පෙර පාසල් පිළිබඳ මහනුවර මහ නගර සභාවේ ප්‍රගතිශීලී ප්‍රතිපත්තිය

2014 වර්ෂයේ මහනුවර මහ නගර සභාව රුපියල් ලක‍ෂ 38ක වියදමකින් පෙර පාසල් 28ක් පවත්වාගෙන යාමට නියමිතය. මෙම පිටුවෙහි වෙනත් තැනක පළකර තිඛෙන වාර්තාවකට අනුව එම පෙර පාසල් වලට  පැමිණෙන දරුවන් 700කට පමණ දිනපතා කිරි වීදුරුවක් සැපයීමටද නගර සභාව කටයුතු කරයි. මෙය සෑම අතකින්ම ඉතා ප්‍රගතිශීලි සහ යහපත් වැඩ පිළිවෙලකි.

මෙම පෙර පාසල්වලට පැමිණෙන දරුවන් සමාජයේ විවිධ කොටස් වලට අයත්වුවත් බහුතරය නගරයේ අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන් බව නගර සභා ආරංචි මාර්ග වලින් සැලවෙයි. එය හොද පුවතක් වශයෙන් අපි සලකමු. මක්නිසාද යත් අඩු ආදායම් ලබන දෙමව්පියන්ට තම දරුවන් මුදල් ගෙවා පෙර පාසල්වලට යවන්නට තරම් ආර්ථීක ශක්තියක් නැති බැවිනි. නොමිලේ සපයනවිට අගය කිරීම නැති නිසා නගරවාසී දරුවන්ගෙන් මාසයට රුපියල් හතළිස් දෙකක් පමණද නගරයෙන් පිට සිට දරුවකුගෙන් රුපියල් 167 පමණද අය කරනු ලැබේ. එය ඉතා අඩු මුදලකි. පුද්ගලික පෙර පාසැලක මාසික ගාස්තුව රුපියල් දහස් ගණන් වෙයි.

 පෙර පාසල් වලින් යහපත් ප්‍රතිඵල කිහිපයක්ම ලැබේ. පියා සහ මව දෙදෙනාටම රැකියාවක් කිරීමට අවස්ථාවක් ලැබීම එක වාසියකි. මෙය අඩු ආදායම්  පවුල්වලට විශාල සෙතකි.
පෙර පාසල්වලින් ඉතාම විශාල ප්‍රතිලාභ ලබන්නේ ඒවාට යන කුඩා දරුවන්ය. අධ්‍යාපන විශේෂ්‍යඥයින්  කර තිඛෙන පර්යේෂණ අනුව පාසල් අධ්‍යාපනය සලකන විට පෙර පාසල් ගිය දරුවන් ඒවාට නොගිය දරුවන්ට වඩා බොහෝ ඉදිරියෙන් සිටින බවට තහවුරුවී ඇත. ඒ අතින් බලන කළ මහනුවර මහ නගර සභාව අඩු ආදායම් පවුල්වල දරුවන්ට කරන්නේ අතිශය වැදගත් සේවයකි.

 උදේට කිරි වීදුරුවක් දැරවන්ට දීමද ඉතාම යහපත් ප්‍රතිඵල දෙන පියවරකි. දළ වශයෙන් ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශවල වාසය කරන දරුවන්ගෙන් 10% පමණ මන්ද පෝෂණයෙන් පෙළෙන බව අපිට තිඛෙන අලූත්ම සමීක‍ෂණ වාර්ථාවලින් පෙනී යයි. අද තිඛෙන අධික  ජීවන වියදම සලකන විට එම අනුපාතය තවත් වැඩිවීමට තිඛෙන ඉඩකඩ වැඩිය. එසේම මහනුවර මහ නගර සභාවට අවශ්‍ය මුදල සපයා ගත හැකිනම් කිරි වීදුරුවක් පමණක් නොව පෝෂ්‍යදායී සම්පුර්ණ උදේ ආහාර වේලක් සැපයීමට හැකිනම් එම දරුවන්ට වඩාත්ම සෙතක් වනු ඇත. මෙරට බදු ආදායම් රුපියල් මිලියන නොව බිලියන නාස්ති කරමින් කරන ,සුදු අලි,  ව්‍යාපෘති මහජනතාව හොදින් දනී. ඒ වෙනුවට අපේ දුප්පත් දරුවන්ට උදේ ආහාර වේලක් සැපයීම මෙරට අනාගත පරපුරේ සෞඛ්‍යයට යහපත් වනවා පමණක් නොව බෞද්ධ, හින්දු, මුස්ලිම්, ක්‍රිස්තියානි යන මොන ආගමික දර්ශනයකින් සැලකුවත් සත් ක්‍රියාවක්ද වනු ඇත.

මහ නගර සභාවේ පෙර පාසල් වල ගුණාත්මක තත්වය පිළිබඳව අපට වැඩි අවබෝධයක් නැත. සෑම පාසලකටම අ.පො.ස සමත් පුහුණු ගුරුවරියක් සහ තවත් ස්වේච්ඡා ගුරුවරියක් සිටින බව නගර සභාව කියයි. පාසල්වලට තිඛෙන පහසුකම්, දරුවන්ට තිඛෙන ක්‍රියාකාරකම්  යනාදිය සඳහා සම්පත් ඉතා සීමිත බව නගර සභාව පිළිගනී. අඩු තරමින් දරුවන්ට ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමටවත් අවශ්‍ය ගුරුවරුන් හෝ සම්පත් නැත.

  නගර සභාවේ පෙර පාසල් දියුණු කිරීම සෑම ඇතින්ම යහපත් ක්‍රියාවකි. දෙමාපිය සහ රාජ්‍ය සහභාගිත්වය සහ රජයේ සහ පුද්ගලික අංශයේ සහය ඇතිව මහනුවර නගරයේ පෙර පාසැල් පද්ධතිය මුළු දිවයිනටම ආදර්ශයක් වන ආකෘතියක් කිරීමට නගර සභාව කටයුතු කරනු ඇතැයි අපි සුභ පතමු.

පෙර පාසැල් දරුවන් සඳහා දිනපතා කිරි වීදුරුවක්

මහනුවර මහ නගර සභාවේ නගරාධිපති මහින්ද්‍ර රත්වත්තේ ඇතුලූ නාගරික මන්ත්‍රී මණ්ඩලය ගත් තීරණයකට අනුව නාගරික පෙර පාසල් දූදරුවන් සඳහා දිනපතා කිරි වීදූරුවක් ලබා දීමේ වැඩසටහනක් 2014 මාර්තු මස සිට ක්‍රියාත්මක කෙරේ. මහනුවර මහ නගර සභාව විසින් පෙර පාසල් 28 ක් පවත්වාගෙන යනු ලබන අතර 700 ක් පමණ දරුවෝ එහි අධ්‍යාපනය ලබති. නගර සභාව විසින් නාගරික ජනතාව වෙත නොමිලේ ලබාදෙන සේවාවක් වන පෙර පාසල් සේවාව වඩාත් ශක්තිමත් කිරීම මෙහි අරමුණයි. මෙම වැඩසටහන සඳහා වසකරට වැයවන මුදල රුපියල් ලක්ෂ 38 කි. නාගරික මන්තී්‍ර ප්‍රතිපාදන සහ නගර සභා අරමුදලින් මෙම වැය සපයා ගැනීමට නියමිතය.   

මෙහි සමාරම්භක උත්සවය 2014 පෙබරවාරි 10 වන දින වටපුළුව නව ළමා උද්‍යානයේදී සිදූ කෙරිණි. මෙම අවස්ථාවට මහනුවර පුරපති මහීන්ද්‍ර රත්වත්තේ , නියෝජ්‍ය පුරපති සේන දිසානායක ඇතුළු පක්ෂ විපක‍ෂ නාගරික මන්තී්‍රවරුන්ද, නාගරික කොමසාරිස් ඇතුළු නාගරික කාර්යය මණ්ඩල ප්‍රධානීන්ද දරුවන්ගේ දෙමාපියන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක්ද පැමිණ සිටිහ. 

 නගර සභාවේ පෙර පාසල් වලට පැමිණෙන දරුවන් 60% පමණ අඩු ආදායම් පවුල්වලට අයත් වෙතැයි නගර සභා නිළ ආරංචි මාර්ග පවසයි. නගර සභා සීමා තුළ වාසය කරන දරුවන් වර්ෂයකට රුපියල් 500ක් ගෙවිය යුතු අතර ඉන් පිට වාසයකරන දරුවන්ට රුපියල් 2000ක් ගෙවිය යුතු වෙයි.
මහ නගර සභාවේ පෙර පාසල් උදෑසන 8.00 සිට 11.30 දක්වා පමණක් පැවැත්වේ. සෑම පාසලකටම අ.පො.ස (උ.පෙළ.) සමත් එක් පුහුණු ස්ථීර ගුරුවරියක් සිටින අතර ඊට අමතරව අඩු තරමින් එක් ස්වේච්ඡා ගුරුවරියක් බැගින්වත් සිටී.

   පෙර පාසල් දියුණු කිරීමට නගරාධිපති රත්වත්තේ සහ සෙසු සභිකයින්ට විශාල උවමනාවක් ඇත. ප්‍රශ්නය මුදල් හිගකමයි. දැනට තිඛෙන පරණ ලී පුටු සහ මේස වෙනුවට අලූත් පයිබර් ග්ලාස් පුටු සහ මේස ලබාගැනීමට එක් ප්‍රමුකතාවයකි. අනෙක දරුවන්ට ඉංග්‍රීසි ඉගැන්වීමට ගුරුවරුන් ලබා ගැනීමයි. මේ අරමුණු දෙක ඉටුකර ගැනීමට නගර සභාව මහනුවර නගර වාසීන්ගෙන් සහය පතයි.

Appreciation

FELICIA WEERAKOON: Friend and Social Worker     

The world fell apart for so many of us on the fourth of February when a beloved friend left without so much as a goodbye.  Her life was like a shooting star that brought so much joy to so many while she lived.

Felicia was an epitome of kindness and generosity. She was the Chair Person of the Ladies Committee of the Elders Home, Kandy Friend-in-Need Society, a responsibility that she took upon herself after the demise of her husband Dr. Prem Weerakoon headed the management committee for several decades.

The selfless service rendered for decades will be remembered by all who worked with her.  Her dedication stretched so far that she spent more time with the much needy senior citizens than her home itself. 

It was not only the people at the Elder's Home that were helped, but anyone who knocked on her door was generously taken care of. She helped in the welfare of the bhikkus in many temples who in return loved and respected her like a mother.

As a mother, she was only the best with her children Janaka, Ravi and Deepthi . There is no doubt as to how much they will miss her as will her brothers and sisters who loved her equally.  She will always be the light in their hearts and the many others whose lives she touched.

You will be remembered with gratitude and love by all of us who knew you. We will always miss you and forever wonder why you left us so suddenly.  May your journey in samsara end with this life and may you attain the supreme bliss of nibbana.
 Mirani Liyanage,
Asoki Upasena
Chandrika de Silva
Sumathi Gunaratnan
Padmini Angunawela
Amara Kulugammana
Srikanthi Weerasinghe

කර්තෘට ලිපි

බෝගම්බර බන්ධනාගරයට කුමක් කළ යුතුද?

බෝගම්බර බන්ධනාගාරය මහනුවර පල්ලේකැලේ ප්‍රදේශයට රැගෙන යාමත් සමගම මෙම ගොඩනැගිල්ල සඳහා කුමක් කළ යුතුදැයි බොහෝ දෙනාගේ කථාබහට ලක්වී ඇත. මහනුවර සෙංකඩගල කන්ද උඩරට රාජධානිය අභාවයට යෑමක් සමගම ඵෙතිහාසික වටිනාකමක් ඇති පරුණි බෝගම්බර වැඩ ආශ්‍රිත ප්‍රදේශයේ 1876දී ඉංග්‍රීසීන් විසින් සිරකරුවන් රදවා තැබීම සඳහා බෝගම්බර බන්ධනාගාරය ඉදි කරන ලදි. අදින් වසර 138 කාලයක් තුළ මෙම බන්ධනාගාරය තුළ දරුණු අපරාධකරුවන් හා විවිධ ගණයේ අපරාධවලට ලක්වුවන් රාශියක් සිරගත කර දඩුවම් ලබාදී ඇත.

 මහනුවර නගරය යුනෙස්කෝ ආයතනය මගින් ලෝක උරුම නගරයක් ලෙස නම් කිරීමත් සමගම බෝගම්බර බන්ධනාගාරයට වටිනාමක් ලැබුණි. මහනුවර නගරයේ වර්තමාන සංවර්ධන කටයුතු පුළුල්වී යෑමත් සමගම බෝගම්බර බන්ධනාගාරය මෙම ස්ථානයෙන් ඉවත්කිරීමේ අවශ්‍යතාවය මතු විය.

ඒ අනුව බෝගම්බර බන්ධනාගාරය පල්ලේකැලේ ප්‍රදේශයට රැගෙන ගිය අතර දැනට හිස්වී ඇති බන්ධනාගාර ගොඩනැගිල්ල මහජන ප්‍රදර්ශනය සඳහා මේ දිනවල විවෘතව පවතී. විශාල ජනතාවක් බන්ධනාගාරය නැරඹීමට මහනුවරට පැමිණෙති.

බොහෝ දෙනා මෙය දැකබලා ගැනීමෙන් පසු නගර මධ්‍යයේ මෙවැනි ස්ථානයක් අනාගත සංවර්ධන කටයුත්තක් ලෙස මහජනතාවගේ අභිවෘද්ධියට හා ප්‍රයෝජනයට කෙසේ යොදාගත යුතු දැයි විවිධ අදහස් පළ කරති.

මෙම ස්ථානය හෝටලයක් තැනීම සඳහා යොදා ගැනීමට ඉඩකඩ තිඛෙන බව ඇතමෙක් කීහ. බොහෝ දෙනාගේ මතය වන්නේ මෙම ස්ථානයේ ෙඵෙතිහාසික බව රැකෙන පරිදි වටේ ඇති තාප්පය එලෙසින්ම තබා ගෙන එය සංස්කෘතිමය වශයෙන් වැදගත් අංග වලින් සමන්විත ගොඩනැගිලි සංකීර්ණයක් වශයෙන් සංවර්ධනය කළ යුතු බවයි. ඒ සඳහා  පහත සඳහන් පරිදි යෝජනා ඉදිරිපත්වී ඇත.
1. සංචාරක ව්‍යාපාරය නිසා මහනුවරට දිනපතා සංචාරකයින් විශාල ප්‍රමාණයක් පැමිණෙන බැවින් භාණ්ඩ මිලදී ගැනීම සඳහා අලෙවි කුටි වලින් සමන්විත ගොඩනැගිල්ලක් සැදීම.
2. මහනුවර නගරයට විශාල රගහලක අඩුපාඩුවක් කලක සිට ඇති බැවින් 2000කට පමණ ඉඩකඩ ඇති රගZහලක් තැනීම.
3. එසේම ඊට අනුබද්ධ මත පරිදි කලාගාරයක්, පුස්තකාලයක් හා සම්මන්ත්‍රණ ශාලාවක් තැනීම.
ඊට අමතර වශයෙන් මහනුවර ප්‍රදේශයේ ජීවත්වන අත්කම් නිර්මාණ ශිල්පීන්ගේ පාරම්පරික නිශ්පාදන සඳහා වෙළඳපලක් වශයෙන් මෙම ගොඩනැගිල්ල සුදුසු පරිදි අළෙවි කුටි ඉදිකර තැබීම.

තවද දේශීය ආහාර වර්ග ජනතාව අතර ප්‍රචලිත කිරීම සඳහා විවිධ කෑම වර්ග වලින් සමන්විත ආපනශාලාවක් දෙස් විදෙස් අයගේ ප්‍රයෝජනයට ලබාදීම සුදුසු බැව් සමහරකුගේ අදහසයි. එසේම පල්ලේකැලේ කඳවුරේ රැදවියන් විසින් නිශ්පාදනය කරන භාණ්ඩ සඳහා වෙළඳ මධ්‍යස්ථානයක් බෝගම්බර නව ගොඩනැගිල්ලක ලබා දිය යුතුය.

ඉහත කාරණා පිළිබඳව මීට අදාළ ආයතන හා බලධාරීන්ගේ අදහස් යොමුකිරීමට දැන් අවස්ථාවක් ලැබී ඇත. එසේම මේ සඳහා ප්‍රමුඛත්වයක් ලබාදී බෝගම්බර සංවර්ධන කටයුතු ආරම්භ වන්නේ නම් එය මහනුවර නගරයේ ජනතාවගේ පමණක් නොව දේශීය සහ විදේශීය  සංචාරකයින්ගේ සුභ සිද්ධියටද හේතු වනු ඇත.
සුනිල් සායක්කාර
ව්‍යාපාර සංවර්ධන කළමනාකරු
මධ්‍යම පළාත් කාන්තා වාණිජ මණ්ඩලය
මහනුවර

Saturday 25th of March 2017. Joomla Templates Free. The Kandy News Online Edition - CMS Implementation: Webvision Sri Lanka.