පළාත් සභා ප්‍රතිපත්ති ප්‍රකාශයට ආණ්ඩු පක‍ෂයෙන් පැසසුම්, විරුද්ධ පක‍ෂයෙන් ගැරහුම්

Print

සරත් ඒකනායකරටවල් 54ක රාජ්‍ය නායකයින්ගේ සමුළුවේ සභාපති හැටියට ශ්‍රී ලංකා ජනාධිපතිතුමා පත්වීම පිළිබඳව මධ්‍යම පළාත් සභාවේ ගෞරවය, සතුට සහ ස්තූතිය මේ අවස්ථාවේ ජනාධිපතිතුමාට පුදකර සිටින්නේ යයි මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා (එ.ජ.නි.ස) මධ්‍යම පළාත් සභාවේදී කියා සිටියේය.

සභාපති මහින්ද අබේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පළාත් සභාව රැස්වු අවස්ථාවේ ප්‍රධාන ඇමතිවරයා මෙම අදහස් පළකර සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ප්‍රධාන ඇමතිවරයා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව ඉදිරිපත්කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් මධ්‍යම පළාත් සභාවට සුවිශේෂවු උපදේශයන් හා අඩිතාලමක් ලැබී ඇති බවද ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුවට මේ අවස්ථාවේ ඒ පිළිබඳව ස්තූතිය පුදකර සිටින බවද පැවසීය.

 මේ අවස්ථාවේ මන්ත්‍රීවරුන්ට ප්‍රශ්න ඇසීමේ අවස්ථාව උදාවිය. මේ අනුව සංජීව කවිරත්න මන්ත්‍රීවරයා (එ.ජා.ප.) ප්‍රශ්න මාලාවක් ඉදිරිපත් කළ අතර ප්‍රධාන අමාත්‍යතුමා ඊට පිළිතුරු දෙන ලදි.

රේණුකා හේරත් මහත්මිය (එ.ජා.ප.)
ඉතාම දුෂ්කර ගම්මාන කීපයක වෙසෙන ජනතාවට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා 2004 වසරේ යටිවාදුර ගමෙහි විවෘත කළ මධ්‍යම ඛෙහෙත් ශාලාව වසාදමා ඇති බව ඔබතුමා දන්නෙහිද?

ප්‍රධාන ඇමතිවරයා
ගොඩනැගිල්ලක් පිළිබඳ ප්‍රශ්නයක් පවතී. අවශ්‍යතාවය සපුරාලීමට අප මැදිහත් වෙනවා.

චන්න ගලප්පත්ති මහතා (එ.ජා.ප.)
චන්න ගලපත්තිගේචන්න ගලපත්තිගේමෙම සභාවට මාව තෝරාගත් ජනතාවට මේ අවස්ථාවේ ස්තූතිය ප්‍රකාශ කර සිටිනවා. ඒ වගේම ආණ්ඩුකාරවරයා ඉදිරිපත්කරඇති ප්‍රතිපත්ති ප්‍රකාශනය සුරංගනා කථාවක් බව ප්‍රකාශ කරනවා. අධ්‍යාපන ෙක‍ෂ්ත්‍රයේ ඉහළ තනතුරුවලට නුසුදුසු පුද්ගලයන් පත්කිරීම විවිධ අංශවල කඩා වැටීමට හේතුවී ඇත. රෝහල්වල ඹෟෂධවර්ග නැත. වෛද්‍යවරු රෝගීන්ට ඹෟෂධවර්ග බාහිරව ලබාගන්නා ලෙස තුන්ඩු ලබාදෙති. ගෙවතු වගා ව්‍යාපාරයෙන් තෙල්දෙණියේ එක් අයෙකුට ලබාදුන් ඇට පැකට්වලින් පැළවී ඇත්තේ ඇට දෙකක් පමණයි. ආණ්ඩුකාරවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය වචන මාලාවක් මිස එහි කිසිම වැදගත්කමක් නැත.

 

 

ආර්.ජී.සමරනායක මහතා (එ.ජ.නි.ස.)
ආර්.ජී.සමරනායක ආර්.ජී.සමරනායක ආණ්ඩුකාරවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් පළාතේ සංවර්ධන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට දැක්මක් වී ඇත. 1977දී විදුහල්වලට විදුහල්පතිවරු පත්කිරීම දේශපාලන හිතවත්කම් මත සිදුකිරීමට පියවර ගත්තා. එදා සිදුවු එම වැරැද්ද නිසා තමා අධ්‍යාපන ෙක‍ෂ්ත්‍රයේ කඩාවැටීමට හේතු වුනේ. ගුරු ගම්මාන පිහිටුවීමට පියවර ගැනීම ඉතාම වැදගත්වෙනවා. පරිසරය විනාශවුනොත් කෘෂිකර්මය මෙන්ම මුළු රටම විනාශ වෙනු ඇත. පයිනස්, ටර්පන්ටයිම් වගාව නිසා ජල උල්පත් සිඳීයාමේ තර්ජනයක් පවතී. ජල උල්පත් සිඳීයාම නිසා පළාතේ කුඹුරු විශාල වශයෙන් පුරන්වී ඇත.

 

 

පී.බී. වරාවැව මහතා (එ.ජා.ප.)
පී.බී. වරාවැවපී.බී. වරාවැවආණ්ඩුකාරවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මැදරට කොහේද යන්නේ? කොහේද තියෙන්නේ? මේ ප්‍රකාශනය පළාතේ ජනතාව රවටන ප්‍රකාශනයකි. මධ්‍යම පළාතේ දරිද්‍රතාවය අඩුවක් වී ඇද්ද? ශ්‍රේෂ්ඨාධිකරණයට මානව හිමිකම් පෙත්සම් පරිපාලන සේවයේ ඉහළින් සමත්වුන අය ඉදිරිපත්කර ඇත. අද පාසල් වැසී යනවා සුදුස්සන්ට සුදුසු තැන දී නැති නිසා මානව හිමිකම් එකට පැමිණිලි කර ඇත. මව්වරු දුකසේ ජීවත් වෙනවා. මහජනයා ගැන හිතන්නේ නැති පළාත් සභාවක් මේක. ප්‍රතිපත්ති ප්‍රකාශනය මනස්ගාතයක් පමණක් බව ප්‍රකාශ කරමි.

 

 

එස්. පොන්නයියා මහතා (එ.ජ.නි.ස.)
පාසල්වල අද ගුරුගෝල සබඳතාවය නැහැ. ඒ වගේම පාසල්වල විනයානුකූලභාවයක්ද නැහැ. සිසුන් අතර අරගල ඇතිවෙනවා. අධ්‍යාපන ඇමතිවරයා මේ ගැන විශේෂ අවධානය යොමුකළ යුතුයි.

චානක අයිලප්පෙරුම මහතා (එ.ජා.ප.)
චානක අයිලප්පෙරුම චානක අයිලප්පෙරුම සමහර පාරවල් කාපට්කර ඇති නමුත් පාර දෙපැත්තේ තණකොළ පඳුරු නිසා දෙපැත්ත පෙන්නේ නැහැ.

 

 

 

 

නිමල් පියතිස්ස මහතා (එ.ජ.නි.ස.)
නිමල් පියතිස්සනිමල් පියතිස්සඉකුත් පළාත් සභා මැතිවරණයේදී මාහට ඡන්දය දුන් අයට විශාල වශයෙන් තර්ජන එල්ලවෙමින් පවතී.  නිමල් පියතිස්සට ඡන්දය දෙන්ට එපා කියා විශාල වැඩපිලිවෙලක් දියත්වී තිබුණා. නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ රාජගිරිය, කොලොන්නාව ආදි ප්‍රදේශවලින් මැරයෝ ගෙන්වාගෙන මගේ අධාරකරුවන්ට තර්ජනය කළා. මාර්ග සංවර්ධනයේදී සෑම කම්කරුවෙක්ගෙන්ම කොමිස් ගහනවා. පාරවල් හදන්ට යොදවන වාහනවලින් මුදල් අයකරනවා. අග්ගලා ගිළපු එවුන් දැන් වෙහෙරවල් ගිළිනවා.

 

 

 

සංජීව කවිරත්න මහතා (එ.ජා.ප.)
සංජීව කවිරත්නසංජීව කවිරත්නමම ඉදිරිපත්කරන යෝජනාවලට මේ සභාව කිසිම ක්‍රියාමර්ගයක් ගන්නේ නැහැ. විසඳුම් ලබාදීමට රුපියල් මිලියන 600 වැයකර ඇත. පටු පාලම් පුට්ටු පාළම් බවට පත්වී ඇත. ප්‍රශ්න පත්තර හදන්ට බැරුව මාතලේ පාසල් දින තුනක් වැසුවා.

 

 

 

 

සභාපති මහින්ද අබේකෝන් මහතා
අමාත්‍යාංශ නිලධාරින් අප සමග සහයෝගයෙන් කටයුතු කළ යුතුයි.

අලූත්ගමගේ වීරසිංහ මහතා (එ.ජ.නි.ස.)
මාව මේ සභාවට පත්කිරීමට ඡන්දය දුන් නාවලපිටිය ජනතාවට ස්තූති කරමි.

ලකී ජයවර්ධන මහතා (එ.ජා.ප.)
මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ලබාදීමට සභාපතිතුමාට හැකිවේවා. ආණ්ඩුකාරවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සුරංගනා කථාවක් ලෙසයි හැගෙන්නේ.

අනුරාධ ජයරත්න මහතා (එ.ජ.නි.ස.)
අනුරාධ ජයරත්න අනුරාධ ජයරත්න මා වෙනුවෙන් ඡන්දය ලබාදුන් ජනතාවට ස්තූතිය ප්‍රකාශකිරීමට මේ අවස්ථාව යොදා ගනිමි. මේ රට ඉදිරියට ගෙනයාමට අප කව්රුත් කැපවී කටයුතු කළයුතු වෙනවා. පළාතේ ඒකපුද්ගල ආදායම විශේෂ ලෙස වර්ධනය වී ඇත. ආණ්ඩු පක‍ෂයේ මෙන්ම විපක‍ෂයේද අප කාගේත් වගකීම විය යුත්තේ මධ්‍යම පළාත දියුණු කිරීමයි. මධ්‍යම පළාත තුළ අප සියලූ දෙනා සියලූ සංවර්ධනයන් බස්නාහිරට පමණක් නොව මධ්‍යම පළාතට ගෙන ආ යුතුයි.

 

 

ජේ .ඒ.එම්.ලාපීර් මහතා (එ.ජා.ප.)
ජාතිභේද ආගම් භේදවලින් තොරව මට මනාපය දුන් සියලූදෙනාට ස්තූතිකරමි. ගුරුදෙනියේ පාසලක ඉගෙන ගන්නා මගේ ඥාති දරුවකුට එම විදුහලේ ගුරුවරියක් ඔයා යන්න මුස්ලිම් විදුහලකට කියා පවසා ඇත.

චින්තක ඒකනායක මහතා ( එ.ජ.නි.ස.)
මාතලේ දිස්ත්‍රික්කයේ ගොවිජනතාවගේ යටිතල පහසුකම් වර්ධනය කළ යුතුයි. පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපති තනතුර අප රටට ලැබීම අතිශයින් අගය කළ යුතුයි.

Monday 20th of November 2017. Joomla Templates Free. The Kandy News Online Edition - CMS Implementation: Webvision Sri Lanka.