ණතිලක මහතාට වෙනත් වාරයකදී අදහස් දැක්වීමට ඉඩ ඇති බව පවසන ලදි.) ඒ අනුව මන්ත්‍රීවරයා නිහඩ  විය. නියෝජ්‍ය සභාපති ඩබ්ලිව්.එම්.යසමාන මහතා විසින් මෙහිදී සභාව කල් තබන ලදි.

Saturday 25th of March 2017. Joomla Templates Free. The Kandy News Online Edition - CMS Implementation: Webvision Sri Lanka.