ග්‍රාමීය බැංකු නවීකරණය

Print

මධ්‍යම පළාතේ ග්‍රාමීය බැංකු නවීකරණ ප්‍රතිපත්තිය යටතේ ශ්‍රී ලංකාවේ සියලූම ග්‍රාමීය බැංකු වල ඉදිරිපස පෙනුම ඒකාකාරී ලෙස තිබිය යුතු ලෙසට ජාතික බැංකු නියාමන කමිටුව තීරණය කර ඇත.  ඒ අනුව මධ්‍යම පළාත් ප්‍රධාන හා සමුපකාර අමාත්‍ය සරත් ඒකනායක මහතාගේ උපදෙස් හා මග පෙනවීම යටතේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයට යෝජනා ඉදිරිපත් කර මධ්‍යම පලාතේ විවිධ සමූපකාර සමිති විසි අටක ග්‍රාමීය බැංකු ශාඛා විසි අටක් නවීකරණය සඳහා රුපියල් මිලියන 93ක මුදලක් ලබාදී ඇති අතර පසුගියදා මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන්

මධ්‍යම පළාතේ විවිධ සේවා සමූපකාර සමිති සභාපතිවරුන්ට නවීකරණය සඳහා මුදල් පිරිනැමීම සිදු විය. මේ අවස්තාවේදී මහ ඇමතිවරයා මෙසේ සිය අදහස් ප්‍රකාශ කළේය. 
 

සමුපකාර ව්‍යාපාරයේ ඉතාම අසීරු කාල වකවානු පහු කරමින් තමයි මේ පසුගිය කාල වකවානුවල ඔබලා මේ ව්‍යාපාරය රැකගත්තේ. අපිට සමුපකාරය ගැන මේ වකවානුවේ සුබවාදීව කතා කිරීමට පුලූවනි. පසුගිය කාල වකවානු වල මෙම ව්‍යාපාරය රැකගැනීමට ඔබලාගේ සහයෝගය ලැබීම ගැන මම සතූතිවන්ත වෙනවා. පසුගිය කාල වකවානුව තුල මෙම ව්‍යාපාරයට අවධානය යොමු නොකලානම් අද සමූපකාර ව්‍යාපාරය කියන එක නැත්තටම නැතිවෙන තත්වයකට විවෘත්ත ආර්ථීකයත් සමග මුහුණ දෙන්න වෙලා තිබුනා. අපි විශේෂ  ස්තූතියක් පුද කරන්න ඕනේ ග්‍රාමීය බැංකු අශයට. සමූපකාර රඳවා ගන්නට ග්‍රාමීය බැංකු අංශය ශක්තියක් වුනා. පාරිභෝගික අංශයට දැවැන්ත අභියෝගයක් තිඛෙනවා විවිධ වර්ගයේ කඩ සාප්පු නිසා. ග්‍රාමීය බැංකුව ශක්තිමත්ව මිනිසුන්ගේ ඕනෑ එපාකම් වලට හයිය දෙමින් කටයුතු කළා. මධ්‍යම පළාතේ සමූපකාර ශ්‍රේෂ්ත්‍රය සඳහා අපි පත් කළා ප්‍රවර්ධන කමිටුවක්. ඒ කමිටුවේ නිර්දේශත් එක්ක බොහෝ දුරට කටයුතු කළා. අපි මේ වසරේ ඒ ප්‍රවර්ධන කමිටුව නැවත සමාලෝචනය කරලා අපි ආපු ගමන්මගේ කොයි තරම් හොඳ නරක මොනවාද? ක්‍රියාත්මක උනාද නැත්ද? කියන එක ඉදිරියේදී බලලා විශේෂ කමිටුව පත් කරනවා. ඒ අනුව අපට පුලූවන් අපි ආ ගමන් මග පිළිබඳව කොයි තරම් අපිට සෑහීමකට පත් වෙන්න පුලූවන්ද කියලා බලන්න. සමූපකාර ව්‍යාපාරය වෙනුවෙන් සමූපකාර ප්‍රඥප්තිය සකස් කිරීමේදී අඩුපාඩුකම් ඔබලාගේ අදහස් අනුව මේ වනවිට යථාර්තයක් බවට පත් කිරීමේ තත්වයට ගෙනත් දී තිඛෙනවා. මේ තුළින් අපි බලාපොරොත්තු වන්නේ සමූපකාර ව්‍යාපාරය නැංවීමට මිසක් එක එක්කෙනාගේ ඕනෑ එපාකම් ඉෂ්ඨ කිරීමට නොවේ. පසුගිය වසරේ මෙතෙක් අපට නොතිබුන ප්‍රඥප්තියක් සම්මත කළා. ඒ තමයි බඩු උකස් ගන්නන්ගේ ප්‍රඥප්තිය කියන එක. ලොකු කම්පැනි ගැන හිතලා ප්‍රඥප්තිය හදපුවාම පොඩි කෙනා නැත්තටම නැති වෙනවා. ඒ නිසා අපි පොඩි කෙනාට ඒ ප්‍රඥප්තිය වෙනම ඉඩකඩ හඳන්න ඕනේ. ඒ අයත් අපි සමාජය ඉදිරියට ගේන්න ඕනේ. අපි මේ ප්‍රඥප්තිය පෙබරවාරි මාසයේ පළාත් සභාවට ඉදිරිපත් කරනවා.

මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් සමූපකාර කොමසාරිස් ඩබ්.එම්.වී.කේ. වීරසේකර මහතා හා මධ්‍යම පළාත් සමූපකාර සමිතිවල සභාපතිවරු ඇතුලූ පිරිසක් සහභාගි වූහ.
 

Friday 22nd of September 2017. Joomla Templates Free. The Kandy News Online Edition - CMS Implementation: Webvision Sri Lanka.