ජය මහින්දටද නැත්නම් මෛත්‍රීටද?

ජනවාරි 8 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වත්මන් ජනාධිපති මහින්ද රාජපක‍ෂ මහතා සහ විපක‍ෂයේ පොදු අපේක‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සටනකි. ජනාධිපතිවරණයට විරුද්ධ පක‍ෂයෙන් පොදු අපේක‍ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බව මෙම පුවත්පත 2013 ඔක්තෝබර් ,ද කැන්ඩි නිවුස්, කලාපයේ කතුවැකියෙන් යෝජනා කළෙමු. එහිදී අපේ තර්කය වුයේ එවැනි පොදු අපේක‍ෂකයෙකුට රාජපක‍ෂ මහතා දැක්විය හැකි දක‍ෂතම ප්‍රතිචාරය විය යුත්තේ විධායක ජනාධිපතිධුරය වහා අහෝසික කර 17 වන ව්‍යවස්ථා සංශෝධනය යළි ක්‍රියාත්මක කර මෙරට යහ පාලනයක් ඇතිකිරීම බවයි. එය සිදුවන්නේ නම් ඔහුගේ ජනප්‍රියතාවය වැඩි වනු ස්ථීරය. එහෙත් කවර හේතුවකට හෝ වේවා රාජපක‍ෂ මහතා විධායක ජනාධිපතික්‍රමය පවත්වාගෙන යාමට සෑම උත්සාහයක්ම දරණ බව පැහැදිළිය. ඔහුගේම පක‍ෂයේ ජ්‍යෙෂ්ඨයෙකුවු මෛත්‍රීපාල සිරිසේන මහතා විරුද්ධ පක‍ෂයේ පොදු අපේක‍ෂකයා වශයෙන් ඉදිරිපත්වී සිටින්නේ එබැවිනි.

ඡන්දය කාට දියයුතුදැයි තීරණය කිරීම ඡන්දදායකයා සතු ප්‍රජාතන්ත්‍රවාදී අයිතියකි. එම අයිතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විධිවිධාන සහ සාමකාමී පරිසරය සහතික කිරීම රජයේ වගකීමයි. රජය යනු ජනාධිපතිවරයාගේ සිට සාමාන්‍ය කොස්තාපල්, ග්‍රාම සේවක සහ කාර්යාල කාර්යය සහයක දක්වා රජයේ සේවයේ නියුක්ත සෑම කෙනෙකුම අයිති යන්ත්‍රණයයි. මැතිවරණ කටයුතු සංවිධානයට සහ මැතිවරණය ලබන ජනවාරි 08 පැවැත්වීම එම යන්ත්‍රණයට බැහැරය. එම කටයුත්ත දේශපාලන බලපෑම් වලින් තොරව සාධාරණ ලෙස ඉටුකිරීම එයට සහභාගිවන සියලූ නිලධාරීන්ගේ පරම යුතු කමකි. එම සේවය කිසියම් ආකාරයකට හෝ පැහැර හැරීම ඉතා බරපතල වරදක් පමණක් නොව සමාජයට කරන අති විශාල අසාධාරණයක්ද වනු ඇත.

නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වේය යන සිතාගැනීම යටතේ කවර ප්‍රතිඵලයක් ලැබේදැයි ජනතාව අතර උනන්දුවක් ඇතිවී තිබේ. ඡන්ද ප්‍රථීඵල අනාවැකි කිරීමට ක්‍රම දෙකක් තිබේ. 

ජය මහින්දටද Continued ..

Doing Well While Doing Good

Get an Internationally Recognized Masters Degree from Peradeniya 

MDP Alumni Samantha Lindsay talks of her experience in the MDP program, MDP Night 2014MDP Alumni Samantha Lindsay talks of her experience in the MDP program, MDP Night 2014If you are interested in doing well while doing good the University of Peradeniya offers you a great opportunity to get an internationally recognized Masters Degree in Development Practice (MDP) in two years. If you have a first degree in almost any subject you are qualified to apply. Those with a Diploma and five years work experience are also eligible to apply. Those admitted must be proficient in English to follow the course. Classes are held in the weekends. There is no thesis requirement.  

This is no ordinary masters degree, says the Director of the Program Dr. Dileni Gunewardena, Chair of Economics at Peradeniya. The Peradeniya program is a part of a network of twenty MDP programs in seventeen countries spread across six continents that focus on 

Doing Well While Continued ...

Monday 20th of November 2017. Joomla Templates Free. The Kandy News Online Edition - CMS Implementation: Webvision Sri Lanka.