කලාව දරු පරපුරෙහි හැදියාවට අත්‍යාවශ්‍යයි

 මහාචාර්යය ජයසේන කොට්ටේගොඩ මහාචාර්යය ජයසේන කොට්ටේගොඩකළා උළෙලේ ඛෙරවාදන කණ්ඩායමක්කළා උළෙලේ ඛෙරවාදන කණ්ඩායමක්මෙරට දරු පරපුරෙහි යහපත් අනාගත පැවැත්මට හුරුපුරුදුකරවීම සඳහාත් විනය ගරුක හැදියාවකින් යුතු සමාජයක පැවැත්ම සඳහාත් කලා කටයුතුවල යෙදීමෙන් ලබන පන්නරය අතිමහත් වන බැවින් ධර්මරාජය අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන මෙම වැඩසටහන විශිෂ් ඨ ගණයෙහිලා සැළකිය යුතුමය. සමාජයෙහි වෙසෙන කුමන ආකාරයක හෝ වෘත්තීමය තත්වයක හෝ ජීවත්වන අයෙකුට වෙහෙසකාරී පීඩාකාරී මානසික චෛතසිකය යහපත් බවට පත්කර ගැනීමට නම් කලා රසඥතාව කෙරෙහි යොමුවීම අතිශයින් ප්‍රබල සාධකයක් වන හෙයින් මෙවන් කලා උළෙලක් පවත්වාගෙන යාමෙන් සමාජයීය මෙහෙවරක් ඉටුවන බවද සිහිපත් කළ යුතුයි. සෞන්දර්්‍යය කලා විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්යය ජයසේන කෝට්ටේගොඩ මහතා මහනුවර ධර්මරාජ විද්‍යාලයේ කලා උළේලේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගවු අවස්ථාවේදී පැවසීය.

කළා උළෙලේ නර්තන අංගයක් කළා උළෙලේ නර්තන අංගයක් කලාව මිනිසාට නුහුරු නුපුරුදු දෙයක් නොවෙයි. ඔහුගේ ආදි මානව ක්‍රියාවලියන් තවත් කෙනෙකුට විස්තර වුනේ කලාව උපයෝගි කරගැනීමෙනුයි. මානුෂික ගති පැවතුම් ඔප මට්ටම් කරන්නේ කලාව තුළින් කුඩා කල පටන්ම කලාවේ ආභාෂය දරුවන් තුළ වර්ධනය වු විට යහපත් මිනිසෙකු බිහිවෙනු ඇතිබව මගේ විශ්වාසයයි. වත්මනයේ සමාජ ක්‍රමය තුළ මිනිසාගේ අධිවේගී හැසිරීම් රටාව තුළින් බිහිවී ඇති යාන්ත්‍රික මිනිසා මේ සමාජයේ ගුණ ගරුක හා යහපත් බවට සිදුකරන්නාවු හානිය මෙපණකැයි කියන්නට බැහැ. සංවේදී සරල මානුෂික ගුණධර්ම වැඩීමට නම් ජීවිතයට සෑම අයෙකු විසින්ම කලාව අරෝපණය කරගත යුතුව තිඛෙනවා යනුවෙන්ද පැවැසු ජ්‍යෙෂ්ඨ මහාචාර්යයවරයා මෙම කලා උළෙල මගින් ඉදිරිපත් කළ සෑම අංගයක් තුළින් එම වටිනා පණිවුඩය කලාත්මකව වෙහෙසකර බවින් තොරව ලබාදීමට සැලසුම් සහගතව ඉදිරිපත්ව තිබීම සතුටට කරුණක් වන බවද සඳහන් කළේය.

පන්සලෙන් ඈත්වු පසුවයි අප පිරිහුනේ

මහානාහිමිවරුන් සහ ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ඇතුළු උළෙලට සහභාගි වු අය  මහානාහිමිවරුන් සහ ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ඇතුළු උළෙලට සහභාගි වු අය  ගමයි පන්සලයි සංකල්පයෙන් ඉවත්වී මිනිසුන් මුදල් පසුපස හඹායන්නට පටන්ගත්දා සිට ඇතිවී තිඛෙන දරුණු විපාක අද අපට දක්නට ඇතැයි අස්ගිරිය මහා විහාර පිරිවේනාධිපති ශාස්ත්‍රීය පණ්ඩිත නාරම්පනාවේ ආනන්ද නාහිමියෝ ප්‍රකාශ කරති.

උන්වහන්සේ මේ අදහස් පලකළේ කහ සිවුරයි කලා කෙතයි සංජානනී ශිෂ්‍ය භික‍ෂු උළෙල අස්ගිරි මහා විහාර පිරිවෙනේදී පැවති අවස්ථාවේදීය.

Saturday 25th of March 2017. Joomla Templates Free. The Kandy News Online Edition - CMS Implementation: Webvision Sri Lanka.