නගර සභා මැතිවරණය දිනන්නේ හෝ පරදින්නේ මෙහෙමයි

Print

පෙබරවාරි මස 10 වැනි සෙනසුරාදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදි ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන 341-මහ නගර සභා 24, නගර සභා 41, ප්‍රාදේශීය සභා 276- ක නියෝජිතයින් 8356 ක් තෝරා ගැනීමට නියමිතය. ලියා පදිංචි ඡන්ද දායකයින් ලක්ෂ 158 ක් ඡන්දය දීමට සුදුසුකම් ලබා ඇත. ශ්‍රී ලංකාවේ සියලුම පළාත් පාලන ආයතනවල එකම දිනක ඡන්දයක් පවත්වන  ඉතිහාසයේ පළමු වතාව මෙයයි. 

මෙම මැතිවරණය ‘අලුත්’ ක්‍රමයක් යටතේ සිදුවන බව රජය ජනතාවට කියයි. පෙර පැවති මනාප ක්‍රමය අහෝසි කර තිබේ. පළාත් පාලන ආයතන නියෝජිතයගෙන්60% කොට්ඨාශවලින් තේරී පත්වන අතර ඉතරි 40% ලැයිස්තුවකින් පක්ෂය නම් කරන නියෝජිතයෝ වෙති. ශ්‍රී ලංකාව සර්වජන ඡන්දය ලැබුවේ මීට 88 අවුරුද්දකට පෙර 1931කේ දීය. ඉන් පසු පළමු වරට කාන්තා නියෝජනයක් නීතියෙන් සහතික කළ පළමු අවස්ථාව මෙය වේ. මෙවර පළාත් පාලන ආයතනවල නියෝජිතයන්ගෙන් අවම  25% ක් කාන්තාවන් විය යුතු වේ. 
 
ඡන්දයකින් පසු ඡන්ද වහාම ගණන් කොට ප්‍රතිඵල නිකුත් කිරීම මෙරට සම්ප්‍රදාය වී තිබේ. මෙවරත් කොට්ඨාශවල ප්‍රතිඵල එසේ ලබා ගැනීමට පුලූවන් වෙනු ඇත. එහෙත් ලැයිස්තුවලින් පත්වන නියෝජිතයින්ගේ නම් ලබා ගැනීම ප්‍රමාද වීමට හොඳටම ඉඩ තිබේ. ඊට හේතුව නව ක්‍රමය මනාප ක්‍රමයටත් වඩා සංකීර්ණ වීමයි.
අලූත් ක්‍රමයේ හොඳ සහ නරක යන දෙකම තිබේ. අප මෙම අතිරේකයේ පලකරන වෙනත් ලිපියක ඒ ගැන සාකච්ඡා කරමු. මෙම ලිපියේ  ප්‍රධාන අරමුණු අලූත් ක්‍රමය හැකි තරම් සරල අයුරින් පැහැදිලි කර දීමයි. ඒ සදහා මහනුවර මහ නගර සභාව අපි උදාහරණයක් ලෙස යොදා ගන්නෙමු. අපේ පාඨකයාගේ පහසුව සදහා එම පැහැදිලි කිරීම සදහා ප්‍රශ්න සහ උත්තර ආකෘතිය යොදා ගනිමු.
 
ප්‍රශ්නය : පරණ ක්‍රමය සහ අලූත් ක්‍රමය යටතේ මහනුවර මහ නගර සභාවට නියෝජිතයින් කී දෙනෙකු තේරී පත්වෙනවාද?
 
උත්තරය : පරණ ක්‍රමයේ 24යි අලූත් ක්‍රමයේ 41යි. එනම් 71% වැඩිවීමකි. 
 
ප්‍රශ්නය: නියෝජිතයින් තෝරාගන්නේ කෙසේද?
 
උත්තරය:නීතියට අනුව 60%, එනම් 25ක් කොට්ඨාශවලින් සහ 16ක් එනම් 40%ක ලයිස්තුවකින් තෝරා ගනු ලබනවා.
 
ප්‍රශ්නය: කොට්ඨාශ 22ක් පමණක් තිඛෙන විට කොට්ඨාශ නියෝජිතයින් 25ක් සිටින්නේ ඇයි?
 
උත්තරය:  කටුගස්තොට ප්‍රදේශයේ ගාලේවත්ත, මාවිල්මඩ සහ කටුකැලේ යන කොට්ඨාශවලින් නියෝජිතයින් දෙදෙනා බැගින් තොරාගනු ලබනවා.
 
ප්‍රශ්නය: එම තුන පමණක් බහු ආසන කොට්ඨාශ ලෙස නම් කර තිඛෙන්නේ ඇයි? 
 
උත්තරය: එම කොට්ඨාශවල සුළු ජාතික නගරවාසින්ට නියෝජනයක් ලබාදීමට  අවස්ථාවක් දීම සඳහා යැයි අනුමාන කරන්න පුලුවන්. 
 
ප්‍රශ්නය: එම ආසන 25 ට එක් එක් පක්ෂයෙන් අපේක්ෂකයින් කීදෙනෙකු නම් කරනවද?
 
උත්තරය: එක පක්ෂයකින් 25යි. 
 
ප්‍රශ්නය: කොට්ඨාශවලට මන්ත්‍රීන්තෝරන්නේ කවර ක්‍රමයකටද?
 
උත්තරය: අලුත් ක්‍රමයේ මනාප නැහැ. පරණ විදියට ඡන්දයක් දාන්න පුලුවන්. 
 
ප්‍රශ්නය: ඡන්ද පත්‍රිකාවේ මොනවද සඳහන් වන්නේ? 
 
උත්තරය: කොට්ඨාශයේ නම තරග කරන පක්ෂවල නම් සහ එම පක්ෂවල ලාංඡන පමණයි. කොට්ඨාශයට අපේක්ෂකයෙකු නම් කර තිබුණත් එම පුද්ගලයාගේ නම ඡන්ද පත්‍රිකාවේ සඳහන් වෙන්නේ නැහැ. ඡන්ද අපේක්ෂකයන්ගේ නම් වෙනත් මාර්ගවලින් ලබා ගත යුතුයි. කතිරය ගසන්නේ තමාට කැමති පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට පමණයි. (මෙවර මහනුවරට ස්වාධීන කණ්ඩායම් ඉදරිපත් වී නොමැත)
 
ප්‍ර්‍රශ්නය: කොට්ඨාශයේ ජයග්‍රාහකයා තීරණය කරන්නේ කොහොමද?
 
උත්තරය: වැඩිම ඡන්ද ගණනක් ලැබු පක්ෂයේ අපේක්ෂකයා තේරී පත්වෙනවා. යම් හෙයකින් වැඩිම ඡන්ද ගණන පක්ෂ දෙකක් සම සමව ලැබුවොත් කාසියක් උඩ දමා ජයග්‍රාහකයා තීරණය කරනු ඇත.
 
ප්‍රශ්නය:මහනුවර කොට්ඨාශ තුනක ආසන දෙක බැගින් තිඛෙනවා ඒවායේ දෙවැනි අසුනට අපේක්ෂකයෙකු තෝරන්නේ කොහොමද?
 
උත්තරය:උදාහරණයකින් මෙය පැහැදිලි කිරීම වඩා පහසුයි. ආසන දෙකක් තිඛෙන මාවිල්මඩ ආසනය ගනිමු. වැටුණු මුලු ඡන්ද ගණන 100 යැයි සිතමු. ජයග්‍රාහි “A” පක්ෂයට ඡන්ද 40 (40%), “B”  30 (30%), “C” 25 (25%), සහ “D” 15 (15%) ලැබුණා යැයි සිතමු. එවිට “A” සහ “B” පක්ෂවල අපේක්ෂකයින් තේරී පත්වෙනවා. නමුත් ප්‍රතිඵල පහත සඳහන් අයුරින් ලැබුණා යැයි සිතමු. “A” 50 (50%); “B” 25 (25%), “C”  15 (15%) සහ “D” 10 (10%). එවිට අනිවාර්යයෙන්ම  “A” පක්ෂයට පළමු අසුන ලැඛෙනවා. නමුත් දෙවැනි අසුනට කාසියක් උඩ දැමීමට සිදුවෙයි. හේතුව “A” පක්ෂයට පළමු අසුන වෙනුවෙන් අඩු තරමින් ඡන්ද 25 ක් කැප කළ යුතු වෙයි. එවිට “A” පක්ෂයේ ශේෂය 25 කි. එනම් “B” පක්ෂයේ ඡන්ද ගණනට සමානය. එවිට කාසියක් උඩදමා දෙවැනි අසුනේ ජයග්‍රාහකයා තෝරනු ඇත. යම් හෙයකින් ඡන්ද වැටීම පහත පෙන්වන ආකාරයට සිදුවුවා යැයි සිතමු: “A” 49 (49%); “B” 25 (25%); “C” 16 (16%); “D” 10 (10%). එවිට ප්‍රතිඵල වෙනස් වෙයි  “A” පළමු ආසනය දිනනු ඇත. දෙවැනි අසුන හිමිවන්නේ “B” ටය. හේතුව “A” පළමු අසුන වෙනුවෙන් ඡන්ද 25 ක්  කැප කළ   විට ඉතිරිවන්නේ තව ඡන්ද 24 කි.  “B” ඡන්ද 25 ක් ලබා තිඛෙන නිසා දෙවැනි අසුන  “B” පක්ෂයේ අපේක්ෂකයාට ලැබේ. අනෙක් අතට “A” පක්ෂයට  ආසන දෙකම දිනාගැනීමට  සෑහෙන ඉඩ කඩ තිඛෙනවා,   “A” පක්ෂයට ඡන්ද 41ක් සහ ඉතිරි පක්ෂ තුනට ඡන්ද B 20, C 20 සහ D 19 බැගින් ලැබුනොත් තම පක්ෂයට ලැඛෙන ඡන්ද 41න් 21 පමණ පළමු අසුන “A”  පක්ෂයට ලබාගන්න පුලූවන්. එවිට “A”  පක්ෂයට දෙවෙනි අසුන සදහා ඡන්ද 20ක  ශේෂයෙක් තිඛෙනවා. එම තත්වය යටතේ දෙවැනි අසුන තුන්ඩු ඇදීමකින්  A,  B හෝ Cපක්ෂයට පවරයි. නමුත් “A” පක්ෂය ඡන්ද 42 ලැඛෙන අතර, B 20, C 19, D 19 බැගින් ලැබුනොත් ආසන දෙකම “A” පක්ෂයට හිමි වෙනවා. හේතුන එක් ආසනයකට ඡන්ද 21 බැගින් ආසන දෙකටම අවශ්‍ය බහුතරය “A” පක්ෂය සතු වීමයි.  එනම් ඕනෑම බහු ආසනයක ඡන්දවලින් අඩුතරමින් 42% හිමිකරගැනීමෙන් අසුන් දෙකම දිනාගැනීමේ න්‍යායාත්මක අවකාශය ඕනෑම පක්ෂයකට තිඛෙනවා. 
 
ප්‍රශ්නය: කොට්ඨාශවලින් තේරෙන 25 ට අමතරව තවත් 16 දෙනෙක් නගර සභාවට තෝරා ගන්නේ මොන අපේක්ෂක කණ්ඩායමෙන්ද?
 
උත්තරය:එම 16 තෝරා ගැනීමට සෑම පක්ෂයකටම අපේක්ෂකයින් කණ්ඩායම් දෙක බැගින් සිටිනවා. නම් 19ක් තිඛෙන අතිරේක ලැයිස්තුව ඉන් එක කණ්ඩායමක්. අනෙක් කණ්ඩායම කොට්ඨාශවලින් පරදින තම පක්ෂයේ අපේක්ෂකයින්.    
 
ප්‍ර්‍රශ්නය: මහනුවරට තරග කරන පක්ෂ හතර අතර කොට්ඨාශවලින් පිට තිඛෙන ආසන 16 ඛෙදා හරින්නේ කොහොමද?
 
උත්තරය: ඉතාම සරල උත්තරය වන්නේ පක්ෂ හතර නගර සභා ඡන්දයේදි  ලබන සමස්ත ඡන්ද ගණනට සමානුපාතිකව එම ආසන  ඛෙදී යන බවයි. A ඡන්ද 400 (40%), B 300 (30%), C 200 (20%) D 100 (10%),ලැබුවා යැයි සිතමු. වැටුණු මුලු ඡන්ද ගණන 1000 කි එනම් ආසන 16 න් 01 ක් ලබා ගැනිමට ඡන්ද 1000/16 = 62.5    ලබා ගත යුතුයි.  මේ අනුව A 400/62.5 = 6.4, B 300/62.5 = 4.8, C 200/62.5 = 3.3 සහ  D 100/62.5 = 1.6 යන ආකාරයට අසුන් 16 ට හිමිකම් කියයි. එනම් A පක්ෂයට ආසන 6, B 4, C 3    සහ  D 1 අනිවාර්යෙන් ලැබේ. එම සංඛ්‍යාවේ එකතුව ආසන 14 කි. තවත් ආසන 2 ක් ඉතිරි වී තිබේ.  ඉන් පළමු අසුන ලැඛෙන්නේ වැඩිම ශේෂය (0.8) තිඛෙන B පක්ෂයට.  දෙවැනි අසුන දෙවැනි ඉහළම ශේෂය (0.6)  තිඛෙන D පක්ෂයට හිමි වෙයි. ආසන 16 ඛෙදී යන්නේ A 6, B 5, C 3 සහ  D 2 යන අයුරිනි.
ප්‍රශ්නය: නගර සභාවේ බලය ලබා ගැනීමට ආසන කීයක් අවශ්‍යද? 
 
උත්තරය: ආසන 22 බහුතරයක් තිබුණොත් ප්‍රමාණවත්. 
 
ප්‍රශ්නය: එක පක්ෂයකට ආසන 22 ක් කොට්ඨාශවලින් පමණක්ම දිනා ගන්නට පුලුවන්ද? 
 
උත්තරය: පුලුවන්. උදාහරණයක් වශයෙන් සෑම කොට්ඨාශයකම මුලු ඡන්ද 100 බැගින් වැටෙන බවත් එම ඡන්ද  A පක්ෂයට 26 (26%) B 25 (25%) C, 25 (25%) සහ  D 24 (24%)යන අයුරින් ඛෙදුනොත් A පක්ෂයට ආසන 22 ක් ලැඛෙනවා. 
 
ප්‍රශ්නය : ඔබ කියන්නේ මුලූ ඡන්දයෙන් 26%   ලැබු  A පක්ෂය කොට්ඨාශ ආසන 25 න් 22 ක් (88%)  ලබා ගෙන සමස්ත ආසන  41න් 22 (54%)   ලබා ගෙන බලය අල්ලා ගන්නා බව නේද? 
 
උත්තර : ඔව් නමුත්  B, C  සහ   D පක්ෂවලට බහු ආසන කොට්ඨාශ තුනෙන් ආසන තුනක් හිමිිවෙනවා. මෙම උදාහරණයෙන් පෙන්වන්නේ සුලු කණ්ඩායම්වලට බහු ආසනවලින් යම් සෙතක් ලැඛෙන බවයි. 
 
ප්‍රශ්නය: ඊට අමතරව ලැයිස්තු ආසන 16 න් යම් කොටසක් පක්ෂවලට ලැඛෙන ආකාරය පැහැදිලි කළ හැකි ද? 
 
උත්තරය: ලැයිස්තුවේ ආසන ඛෙදෙන්නේ එක් එක් පක්ෂය ලැබු ඡන්ද අනුපාතයට (A 26%; B 25%, C25%, D 24%) අනුවයි. නමුත් මේ අවස්ථාවේදි A පක්ෂයට එකම අසුනක්වත් ලැයිස්තුවෙන් ලබන්නේ නැහැ. ඊට හේතුව A  පක්ෂය මුලු ඡන්දවලින් 26%   ලබා ගෙන ආසනවලින් 54%  දැනටමත් දිනා සිටී. නීතිය කියන්නේ ලැයිස්තුවෙන් ආසන වෙන් කිරීමේදී පක්ෂයට ලැඛෙන ලැයිස්තු ආසන නිසා පක්ෂයේ සමස්ත ආසන ප්‍රතිශතය එම පක්ෂය ලබා ගත් ඡන්ද ප්‍රතිශතය ඉක්මවා යා නොයුතු බවයි. මෙම උදාහරණයේ A පක්ෂය නගර සභාවේ මුලු ආසන සංඛ්‍යාවෙන් 54%  දැනටමත් දිනා තිඛෙන බැවින් එම පක්ෂයට ලැයිස්තු ආසන නොලැබේ. ලැයිස්තු ආසන 16 ඛෙදෙන්නේ මෙසේය. සෑම කොට්ඨාශයකම වැටුණු මුලු ඡන්ද සංඛ්‍යාව 100 බව සිතුවොත් නගර සභාවේ කොට්ඨාශ 22 සමස්ත ඡන්ද සංඛ්‍යාව 2200. “A”    පක්ෂයේ  (26 x 22) ඉන් ඡන්ද 572 ලබා ගත්තේය. අනෙක් පක්ෂ තුන එකතුව ලබා ගත්තේ    (74 x 22) ඡන්ද  1628.  ලැයිස්තුවේ එක අසුනක් සඳහා අවශ්‍ය ඡන්ද සන්ඛ්‍යාව  1628/16 = 101,75කි.  ලැයිස්තුවේ ආසන 16 ඛෙදෙන්නේ මෙසේය: B 550/101.75 = 5.4; C 550/101.75 = 5.4; D 528/101.75 = 5.2.  මේ අනුව B, C සහ Dයන පක්ෂ තුනටම ආසන 5 බැගින් ආසන 15 ක ඛෙදී යයි. ඉතිරි ආසනය ශේෂය සංසන්දනය කිරීමෙන් දෙනු ඇත. B සහ    C    පක්ෂවලට එක සමාන ශේෂයක් (0.4 ශේෂය) තිඛෙන බැවින් කාසියක් උඩ දැමීමෙන් එය තීරණය වෙයි. කුඩා පක්ෂවලට ලැයිස්තු ක්‍රමය වාසිදායක බව මෙයින් පැහැදිලිවේ. 
 
ප්‍රශ්නය: යම් හෙයකින්  “A”  පක්ෂයට මුලු ඡන්දවලින් 26%  :ඡන්ද  (572)  ලබා ගෙන කොට්ඨාශවලින් ආසන 10 ක් එනම් නගර සභාවේ මුලූ ආසන 1න් 24.4% පමණක් දිනාගත්තා නම් ඇතිවන තත්ත්වය කුමක්ද? 
 
උත්තරය:එවිට ඉතිරි පක්ෂ තුන අතර සෙසු කොට්ඨාශ ආසන 15 ඛෙදි යයි. එම අසුන් 15 එක පක්ෂයකට 5 බැගින් ඛෙදී යනවා. යැයි අපි උපකල්පනය කරමු.  (නමුත් සැබෑ ලෝකයේ එම ආසන 15 ඊට වඩා වෙනස් අයුරින් ඛෙදෙන්නට හොඳටම ඉඩ තිබේ.) 
 
ප්‍රශ්නය:   “A”  පක්ෂයට කොට්ඨාශ ආසන 10 ක පමණක් ලැබුණොත් ලැයිස්තු ආසන 16 ඛෙදෙන්නේ කොහොමද? 
 
උත්තරය: එක ලැයිස්තු ආසනයක් සඳහා අවශ්‍ය ඡන්ද සංඛ්‍යාව  2220/16 = 137.5. එක් එක් පක්ෂයට හිමි වන ලැයිස්තු ආසන ගණන මෙසේය.  : A 572/137.5 = 4.16; B 550/137.5 = 4.0; C 550/137.5 = 4.0; D 528/137.5 =3.84.   මේ අනුව A, B, සහ C පක්ෂ වලට පළමු වටයෙම ආසන 4 බැගින් ලබයි. පක්ෂයට පළමුවටයේ ආසන තුනක් ලැබේ. ඉතිරි ලැයිස්තු ආසනය වැඩිම ශේෂය නීතිය යටතේ D පක්ෂයට ලැබේ මේ අනුව නගර සභාවේ විශාලම තනි පක්ෂය වන්නේ ආසන 14 හිමි  “A” පක්ෂයයි.    ඉතිරි පක්ෂ තුනට ආසන 9 බැගින් තිබේ.  
 
ප්‍රශ්නය:  වඩා තාත්විකව සිතුවහොත් පක්ෂ හතරක් අතර ඡන්දය ඛෙදී යන්නේ අප ඉහත සැලකු තරම් කිට්ටුවෙන් නොවේ. මහ නගර සභාවේ වැටෙන මුලු ඡන්ද   ගණන   2200 කියා සිතමුග  “A”    පක්ෂය ඡන්ද 990 (44.6%) දිනා කොට්ඨාශ අසුන් 13ක්   (සභාවේ ආසන  41න් 31.7%) , B    ඡන්ද 770 (34.7%) දිනා කොට්ඨාශ අසුන් 11ක්  (26.8%)ද , C පක්ෂය ඡන්ද 330 (14.9%)  දිනා කොට්ඨාශ අසුන් 1ක්  (2.4%) ද දිනාගන්නා බව සිතමු. පක්ෂය ඡන්ද 130  (5.9%)  දිනන නමුත් එකම කොට්ඨාශ අසුනක්වත් ජය නොගනීග එවැනි තත්වයක් යටතේ ලැයිස්තු ආසන ඛෙදී යන්නේ කෙසේද? 
 
උත්තරය :පෙර මෙන්ම එක ලැයිස්තු අසුනක් ලබා ගැනිමට ඡන්ද 137.5 අවශ්‍ය වේ. ඒ  අනුව ලැයිස්තු ආසන මෙසේ ඛෙදී යයි.
 
පළමු වටය 
 
A 990/137.5 = 7.207;  B 770/137.5 =  5.6; C  330/137.5 = 2.4; D  130/137.5 = 0.945.  
පළමු වටයෙන් A පක්ෂයට ආසන 7, B පක්ෂයට ආසන  5,    සහ  ක‍ පක්ෂයට ආසන 2 ලැඛෙයි.
 
දෙවන වටය
ඉතිරි ආසන දෙකෙන් පළමුවැන්න  D  පක්ෂයටදල දෙවැන්න B පක්ෂයටද ලැබේ. 
 
මේ අනුව සමස්ත ඡන්ද ප්‍රතිශතය සහ සමස්ත ආසන ප්‍රතිශතය මෙසේ වේ. වගුව 1 බලන්න. 
 
වගුව 1:  පක්ෂවලට ලැයිස්තු  ආසන වෙන්කිරීම- පළමුවන වටය 
 
ඉහත උදාහරණය අනුව A  සහ B පක්ෂ දෙකම එම පක්ෂ දිනූ ඡන්ද ප්‍රතිශතයන්ට වඩා ඉහල ආසන ප්‍රතිශත ලබාගෙන ඇත. කොට්ඨාශවලින් පමණක් ආසන දිනා එවැනි තත්වයක් ඇතිවීමට නීතිය ඉඩ දී තිබේ. අප මුලින්ම දැක්වු උදාහරණයේ  A”    පක්ෂය මුලු ඡන්දවලින්   26% දිනාගෙන අසුන් 22 (54%) දිනා ගත්තේය. අප දැන් සලකන  උදාහරණය    යටතේ වගුව 1 පෙන්වන පරිදි  “A” සහ “B” වලට ලැඛෙන ආසන ප්‍රතිශතය ඡන්ද ප්‍රතිශතය ඉක්මවයි. පක්ෂ  “C” සහ “D” වල තත්වය එහි අනෙක් පැත්තය. මෙයට නීතයෙන් දී තිඛෙන විිසදුම් වනුයේ ලැයිස්තු ආසන පක්ෂවලට වෙන් කිරීමේදී මුලු ආසන සංඛ්‍යාවේ ප්‍රතිශතය   සහ ලැබු මුලු ඡන්ද සංඛයාවේ ප්‍රතිශතය අතර වෙනස අවම කිරීමට අනුපාත ක්‍රමවේදයක් සපයා තිබීමයි. වගුව 2 බලන්න. 
 
වගුව 2: පක්ෂවලට ලැයිස්තු  ආසන වෙන්කිරීම - දෙවන වටය 
 
 
දෙවන වටයේදී    A සහ B පක්ෂයේ ආසන අඩු කරන්නේ යම් රීතියකට යටත්වය. එනම් එම ලැයිස්තුවෙන දෙන ආසන ගණන අඩුකළවිට පක්ෂයේ සමස්ථ ආසන අනුපාතය පක්ෂය ලැබු සමස්ථ ඡන්ද අනුපාතයට අඩු නොවිය යුතු බවයි. “A” පක්ෂයට ලැයිස්තුවෙන් ලැඛෙන ආසන සංඛ්‍යාව 1 කින් අඩු කළවිට මුලු ආසන 19 වී ප්‍රතිශතය 46.3%  අඩුවෙයි. එය ලැබු ඡන්ද ප්‍රතිශතයවු 44.6% ට වඩා ඉහළය. නමුත් ආසන දෙකක් අඩුවුවහොත් ආසන ගණන 18 දක්වා අඩුවී ප්‍රතිශතය 43.9% වෙයි. එය “A” පක්ෂය ලබාගත් ඡන්ද ප්‍රතිශතයට වඩා අඩුය. එම නිසා  “A” පක්ෂයට කැපකිරීමට සිදුවන්නේ එක් අසුනක් පමණයි. එම රීතිය උඩ “B” පක්ෂයට ආසන දෙකක් කැපකිරීමට සිදුවේ. 
 
එම ආසන තුන පළමුවන වගුවේ වගුව 1 තීරුව 6 පෙන්වන පරිදි පළමු වටයේ වගුව 1  -7.6% ආසන සංක්‍යාවක් තිඛෙන ක‍ පක්ෂයටය. එවිට එම පක්ෂයේ මුලූ ආසන සංඛ්‍යාව 4 දක්වා ඉහළ යයි. ආසන ප්‍රතිශතය 9.8% දක්වා ඉහළ යයි. ආසන අවාසිය (9.8-14.9) -5.1% දක්වා පහළ වැටෙයි. D පක්ෂයේ ආසන අවාසිය (12.2-14.9) -2.7 බව වගුව 1 දක්වයි. එමනිසා දෙවෙනි අසුනද C පක්ෂයට ලැබේ. එවිට එහි ආසන අවාසිය (12.2-14.9) -2.7 දක්වා අඩුවෙයි. එමනිසා තුන්වන ආසනය D පක්ෂයට ලැබේ. එවිට D පක්ෂයේ ආසන අවාසිය :(4.9-5.9) -1.0 දක්වා ලැබේ. මෙම ක්‍රමයෙන් ආසන ඡන්ද ප්‍රතිශතය සහ ලබාගන්න මුලූ ඡන්ද ප්‍රතිශතය අතර වෙනස අඩුවන අතර  සුලු පක්ෂවලට සිදුවන ආසන අවාසිය තරමක් දුරට තුනී වන බව පැහැදිලිය. 
 
ප්‍රශ්නය:  ලැයිස්තුවේ 16 දෙනා තෝරන්නේ කවුරුන්ද? 
 
උත්තර :  ඡන්දය භාර නිළධාරි එක් එක් පක්ෂයට ලැයිස්තුවෙන් ලැඛෙන ආසන සංඛ්‍යාව පක්ෂ ලේකම්ට දන්වනු ඇත. පක්ෂ ලේකම් අතිරේක ලැයිස්තුවෙන් හෝ එසේත් නැත්නම් කොට්ඨාශ ලැයිස්තුවේ පරාජිත අපේක්ෂකයින් අතරින් නම් තෝරා මැතිවරණ කාර්යාලයට දැන්වු විට ඔවුන් නිල වශයෙන් තේරී පත්වු බව ප්‍රකාශ කරනු ඇත.  
 
කාන්තා නියෝජනය ශක්තිමත් කර තිඛෙන්නේ කෙසේද? 
 
උත්තරය : කාන්තා නියෝජනය ශක්තිමත් කිරීමට නීති කොන්දේසි තුනක් පනවා තිඛෙනවා. කොට්ඨාශ ලැයිස්තුවේ අඩු තරමින් 10% වත් කාන්තා අපේක්ෂකයින් සිටීම පළමුවැන්නයි.  මහනුවරට තරග කරන පක්ෂවල කොට්ඨාශ ලැයිස්තු හතරේම   කාන්තාවන් 4 දෙනා බැගින් ඉන්නවා. දෙවැන්න අතිරේක ලැයිස්තුවේ අවම වශයෙන් කාන්තාවන් 50% සිටිය යුතුයි. මහනුවර අතිරේක ලැයිස්තු හතරේම කාන්තාවන් 9 බැගින් ඉන්නවා. තෙවැන්න නගර සභිකයින් 41 න් අඩු තරමින් 25%, එනම් 11 ක් කාන්තාවන් විය යුතුමයි. (කාන්තාවන් 10 දෙනෙකු පත් වුවහොත් එම සංඛ්‍යාව 10/41 = 24.39% යයි, එනම් 25%  අඩුයි. එම නිසා කාන්තාවන් 11 සිටිය යුතුයි. න්‍යායකව එසේවුවද කාන්තාවන් 10 දෙනෙකු පත්කිරීමට නීතිය ඉඩදී තිබේ.
 
ප්‍රශ්නය  : කාන්තාවන් 10 දෙනෙකු නගර සභාවට පත්වන ක්‍රමය ක්‍රමක්ද?
 
උත්තරය :  කොට්ඨාශවලින් අඩු තරමින් කාන්තාවන් 10 දෙනෙක් තේරී පත්වුවහොත් ගැටලුව අවසන්. ඊට අඩු ගණනක් කොට්ඨාශවලින් පත්වුවහොත් අඩුව ලැයිස්තුවෙන් පත්කරන්නට නීතියෙන් ක්‍රමවේදයක් සකස් කර තිඛෙනවා.
 
ප්‍රශ්නය :  කුමක්ද එම ක්‍රමවේදය?
 
උත්තරය: මහනුවර නගර සභාවට කාන්තාවන් තිදෙනෙක් කොට්ඨාශවලින් තේරී පත්වේ යැයි සිතමු. එවිට ඉතිරි 7 පක්ෂ විසින් ලැයිස්තුවෙන් පත් කළ යුතුයි. නමුත් යම් පක්ෂයක් කොට්ඨාශවලින් ජයගත් ආසන ගණන 3 ට අඩු නම් හෝ ලබා ගත් මුලු ඡන්ද ප්‍රතිශතය 20% ට අඩු වුවහොත් එම පක්ෂය ලැයිස්තුවෙන් කාන්තාවන් නම් කිරීම අනිවාර්ය නැතග ඡන්ද ප්‍රතිශතය  20%   හෝ ඊට වැඩිනම් හෝ නියෝජිතයින් 3 ක් හො ඊට වැඩි ගණනක් කොට්ඨාශවලින් තේරුණුහොත් එම පක්ෂ කාන්තා නියෝජනය සලාකය 25%කිරීමට දායක වීම අනිවාර්ය වෙයි.
 
ප්‍රශ්නය:  අදාල දේශපාලන පක්ෂ මේ සදහා අනුගමනය කළයුතු පිළිවෙත කුමක්ද?
 
උත්තරය :  මහනුවර සදහා මෙම ලිපිය මෙතෙක් භාවිතා කළ උදාහරණය  මෙතනදීත් භාවිතා කරමු. මහනුවර  A, B, C පක්ෂ ගත් විට, C  පක්ෂය ඡන්ද වලින් 15% ලබාගෙන එම  පක්ෂයෙ එක අපේක්ෂකයෙකු කොට්ඨාශයකින් තේරී පත්වීය. D පක්ෂය මුලූ ඡන්ද වලින් 6% පමණ ලබාගත් නමුත් එකම අපේක්ෂකයෙක්වත් ජය ගත්තේ නැත. එම නිසා එම පක්ෂ දෙකට ලැයිිස්තු නියෝජනයට කාන්තාවන් ඇතුල් කිරීම අනිවාර්්‍යය නැත. A සහ  B පක්ෂ දෙකට එම වගකීම පැවරේ. 
 
කාන්තාවන් තිදෙනෙකු කොට්ඨාශවලින් තේරී පත්වී ඇති නිසා අඩුව 7කි. A  පක්ෂය සහ B පක්ෂය ලැබු ඡන්දවල එකතුව 1760 කි.  ඉන්   A පක්ෂයේ ප්‍රතිශතය  56.25%  ක් වන අතර  B   පක්ෂයේ 43.75% කිග දැනට පත්වී ඇති කාන්තාවන් තිදෙනාගෙන් එක් අයෙකු ක‍ පක්ෂයෙන් යැයි සිතමු. එවිට ඉතිරිය 9 කි. එම 9 දෙනා ගෙන් 56.25%,   එනම් කාන්තා නියෝජිතයින් 5.0625 “A” පක්ෂයේ වගකීම වෙයි. ඉතිරි 47.5%, එනම්  4.275 “B’ පක්ෂයේ වගකීමකි A පක්ෂයෙන් දැනටමත් කාන්තාවන් 2 තේරී පත්වී ඇති බැවින් එම සංඛ්‍යාව 5.0625  න් අඩු අඩු කළවිට ඉතිරිය 3.0625 කි.B පක්ෂයෙන් කිසිම කාන්තාවක් පත් නොවු බැවින් එම පක්ෂය 4.275  පත් කළ යුතුය. මේ අනුව ‘A” පක්ෂ ලැයිස්තුවෙන් කාන්තාවන් තිදෙනෙකුල “B” පක්ෂ ලැයිස්තුවෙන් හතර දෙනෙකු පත් කළ යුතුම වෙයි. එවිට කාන්තා නියෝජනය 10 වී 25% සම්පූර්ණ වේ. එහෙත් පක්ෂවලට උවමනානම් වැඩිපුර කාන්තාවන් ලැයිස්තුවලින් පත් කරන්නට පුලුවන.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sam S
____________________________________________________________________________________
මෙම ලිපිය සැකසීම සදහා ආසියානු පදනමේ ජේෂ්ඨ තාක්‍ෂණික උපදේශක ධම්මික මහේන්ද්‍ර මහත්මා දැක්වු සහය කෘතඥ පුර්වකව සදහන් කරමුග 
 
 
The Kandy News acknowledges with thanks the assistance of the Senior Technical Advisor on Sub-Natonal Governance Program at the Asia Foundation, Colombo in the preparation of this article.