සන්රයිස්, පිළවල නවෝද්‍යා සහ විහාරමහාදේවි පා පන්දු තරගවලින් ජය ගති

පිලවල නවෝද්‍යා මධ්‍ය මහා විද්‍යාලයේ කණ්ඩයම සහ මහනුවර විහාර මහා දේවි බාලිකා විද්‍යාලයේ කණ්ඩායමපිලවල නවෝද්‍යා මධ්‍ය මහා විද්‍යාලයේ කණ්ඩයම සහ මහනුවර විහාර මහා දේවි බාලිකා විද්‍යාලයේ කණ්ඩායම

දෙයියන්නේවෙල සන්රයිස් කණ්ඩායම සහ නගර සභා 45 ඉහළ කණ්ඩායම නියෝජ්‍ය නගරාධිපති සේන දිසානායක නාගරික මන්ත්‍රී සුමින්ද වික්‍රමසිංහ සහ නාගරික මන්ත්‍රී උපාලි විජිත ජයසේකර මහතා ඇතුලූ පිරිස.දෙයියන්නේවෙල සන්රයිස් කණ්ඩායම සහ නගර සභා 45 ඉහළ කණ්ඩායම නියෝජ්‍ය නගරාධිපති සේන දිසානායක නාගරික මන්ත්‍රී සුමින්ද වික්‍රමසිංහ සහ නාගරික මන්ත්‍රී උපාලි විජිත ජයසේකර මහතා ඇතුලූ පිරිස.

 

 

 

 

පළාත් පාලන සතිය නිමිත්තෙන් මහනුවර මහ නගර සභාවේ ක්‍රීඩා භූමි දෙපාර්තමේන්තුව විසින් ඔක්තෝබර් මස 27 ඉරුදින ප්‍රජා ශාලා මට්ටමේ කැරම්, ටේබල් ටෙනිස් තරගාවලියක්  ඇතුලූව බාලක බාලිකා පාපන්දු තරගාවලියක්ද සංවිධානය කරන ලදි. මෙහිදී බාලිකා පාපන්දු කණ්ඩායම් දෙකක් වන මහනුවර විහාරමහා දේවි විදුහලේ කණ්ඩායම හා පිලවල නවෝද්‍යා මධ්‍ය මහා විද්‍යාලයේ කණ්ඩායම අතර අවසන් තරගය පැවැත්වු අතර දෙපිළම ගෝල් 1 බැගින් ලබාගෙන සම තත්වයට පත්විය. පිරිමි තරගාවලියේ දෙයියන්නේවෙල සන්රයිස් කණ්ඩායම සහ මහනුවර මහ නගර සභාවේ 45 ඉහළ කණ්ඩායම තරග වැදුනු අතර ගෝල් 3ට 1ක් වශයෙන්  සන්රයිස් කණ්ඩයම ජය ලබාගන්නා ලදි. මෙහි විශේෂත්වය වුයේ දක‍ෂ පාපන්දු ක්‍රීඩකයෙකු හා විනිසුරුවරයෙකු වන හිටපු නගරාධිපතිවරයෙකු හා වත්මන් මහ නගර සභාවේ මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරන සුමින්ද වික්‍රමසිංහ මහතා තරගය විනිශ්චය කිරීමයි. මෙහි සහතික පත් ප්‍රධානය නියෝජ්‍ය නගරාධිපති සේන දිසානායක, නාගරික මන්ත්‍රී සුමින්ද වික්‍රමසිංහ, නියෝජ්‍ය නාගරික කොමසාරිස්වරිය විමලා රත්නායක යන මහත්ම මහත්මීන් අතින් සිදු කළ අතර ක්‍රීඩා භූමි දෙපාර්තමේන්තුවභාර කැලූම් ශාන්තසිරි මහතා සම්බන්ධීකරණ කටයුතු සිදු කරන ලදි.

නියෝජ්‍ය නගරාධිපති සේන දිසානායක සහ සුමින්ද වික්‍රමසිංහ යන මහතුන් ක්‍රීඩකයින් හඳුනාගනිමින්නියෝජ්‍ය නගරාධිපති සේන දිසානායක සහ සුමින්ද වික්‍රමසිංහ යන මහතුන් ක්‍රීඩකයින් හඳුනාගනිමින්සුමින්ද වික්‍රමසිංහ මහතා තරගය ආරම්භකිරීමට සුදානම් වෙමින්සුමින්ද වික්‍රමසිංහ මහතා තරගය ආරම්භකිරීමට සුදානම් වෙමින්

 

 

 

 

 

 

 

 

 

ගැටඹේ ක්‍රීඩාංගණයට නව ක්‍රීඩාගාරයක්

මහනුවර නාගරික මන්ත්‍රී ආනන්ද සිරිවර්ධන මහතාගේ ඉල්ලීමක් පරිදි ගැටඹේ නාගරික ක්‍රීඩාංගනයේ විශාල අඩුපාඩුවක්ව තිබු ක්‍රීඩාගාරයක් නගරාධිපති මහින්ද්‍ර රත්වත්තේ, නියෝජ්‍ය නගරාධිපති සේන දිසානායක, විපක‍ෂනායක නෙරංජන් විෙජ්රත්න, දිවංගත නාගරික මන්ත්‍රී සංජීව හුලංගම ඇතුලු තවත් නාගරික මන්ත්‍රීවරුන්ගේ ප්‍රතිපාදන හා ක්‍රීඩා භූමි දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන යොදා රුපියල් මිලියන 18ක පමණ වියදමින් ඉදිකර නොවැම්බර් 11 දින ජනතා අයිතියට පත්කරන ලදි. මෙම ක්‍රීඩා භූමිය විවෘත කිරීමෙන් පසු මහනුවර සීතා දේවි විදුහල හා ස්වර්ණමාලි විදුහල් අතර සුහද හොකී තරගයක්ද පැවැත්විණ.

සය සාමාජික ක්‍රිකට් තරගාවලියක්

මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ 2012 ආදී ශිෂ්‍ය කණ්ඩායම විසින් සංවිධානය කරන ලද සය සාමාජික ක්‍රිකට් තරගාවලිය පසුගියදා ගැටඹේ  නාගරික ක්‍රීඩාංගණයේදී පැවැත්විය. මෙදින ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගිවු මහනුවර හිටපු පුරපති සහ වත්මන් මහ නගර සභා මන්ත්‍රී රාජා පුෂ්පකුමාර මහතා අතින් ජයග්‍රාහී කණ්ඩයම ත්‍යාග ලබා ගත් අයුරු.

Monday 20th of November 2017. Joomla Templates Free. The Kandy News Online Edition - CMS Implementation: Webvision Sri Lanka.