මහයියාවේ නාගරික ප්‍රදේශවාසීන්ගේ නිවාස ගැටලූව උග්‍ර වෙලා මහයියාව නිවාස සංකීර්ණය කඩිනමින් ජනතා අයිතියට පත් කරන්න පියවර ගන්න

Print

මහනුවර මහ නගර සභාවේ පිළිගැනීමේ නිලධාරියා, පෙර පාසැල් ගුරුවරියන්, නාගරික ගිනි නිවන ඒකකයේ රියදුරන් පවා සේවය ස්ථීර කිරීමට කටයුතු කොට තිඛෙන්නේ කම්කරු කියන තනතුරේයි. මේ හේතුවෙන් මේ වෘත්තිකයන් විශාල අසාධාරණයකට ලක්වෙලා. මේ අයට උසස්වීම්, වැටුප් වැඩිවීම් සහ වෙනත් දීමනා ලබා දීමේදි දැඩි ගැටළු උද්ගත වෙලා. මේ රාජ්‍ය සේවකයන් ඔවුන්ගේ නියම තනතුරේ ස්ථීර කිරීමට කුමන හෝ පියවරක් ගත යුතුව තිඛෙනවා යැයි මහනුවර මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී සරත් විෙජ්සිංහ මහතා කීය.

ඉකුත් 29 වන දින මහනුවර මහ නගර සභා ශාලාවේ පැවති මාසික රැස්වීමේදි ඒ මහතා ඉහත අදහස් පල කළ අතර මහනුවර පුරපති මහීන්ද්‍ර රත්වත්තේ මහතාගේ ප්‍රධානත්වයෙන් සභා රැස්වීම පැවැත්විණි.

සරත් විජේසිංහ මහතා (එ.ජ.නි.ස)
සරත් විජේසිංහසරත් විජේසිංහපසුගිය සමයේ රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ දුෂ්කරතා නිසයි මේ කම්කරු තනතුරු මත බඳවා ගැනීමට සිදු වුනේ. මේ දැන් වසර 14,15 සේවය කොට තිඛෙනවා. ආදේශක හා අනියම් තනතුරුවල සිටින සියලූ රාජ්‍ය සේවකයන් ස්ථීර කරන්න කියල ජනාධිපතිතුමන් නියම කොට තිබුණත් කම්කරු තනතුරුවල සේවා ස්ථීර කළ මේ පිරිස නැවත වරක් වෙනත් තනතුරක ස්ථීර කිරීමට නොහැකිවී ඇති නිසා ඔවුනට සාධාරණයක් ඉටු කරන්න පියවරක් ගත යුතුයි.
  

 නාගරික මන්ත්‍රී මාසික දීමනාව වැඩි කොට නාගරික මන්ත්‍රීවරුන්හට මාසික දීමනාව වැඩි කරන්න වගේම ඔවුනට යතුරු පැදි ලබා දීමට කටයුතු කළ ජනාධිපතිතුමන්ට පක‍ෂ භේදයකින් තොරව ස්තූතිය පුද කළ යුතුයි.

වරුණ ලියන්ගේ මහතා (එ.ජා.ප)
වරුණ ලසන්ත ලියනගේවරුණ ලසන්ත ලියනගේඅධික වර්ෂාව හේතුවෙන් අම්පිටිය, නුවරවෙල ප්‍රදේශවල මාර්ගය දෙපස කාණුවල පිරී ඇති වැලි ගොඩ දාල විකිණීම සිදු කරපු ළමයි අල්ලලා උසාවි දාලා රුපියල් 50,000ක් දඩ ගහලා. මේක විශාල අසාධාරණයක්. මේ වැලි ගොඩ දැමීමෙන් කාණු පිරිසිදු වෙනවා. නැතිනම් නගර සභා කම්කරුවන් යොදා පිරිසිදු කරන්න වෙනවා. මේ කාණුවල වැලි කියුබ් 50ක් විතර නිතර පිරෙනවා. මුදලක් අය කර හෝ මේ වැලි ගොඩ දාන්න බලපත්‍රයක් ලබා දෙන්න. පසුගිය කාලේ රාත්‍රි කාර් රේස් වලට හමුදාවෙන් ඇවිල්ලා වැලි කොට්ට ගණන් පුරවාගෙන ගියා බලපත්‍රයක් නැහැ. පොලීසියත් නැහැ. නීතිය පොඩි මිනිහට විතරයි.

අම්පිටිය නුවරවෙල ප්‍රදේශ සඳහා ගමින් ගමට සංවර්ධන වැඩ සටහන යටතේ යෝජනා 11ක් නම් කොට තිබුණත් ක්‍රියාත්මක වන්නේ එක යෝජනාවක් පමණයි. අනෙක් ඒවා ප්‍රතිපාදන නොමැත කියලා අයින් කරල දාලා තියෙනවා. මේවාට මුදල් ලබා නොදෙන්නේ ඇයි.

නගරාධිපති මහීන්ද්‍ර රත්වත්තේ මහතා
නගරාධිපතිනගරාධිපතිවැලි ගොඩ දැමීම සඳහා නගර සභාවට බලපත්‍රයක් නිකුත් කරන්න බැහැ. කාර් රේස් වලට මෙහෙන් වැලි දුන්නේ නැහැ. ඒවා ආරක‍ෂක අංශ වෙනත් පළාත් වලින් ගෙනෙන්න ඇති. නුවරවෙල සංවර්ධන යෝජනා එකක්වත් මන්ත්‍රීතුමා යෝජනා කළ ඒවා නෙවෙයි. අවශ්‍යතාවය මත මේ යෝජනා සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදී තිඛෙනවා.

 

 

 

එස්. සිවඥානම් මහතා (එ.ජා.ප)
සින්නයියා සිවඥානම් සින්නයියා සිවඥානම් සුළු සේවක පරිපාලකවරුන්ගේ සේවය ස්ථීර කරන්න කටයුතු කරන්න. මේ අය වසර ගණනාවක් සේවය කර තිඛෙනවා. මහයියාවේ පොදු වැසිකිළිවල දොරවල් නැහැ. කාන්තාවන් හා දරුවන් අපහසුතාවයට ලක්වෙලා. ඉක්මණින් දොරටු සවි කරන්න පියවර ගන්න.

 

 

 

 

නගරාධිපති මහීන්ද්‍ර රත්වත්තේ මහතා
සුළු සේවා පරිපාලකයන් 50ක් හරි හොයා ගන්න පුලූවන්. ඒත් මේ කම්කරුවන් නගරයට කරන විශිෂ්ඨ සේවය හා කිසිවකට සම කරන්න බැහැ. ඔවුන්ගේ සේවය මා නිතරම අගය කරනවා. මාස හයකට පෙර මහයියාවේ පොදු වැසිකිළි සඳහා දොරටු ලබා දුන්නත් දැන් ඒවා අස්ථාන ගතවෙලා. මේවා ආරක‍ෂා කර ගන්න ප්‍රදේශවාසීන්ගේ වගකීමක් තිඛෙනවා.

රාජා පුෂ්පකුමාර මහතා (එ.ජා.ප)
රාජා පුෂ්පකුමාරරාජා පුෂ්පකුමාරමහනුවර ආගමන විගමන කාර්යාලය පිහිටි පටු මාර්ගය දෙපස රථ  වාහන ගාල් කිරීමෙන් ඒ අවට ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවයට පත්වෙලා. එම නිවාසවල පිවිසුම් මාර්ග අවහිර කොට නිවැසියන්ගේ වාහනයක්වත් පාරට දැමීමට නොහැකි තත්වයක් උද්ගත වෙලා. අවධානය යොමු කරන්න. මහයියාවේ නාගරික ප්‍රදේශවාසීන්ගේ නිවාස ගැටලූව උග්‍ර වෙලා. මහයියාව නිවාස සංකීර්ණය කඩිනමින් ජනතා අයිතියට පත් කරන්න පියවර ගන්න.

 

 

නගරාධිපති මහීන්ද්‍ර රත්වත්තේ මහතා
මේ නිවාස සංකීර්ණයේ වැඩ අවසන් කිරීම සඳහා රුපියල් බිලියන 03ක් අවශ්‍ය වෙනවා. මේක මගේ මැතිවරණ පොරොන්දුවක් නිසා හැකි ඉක්මණින් වැඩ අවසන් කොට ජනතා අයිතියට පත් කිරීමට අවශ්‍ය පියවර ගන්නම්.

සුමින්ද වික්‍රමසිංහ මහතා (එ.ජා.ප)
සුමින්ද වික්‍රමසිංහසුමින්ද වික්‍රමසිංහජනාධිපතිතුමන් විසින් පසුගියදා විවෘත කළ දුම්රිය පොළ මාර්ගයේ නව වෙළඳ සංකීර්ණය කඩ සාප්පු එකසිය ගාණක් වුනත් තවම විවෘත කොට ඇත්තේ ව්‍යාපාරික ස්ථාන 12ක් පමණයි. ජනතාව එතැනට යන්නේ නැහැ. ජනතාව මේ වෙළඳ සංකීර්ණය හරහා ගමන් කර අයුරින් පදික මාර්ග සැකසිය යුතුයි. මේ වෙළදුන් මේ කඩ කාමර අරගෙන තියෙන්නේ ණයට මුදල් අරගෙනයි. ඒ අය පිළිබඳව සානුකම්පිතව සිතා කටයුතු කරන්න. නැතිනම් මේ අයට වෙන්නේ එතැනින්න යන කෝච්චියට පනින්නයි. මධ්‍යම වෙළඳ පොළ අසළ ඉදිරි කොටස නාගරික මන්ත්‍රීවරයෙකුගේ මැදිහත්වීමෙන් ව්‍යාපාරිකයන්ට ඛෙදාදී තිඛෙනවා. ඒ ආකාරයෙන් මේ අය ගැනත් සිතා යමක් කරන්න.

 

නගරාධිපති මහීන්ද්‍ර රත්වත්තේ මහතා
මේ වෙළඳ සංකීර්ණයේ වැඩ කටයුතු තවමත් සම්පුර්ණයෙන්ම අවසන් කොට නැහැ. මේ වෙළෙඳුන්ට අසාධාරණයක් වෙන්න නගර සභාව කටයුතු කරන්නේ නැහැ. මේ වෙළඳ සංකීර්ණය හරහා ජනතාව ගමන් කරන ආකාරයෙන් විධිමත්ව පදික වේදිකා ස්ථාපිත කිරීමට සැලසුම් කොට තිඛෙන අතර එම සැලසුම් වඩාත් විධිමත්ම ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා. මහනුවර නගරය මෙතෙක් කිසිවකුගේ නිසි අවධානයට ලක් නොවුනත් ජනාධිපති මහින්ද රාජපක‍ෂ මහතා මේ ලෝක උරුම නගරය සංවර්ධනය කිරීම සඳහා ගන්නා උත්සාහය පිළිබඳව අපි එතුමාට ස්තූතිය පුද කළ යුතුයි.

ඉලාහි ආබ්දීන් මහතා
ඉලාහි ආබ්දීන්ඉලාහි ආබ්දීන්නගර සභා ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ වසර 10-15 පැරණි සේවකයන් ඉන්නවා. සේවා ස්ථීර වීමක් නැහැ. ඒ පිළිබඳව නගාරාධිපතිතුමාගේ අවධානය යොමු කරන්න. නගර සභාවේ විවිධ අංශවල සේවකයන් කම්කරු තනතුරේ ස්ථීර කළේ ඔවුන්ගේ රැකියා සුරක‍ෂිත භාවය උදෙසායි. ඔවුන්ට අපි යම් කිසි සාධාරණයක් ඉෂ්ඨ කළ යුතුයි.

 මේ නගර සභාවේ ඉඩම් අංශයේ අක්‍රමිකතා පිළිබඳව අපි පෙන්වා දෙන කොට ඒ අය අපට උත්තර එවල තියෙන්නේ හොරාගේ අම්මාගෙන් පේන අහන ක්‍රමයටයි. මේ නිලධාරින් මහජන මුදල්වලින් වැටුප් අරගෙන නිසි අකාරයෙන් සේවය කරන්නේ නැහැ. හොරාගේ අම්මාගෙන් පේන අහන උත්තර අපට අවශ්‍ය නැහැ. නිසි සේවයක් නොකරන ඉඩම් අංශයේ ප්‍රධාන නිලධාරියා තමාගේ කාමරේ සීසීටීවී කැමරාව ගලවා ස්ථානය වෙනස් කරන්න දෙවරක් උත්සහ කළා. මම මැදිහත් වෙලා ඒක නවතා දැම්මා. මේ නගර සභාවේ සේවය කරන කිසි කෙනෙකුට කැමරා වෙනස් කරන්න අවශ්‍ය වුනේ නැහැ. මේ නිලධාරියාට කැමරා වෙනස් කරන්න අවශ්‍ය වුනේ ඔහු නියමිත පරිදි තම සේවය නොකරන නිසයි. එයාගේ වැරදි වහ ගන්නයි. කැමරා ඉවත් කරන්න උත්සහ දරන්නේ. මේ නගර සභාවේ වැරදි කරන එකම නිලධාරියා එයා බව මේ කරන කියන දෙයින් අපට වැටහෙනවා.

රාජා පුෂ්පකුමාර මහතා (එ.ජා.ප)
මල්වතු මහ විහාර පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මහෝපාධ්‍ය පුජ්‍ය ධම්මානන්ද හිමියන්ගේ 99 වන ඡන්ම දිනය පසුගියදා එළඹුනා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ශ්‍රේෂ්ඨ සඝ රුවනක් වු උන් වහන්සේට උපහාරයක් පිදීම නගර සභාවෙන් සිදු විය යුතු යුතුකමක් හා වගකීමක් බව මම සඳහන් කරනවා.

නගරාධිපති මහීන්ද්‍ර රත්වත්තේ මහතා
එය ඉතාමත් හොඳ යෝජනාවක්. පිදිය යුත්තන් පිදීමට මේ නගර සභාව කිසි විටෙකත් පැකිලෙන්නේ නැහැ. අපි ඉතා කඩිනමින් උන් වහන්සේ බැහැ දැක අපේ ගෞරවණීය උපහාරය පුද දීමට කටයුතු කරමු.

Saturday 25th of March 2017. Joomla Templates Free. The Kandy News Online Edition - CMS Implementation: Webvision Sri Lanka.