Earl's Regency's Arjun Rathnayake wins Bartender Challenge

Earl's Regency Kandy  Bartender Arjuna Rathnayake wowed the audience and charmed the judges with his original cocktail creation “Absolut Stinger” to win the Kandy Region Absolut Bartender Challenge Competition (Classic Category) 2012. The competition held recently at Amaya Hills Hotel was organized by Periceyl (Pvt) Ltd in collaboration with the Kandy Hoteliers Association.

කන්තෝරුවල නිලධාරින්ගේ පුටු හිස්

පසුගියදා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා විසින් කරන ලද  පරීක‍ෂණයකදී බදාදා දිනයේවත් නිලධාරින් කාර්යාලවල නොසිටි බව හෙළි වී තිබේ.   

මේ පිළිබඳව අදහස් දැක්වු ටිකිරි කොබ්බෑකඩුව මහතා දෙමළ සහෝදරයින්ගේ ප්‍රශ්න බදාදාට විසඳන්න ඉන්න දෙමළ අංශය භාර පළාත් අධ්‍යක‍ෂවරයාත් එදා සීට් එකේ නොසිටි බව කීවේය. සෞඛ්‍ය අංශයට පසුගිය දවස්වල හැඳුනු ලෙඩේම තමයි මේ අයටත් හැදිල තියෙන්නෙ. පළාත් අධ්‍යක‍ෂවරු තුන් දෙනෙක් නෑ. විෂය අධ්‍යක‍ෂවරුන් ඒ ගානම නෑ. මෙහෙම ගියොත් මධ්‍යම පළාත් කන්තෝරුවලින් මිනිසුන්ට වැඩක් කරගන්නම ලැඛෙන්නේ නෑ යනුවෙන්ද පැවසු ටිකිරි කොබ්බෑකඩුව මහතා උදේ 8.30ට අත්සත් කොට 10.30 වනවිට පළාත් අධ්‍යක‍ෂ ඇතුලූ 16 දෙනෙකු අධ්‍යාපන කාර්යාලයේ නොසිටීම දැඩි විනය ප්‍රශ්නයක් බවද පැවසීය.

උඩහේන්තැන්න සේනාධිකාරි ජාතික පාසල දවසින් දවස පිරිහෙනවා

 උඩහේන්තැන්න සේනාධිකාරි ජාතික පාසල දවසින් දවස පිරිහෙනවා. මෙයට එකම හේතුව එහි ඇති පරිපාලන දුර්වලතා. මේවට අධ්‍යාපන නිලධාරින් වගකිව යුතුයි. මේ අධ්‍යාපන නිලධාරින්ගෙ කෙරුවාවන් ගැන හොයා බලන්න කියල ගග  ඉහළ කෝරළේ සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙදිත් දේශපාලඥයින් ඉල්ලීම් කරල තියෙනවා. දෙමව්පියොත් කියන්නෙ ඒකමයි. අපි අධ්‍යාපනය ගැන බලන්න ඕනෑ. විශේෂයෙන් දුප්පත් ළමයි ඉගෙන ගන්න පාසල් ගැන. මේ දුප්පත් දරුවො ගැන අපි බලන්නෙ නැතිනම් කවුද බලන්නෙ.

පාරිභෝගිකයාට ප්‍රතිලාභ ලබාදීම අපේ අරමුණයි

ආර්.කේ. ආරියසේන මහතා ආර්.කේ. ආරියසේන මහතා මීට දසක කීපයකට පෙර ඉතා දුෂ්කරතාවයන්ට මුහුණ දෙමින් එදා අප එළවළු වෙළඳාම කර පසුව මැණික්කුඹුර තොග වෙළඳ ආයතනයට ගිය නමුත් තවමත් අභියෝග ජයගත යුතුව ඇතැයි කටුගස්තොට මැණික්කුමුර එළවළු තොග වෙළඳ සංගමයේ සභාපති ආර්.කේ. ආරියසේන මහතා මේ අදහස් පළකළේ තම සංගමයේ 51 වෙනි සංවත්සරය මහනුවරදී පවත්වන ලද අවස්ථාවේදී පිිළිගැනීමේ කථාව සිදුකරමිනි.   

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ආරියසේන මහතා මෙසේද පැවසීය. අපි මේ එළවළු වෙළදාමේ නිරත වෙන්නේ දශක හතක ඉඳන්. ඒක දුෂ්කර ගමනක්. ඉතාම හොඳ ස්ථානයක ඉදල අපි මැණික්කුඹුරට ගොස් දැඩි කැපකිරීමක් කරලා. අද එම ස්ථානය සංවර්ධනය කොට වෙළඳුන්ට සහන ලබාදීම හා එම ප්‍රතිලාභ අපේ පාරිභෝගිකයාටත් ලබාදීම අපේ උතුම් පරමාර්ථයක්. හිටපු නගරාධිපතිවරු හයදෙනෙක්ම අපේ සමුළුවට සහභාගිවීම ධෛර්්‍යයක්. වත්මන් නගරාධිපතිතුමා, කොමසාරිස්තුමා උත්සවය අවසානයේ නගරාධිපතිවරුන් ඡායාරූපයකට පෙනී සිටි අයුරු උත්සවය අවසානයේ නගරාධිපතිවරුන් ඡායාරූපයකට පෙනී සිටි අයුරු හා නාගරික මන්ත්‍රීවරු අපේ ප්‍රශ්න පිළිබඳව හොඳ වැටහීමකින් සිටීම අපට ශක්තියක්. එදා 2002 මැණික්කුඹුරට යනවිට එවකට නාගරික කොමසාරිස් බුළුමුල්ල මැතිණිය නගරාධිපති කේසර සේනානායක මහතා අපට දැක්වු ලෙන්ගතු බව හා දිරිගැන්විම අපිට අදටත් ශක්තියක් යනුවෙන්ද පැවසු ආරියසේන මහතා තම සංගමය වසර 51තුළ සංගම් සාමාජිකත්වයේ අභීවෘද්ධිය පතා දැක්වු සහාය ඉදිරියටත් පළ කෙරෙන බවද ඒ සඳහා සියල්ලන්ගේද සහයද ඉල්ලා සිටිනු ලැබිණි.   

බොහෝ එෆ්.එම්. නාළිකා විගඩමක්

මේ රටේ ජනමාධ්‍යය රටේ දරුපරපුරට ආදර්ශයක් ලබාගත හැකි තත්වයෙන් තිබිය යුතුයි. කැඩිච්ච ඉංග්‍රීසි වචන දම දමා සිංහළ කථා කිරීම ජනමාධ්‍යයෙන් නොකළ යුත්තක්. අපිට හොඳටම පෝෂණය වුණු භාෂාවක් තියෙනවා. එය නිවැරදිව පාවිච්චි කිරීමයි අවශ්‍යය. අද කිසිම හිරිකිතයක් නැතිව අසංවර ඇඳුම් ඇදගෙන භාෂාව විනාශ කරමින් ගෙන යන මේ එෆ් එම් නාලිකා විගඩමක්. මොනවද මේ අයගෙ කථාවලින් ගත හැකි ආදර්ශය. ඉස්සර පුවත්පතක් අරගෙන කියෙවුවහම භාෂාව එතැන මුර්තිමත් වෙලා. ඉස්සර ජනමාධ්‍යය හරිම වගකීමකින් හැසිරුණා. මේව විනාශ වෙනාකොට අපි නිහඩ විය යුතු නැහැ. මහමායා බාලිකාවන් මැදිහත්වෙලා පසුගිය කාලෙ කොට ඇඳුම් ඇඳගෙන ප්‍රවෘත්ති කියන අයට විරෝධය දැක්වුවා. ඒවා අපිට නතරකරවන්න පුළුවන් වුණා. 

 

අවංකව දේශපාලනය කිරීම අමාරුයි

අවංකවම කැපවීමකින් දේශපාලනය කරන්න ගියාම බොහෝ දෙනා එරෙහි වෙනවා. අපි දේශපාලනයෙන් හම්බ කරන්නේ නෑ. මහජන මුදල් ගසා කන්නේ නෑ. එහෙම වුණාම අපේ රටේ දේශපාලනය කරන්න අමාරුයි. බොහෝ අය මෙතැනදි අපිත් එක්ක හේතුවක් නැතිව තරහාවෙන්නේ ඇයිද කියන එකත් ප්‍රශ්නයක්. ගගවට කෝරළයේ ප්‍රාදේශීය සභාවේ සභාපති ගාමිණි විජය බණ්ඩාර මහතා මේ අදහස් පලකලේ පසුගිය ඔක්තෝබර් 23 වනදා පැවති ප්‍රාදේශීය සභා රැස්වීමෙන් අනතුරුව කැන්ඩි නිවුස් පුවත්පතට විශේෂ ප්‍රකාශයක් ලබාදෙමිනි.   

දියර කිරි භාවිතය ප්‍රචලිත කළ යුතුයි

දියර කිරි ජනතාව අතර ප්‍රචලිත කිරීමට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ක්‍රියා කරගෙන යන බවත්, දරුවන්ගේ පෝෂණය සඳහා පාසැල්වල කිරි අලෙවි සැල් විවෘත කර එමගින් කිරිගොවීන්ට අමතර ආදායමක් ලබාගැනීමට අවස්ථාව සැලසෙන බවත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක‍ෂ කුමාරී සෙනවිරත්න මහත්මිය ප්‍රකාශ කළාය.   

නගරාධිපති පදවිප්‍රාප්තියේ වසරක සැමරුම

 පුරපති කරඩුව වැඩමකරවයිපුරපති කරඩුව වැඩමකරවයිමහනුවර නගරාධිපති මහීන්ද්‍ර රත්වත්තේ මහතාගේ මහනුවර නගර පරිපාලනය භාරගෙන පුරා වසරක් පිරීම පුරපති ඇතුළු මන්ත්‍රීවරු පැන්වඩතිපුරපති ඇතුළු මන්ත්‍රීවරු පැන්වඩතිනිමිත්තෙන් වරු පිරිත් දේශණයක් හා සංඝගත දක‍ෂිණිවක් පසුගිය 16 සහ 17 වන දිනවල මහනුවර මහනගර සභා පරිශ්‍රයේදී පැවැත්විණි.         

 

මල්වතු, අස්ගිරි අමරපුර රාමඤ්ඥයන ත්‍රෛයි නිකායවලට අයත් මහා සංඝරත්නය මෙම අවස්ථාවට සහභාගී වු අතර මහනුවර මහ නගර සභාවේ පක‍ෂ විපක‍ෂ සියළු මන්ත්‍රීවරු සහ නාගරික කාර්ය මණ්ඩලයද මෙම අවස්ථාවට සහභාගි වූහ.

මැද ඇල ව්‍යාපෘතිය නිමවීමට ළගයි

වර්ෂාව සමයේ මැද ඇල වර්ෂාව සමයේ මැද ඇල සුදුහුම්පොල, දෙයියන්නේවෙල, ගැටඹේ ආශ්‍රීත ප්‍රදේශ හරහා ගලායන මැද ඇල මහනුවර නගරය හරහා ගලා යන ජලය මහවැලි ගංගාවට එක් කරන ප්‍රධාන ජල මාර්ගයයි.

වර්ෂාකාලය වන විට ඉතා විශාල ජල දහරාවක් ගලායන අතර එහි ඉවුරු අසල මාර්ගය එම ජලයෙන් යටවීම බොහෝවිට සිදුවේ. කාලයක් තිස්සේ ප්‍රදේශවාසී ජනතාව මුහුණ දෙන මෙම ගැටළුව විසඳීමට වත්මන් මහනුවර පුරපති මහීන්ද්‍ර රත්වත්තේ මහතා මැද ඇල ප්‍රතිසංස්කරණ විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.   

Kandy Mayor's Residence at Risk from a Rock Slide

 The official residence (left) that the Kandy mayor Mahendra Ratwatte  and his family occupy is at risk from a rockslide from and old quarry (right) that lies on a land immediately above the house. Loose boulders from the quarry had begun to roll down the slope towards the house from about 2008. Geologists and engineers who have been consulted have proposed a technical solution to prevent rockslides from happening. However, until remedial measures are taken they have advised the mayor to move out of the house. KMC sources told The Kandy News that the Council would rent a temporary residence for the mayor until the work is completed.

Monday 20th of November 2017. Joomla Templates Free. The Kandy News Online Edition - CMS Implementation: Webvision Sri Lanka.