නගර සභිකයෝ බ්‍රිතාන්‍යයේ අගමැති කැමරන් හා ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය විවේචනය කරති

Print

විපක‍ෂනායක නෙරංජන් විජේරත්න මහතා (එ.ජා.ප)
නෙරංජන් විජේරත්නනෙරංජන් විජේරත්නකැමරන් ඇවිත් අපිට මානව හිමිකම් ගැන උගන්වන්න හදනවා. කැමරන්ලා මේ හදන්නේ වීදුරු ගෙවල්වල ඉදන් ගල් ගහන්නයි. එදා ඉංග්‍රීසින් අපේ රටට ඇවිත් කරපු විනාශ සුරාකෑම් ගැන කැමරන්ලා මොනවද දන්නේ? මේ රටේ ජීවත්වුනු අපේ මිනිස්සු මරාදාලා, කාන්තාවන් දුෂණය කරලා, අපේ සම්පත් සුරාගෙන කාලා මානව හිමිකම් කඩකල මේ සුද්දෝ කරපු විනාශය කොයිතරම්ද? ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවන්ගේ ඔටුන්නයි සිංහාසනේත් මේ සුද්දෝ හොරකම් කළා.

නගරාධිපති මහින්ද්‍ර රත්වත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් නගර ශාලාවේදී පැවැති මාසික රැස්වීමේදී විපක‍ෂනායක නෙරංජන් විජේරත්න මහතා මෙසේද පැවසීය.

මේ සුද්දෝ කොල්ලකාපු සිංහාසනේ අපේ රටට ආයෙත් ලැබුණේ නිදහසින් පස්සේ. චාල්ස් කුමාරයා මහනුවරට ආවේ සිංහලයින් උඩරැටියන් සියගණනක් මරාදැමු ඉංග්‍රීසි හමුදාවට අණ දුන් ජෝන් ඩොයිලිගේ සොහොනට පුෂ්පෝහාර පුදන්න. චාල්ස් කුමාරයා නුවරට එනකොට අපේ නගරාධිපතිතුමාට නිල ආරාධනාවක්වත් නෑ. අපේ නගරාධිපතිතුමා ඩොයිලිට ගරුකරන්න සොහොනට නොගිය එක ගැන අපේ ගෞරවය එතුමාට පුදකරනවා. කේසර සේනානායක හිටපු පුරපතිතුමා කොළඹ විශ්ව විද්‍යාලයකින් පශ්චාත් උපාධියක් ලබා ගැනීම අපිට සතුටක් හා  ආඩම්බරයක්.

ඉලාහි ආබ්දීන් මහතා (එ.ජා.ප)
ඉලාහි ආබ්දීන්ඉලාහි ආබ්දීන්අන්තර්ජාතික මානව හා යුද නීතිය පිළිබඳවයි එතුමාට ඒ පශ්චාත් උපාධිය ලැබුනේ. එය අපිටත් සතුටක්, ගෞරවයක්.

 

 

 

 

ආනන්ද සනත් කුමාර (එ.ජ.නි.ස)
ආනන්ද සනත් කුමාරආනන්ද සනත් කුමාරඅනුර කුලතුංග නාගරික මන්ත්‍රීවරයාට නගර සභාවේ සේවිකාවක් ඉතාම පහත් විදියට බැණ වැදිලා. ඇතැම් වාහන පාලිකාවන් මෙයාකාරයෙන් හැසිරීම පිළිබඳව අවධානය යොමුවිය යුතුයි. එසේ හැසිරීම සභාවක් හැටියට අපිට හොඳමදි.
 

 

 

 

නගරාධිපති මහින්ද්‍ර රත්වත්ත
නගරාධිපතිනගරාධිපතිමම මේ පිළිබඳව දැනගෙන සිටියේ නෑ. මේ ගැන සොයා බලනවා.
 

 

 

 

 

ආනන්ද සනත් කුමාර (එ.ජ.නි.ස)
වැලි පටවාගෙන ට්‍රක්රථ නගරය මැදින් යනවා. ඒ පිළිබඳව නීතියක් නැද්ද? විලියම් ගොපල්ලව මාවතේ ඩිජිටල් දැන්වීම් පුවරු සවිකළේ නගර සභාවේ අවසර ඇතිවද? නගර සභාවේ වාහන වලට අමතර කොටස් මිලදී ගන්නාවිට එකම තැනකින් ඇයි අරගන්නේ? මෙම ආයතනයේ වෙනත් ආයතනවල නිල මුද්‍රා තිඛෙන බව ආරංචියි. මිල ගණන් ඉල්ලන විට එයාමයි දෙන්නේ මේ හැම ආයතනයකටම. මේ තුළින් නගර සභාවට අත්වන සෙතක් නෑ. සමහර නිලධාරීන්ටනම් වාසි ඇති.

නගරාධිපති මහින්ද්‍ර රත්වත්ත
වැලි ප්‍රවාහනය කරන රියැදුරන් පිළිබඳව අපි මානුෂිකව සිතා බැලිය යුතුයි.

ආනන්ද සිරිවර්ධන මහතා (එ.ජා.ප)
ගැටඹේ ක්‍රීඩාංගණය නවීකරණය කිරීම ගැන නගරාධිපතිවරයාට ස්තූති කරන්න කැමතියි. මෙම ක්‍රීඩාපිටියේ ආරක‍ෂක තාප්ප දැන් අබලන්. ස්ථීර සේවකයෙක් ක්‍රීඩාපිටියට නෑ. ගැටඹේ රාජසිංහ මාවතේ ජල පොම්පාගාරයේ ජල බිල් ගෙවීමට කවුන්ටරයක් දැම්මොත් නාගරික ජනයාට ඉන් පහසුවක් වේවි.

අස්මින් මරික්කාර් මහතා (මු.කො)
 අස්මින් මරික්කාර් අස්මින් මරික්කාර්මේ නගරයට රාජකීය අමුත්තෙක් පැමිණි විට එම අවස්ථාවට නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති වගේම විපක‍ෂනායකත් සහභාගි විය යුතුයි. ඒකයි සම්ප්‍රදාය වෙන්නේ. දැන් ඒක අමතක වෙලා. අපේ මිනිස්සුන්ගේ හිසට තුවක්කු එල්ල කරලා බිය කරලා 1815න් පස්සේ හදාපු ගොඩනැගිලි ඇයි සුරකින්නේ. එම ගොඩනැගිලිවලට ඇයි අධිරාජ්‍යවාදී මුහුණුවර දෙන්නේ. එම ගොඩනැගිලිවලට අපේ දේශීය මුහුණුවරක් දීම අවශ්‍යයි.
 

 

 

කේසර සේනානායක මහතා (එ.ජා.ප)
කේසර සේනානායකකේසර සේනානායකමා ලැබු පශ්චාත් උපාධිය පිළිබඳව මට සුභ පැතු සියල්ලන්ටම ස්තූතියි. පළමුවන එඩ්වඩ් කුමරු, පස්වන ජෝර්ජ් කුමරු, ග්ලෝස්ටර් ආදිපාදිතුමා හා මැතිණිය වගේම මහා රැජිණත් මහනුවරට ඇවිත් තිඛෙනවා. පසුගිය දිනෙක චාල්ස් කුමරුත් ආවා. නගර සභාව චාල්ස් කුමරු පිළිගැනීම මම අගය කරනවා.
 

 

 

 

රාජා පුෂ්පකුමාර මහතා (එ.ජා.ප)
රාජා පුෂ්පකුමාරරාජා පුෂ්පකුමාරදෙවන ලෝක යුද සමයේ එක්තරා හමුදා නිලධාරියෙකුට මත්පැන් පානය කිරීම සඳහා ආරම්භ කළ රැජිණ හෝටලයේ සුරාසැල වසා දැමීමට කටයුතු කිරීම පිළිබඳව එම කළමනාකාරිත්වයට රැජින හෝටලයේ වකගකිවයුතු නිලධාරීන්ට ස්තූතිවන්ත වෙන අතර අතිගරු ජනාධිපතිතුමගේ ඉල්ලීමක් අනුව එතුමාගේ උපන්දිනය දිනයේම මෙම කටයුත්ත සිදුකිරීම පිළිබඳව ජනාධිපතිතුමාට ස්තූතිවන්ත වන්නෙමු. ලෝක වාසී බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩසේ සැලකෙන අති පුජනීය වු දළදා වහන්සේ වැඩ වාසය කරන මේ උතුම් පින්බිමේ ගෞරවය ආරක‍ෂා කිරීම සඳහා දායකවුණු සියලූම දෙනාට මහනුවර මහ නගර සභාවේ ගෞරවය පුද කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නෙමු. එම හෝටල් කළමණාකාරීත්වය ජනපතිතුමන්ට උපහාරයක් ලෙස වසා දැමීම ගැන මම එම හෝටලයට තුති පුදකරනවා. චාල්ස්කුමරු මහනුවරට ආවිට නගරාධිපතිට නිල ආරාධනයක් නොලැබීම ගැන අපි දැඩි ලෙස අප්‍රසාදය පළකරනවා. ශ්‍රී ලංකාවේ විදෙස් කටයුතු අමාත්‍යාංශය වගකීමෙන් කටුයතු කර නැති බවද දන්වා සිටිමි. කුමන පක‍ෂයක් පත්වුණත් නාගරික මන්ත්‍රීවරුන්ට මහජන නියෝජිතයින්ට විශාල පිළිගැනීමක් තිඛෙනවා. මන්ත්‍රීවරුන්ට අපහාස කිරීම අපි අනුමත කරන්නේ නෑ.

එස්.සීවඥානම් මහතා (එ.ජා.ප)
එස්.සීවඥානම් එස්.සීවඥානම් අභාවප්‍රාප්ත එඩ්මන් සිල්වා නියෝජ්‍ය නගරාධිපතිවරයා අඩු ආදායම්ලාභීන්ට හොඳින් සැලකු අයෙක්. නගරයේ දුප්පත් සාමාන්‍ය ජනතාවගේ හිතවතෙක්. ඔහුගේ සේවය විශිෂ්ඨයි. මහයියාවේ වැසිකිළි වගේම සමහර අභ්‍යන්තර මාර්ගත් අබලන්. නගරාධිපතිතුමාගේ අවධානය ඊට යොමුවිය යුතුයි. බොහෝ මගී ප්‍රවාහන බස්රථවල ගමනාරම්භය හා ගමනාන්තය සඳහන් පුවරුවල අකුරු වැරදියි.
 

 

විපුල රණසිංහ මහතා (එ.ජා.ප)
විපුල රණසිංහවිපුල රණසිංහනගරයේ වෙළෙඳසැල්වලින් බදු අයකිරීම පිළිබඳව ගැටළු මතුවෙලා තිඛෙනවා. ගුඩ්ෂෙඩ් බස් රථගාල අවට පේලි කඩවලින් කළින් අය කළේ රුපියල් 630ක්. නමුත් දැන් 3500ක් අයකරනවා. පිටකන්ද පාර අබලන්.
 

 

 

 

වරුණ ලියනගේ මහතා (එ.ජා.ප)
නිසි පරිදි ප්‍රමිතියකින් තොරව අම්පිටියේ කළ ඉදිකිරීමක් විනාශ වෙලා. මහජන මුදල් අපතේ ගියා. අම්පිටියේ රජයේ ඉඩම් වල් බිහිවෙලා. කැළි කසළ ගොඩ ගැහිලා. නුවර වෙල ක්‍රීඩාංගණය පිළිසකර කිරීමට ලක‍ෂ 23ක් දීම අගය අගය කරනවා.
 

සුමින්ද වික්‍රමසිංහ මහතා (එ.ජා.ප)
සුමින්ද වික්‍රමසිංහසුමින්ද වික්‍රමසිංහබෝවලවත්ත ක්‍රීඩාංගණය අහිමිවන්න ඉඩ දෙන්න එපා. හිටපු නගරාධිපති එල්.බී. අලූවිහාරේ මහතාගේ නම  මාවතකට යෙදිය යුතුයැයි මම යෝජනා කරනවා. ක්‍රීඩාංගණයකට හෝ ඒනම යොදන්න ඕනෑ. ලෝකයේ කිසිම නගරයක් ආශ්‍රීත රක‍ෂිත වනාන්තර නෑ. නමුත් මහනුවර උඩවත්තේකැලේ හා වාකරවත්ත තියෙනවා. මගේ පියාවන හිටපු නියෝජ්‍ය නගරාධිපති එඩ්මන් සිල්වා මහතාගේ අභාවයේදී නගරාධිපති, උප නගරාධිපති සමග නාගරික සභාවේ ප්‍රජාවත් මහජනතාවත් දුන් සහයට ස්තූතියි. ඒ වගේම නාගරික මන්ත්‍රීවරුන්, අගමැතිතුමන්, ආණ්ඩුකාරවරයා මහ ඇමතිවරයා, මාධ්‍යකරුවන් , එජාපයේ සියලූ නායකයින් මහා සංඝරත්නයට මගේ පවුලේ ස්තුතිය පිරි නමනවා. මේ රටේ අපරාධ රැල්ල මැඩපැවැත්වීමට එල්ලූම්ගහ නැවත ක්‍රියාත්මක කළ යුතුයි.
 

නගරාධිපති මහින්ද්‍ර රත්වත්ත
හිටපු පුරපති එල්.බී.අළුවිහාරේ  නමින් ක්‍රීඩාපිටියක් නම් කිරීමට පියවර ගන්නවා.

විපක‍ෂනායක නෙරංජන් විජේරත්න මහතා (එ.ජා.ප)
රාජ්‍ය සේවයේ වසර 32ක විශිෂ්ඨ සේවාවක් කළ ලලිත් හේරත් මහතාට සේවා දිගුවක් ලබාදිය යුතුයි. විලියම් ගොපල්ලව මාවත හීරැස්සගල මංසන්ධිය හා ගැටඹේ දක්වා වන මාර්ගය ගැන හිටපු පුරපති හරින්ද්‍රනාත් දුනුවිල මහතා ලිපියක් මගින් දැනුම්දී තිඛෙනවා. ඒ ගැන අවධානය යොමු කරන්න. පේරාදෙනිය මාර්ගයේ දෙපස කොන්ක්‍රීට් ලෑලි අබලන්. අනතුරුවලට එය හේතුවක්. නගරයේ ජනතාවගේ කකුල් කැඩෙන මේ ලෑලි අබලන් තත්වය නාගරික සංවර්ධන අධිකාරියට පේන්න ඕනෑ. මහනුවර නගරයේ එළවලූ පළතුරුවලට කාබයිඩ් ගහනවා. අඹ, පැපොල්, මිදි වැනි පළතුරුවලට කාබයිඩ් යෙදීම නිසා පිළිකාත් ඇතිවෙනවා. මේ ගැන නගර සභාවේ අවධානය යොමු කරන්න ඕනෑ.

නගරාධිපති මහින්ද්‍ර රත්වත්ත
මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු පළතුරු අළෙවි කරන වෙළඳුන්ව සෞඛ්‍ය අංශ මගින් අල්ලනවා. දැන් නඩු 100 විතර දාලා.

විපක‍ෂනායක නෙරංජන් විජේරත්න මහතා (එ.ජා.ප)
ඩේවිඩ් කැමරන් චැනල් ෆෝ කාරයෝ ලංකාවට පැමිණ කළ ප්‍රකාශ පිළිබඳව අපි කණගාටු විය යුතුයි. අපේ සාරධර්ම විනාශ කළ අපේ සංස්කෘතියට රටට හානිකළ මේ විදේශකයින් මොනවද මේ කියන්නේ.

නගරාධිපති මහින්ද්‍ර රත්වත්ත
මේ නගරයේ සියලූ කටයුතු නිසියාකාරව පවත්වාගෙන යාම සඳහා ඔබ සියලූ දෙනා දක්වන සහාය පිළිබඳව මම මගේ සතුට පළකරනවා. එය ඉදිරියටත් මම බලාපොරොත්තු වෙන්නක්.

Monday 20th of November 2017. Joomla Templates Free. The Kandy News Online Edition - CMS Implementation: Webvision Sri Lanka.