සදාචාර සහ සාධාරණ සමාජයක් සඳහා ජවිපෙට සහාය දෙන්න

Print

ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර දිසානායක

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පෙබරවාරි 3 වන සෙනසුරාදා මහනුවර ජනතාව ඇමතීමට නියමිතය. ඔහු තම පක්ෂයේ පළාත් පාලන මැතිවරණ රුස්වීම්වලදි සහ මාධ්‍යවලින් මෙතෙක් කර ඇති ප්‍රකාශවලදි ප්‍රතිවාදි ප්‍රධාන පක්ෂ තුනේ නායකත්ව සහ ප්‍රතිපත්ති දැඩි ලෙස විවේඡනය කරයි.
 
පසුගිය රාජපක්ෂ රජයටත් වත්මන් සිිිරිසේන - වික්‍රමසිංහ හවුල් රජයටත් රටේ සංවර්ධනයට සහ විශේෂයෙන් යෞවනයින්ට බලපාන අධ්‍යාපන රුකියා යනාදිය පිළිබඳ යහපත් ප්‍රතිපත්තියක් නැති බව දිසානායක මහතා කියයි. වත්මන් රජය ආණ්ඩුවේ දේපොළ පෞද්ගලික අශයට විකුණන බවට චෝදනා කරන ජනතා විමුක්ති පෙරමුණ නායකයා එම ප්‍රතිපත්තිය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරයි.
රජයේ දූෂණය පිළිබඳ ප්‍රතිවාදි පක්ෂ තුනේම නායකත්වය ඔහුගේ නිර්ධය විවේචනයට ලක් වෙයි. මත්තල ගුවන් තොටුපොල හම්බන්තොට වරාය මහ බැංකු බැදුම්කර නිකුතුව යනාදිය සම්බන්ධව නැගෙන විවිධ චෝදනා ඔහු උදාහරණ ලෙස හුවා දක්වයි. 
 
ප්‍රතිවාදි පක්ෂ සහ එහි නායකයින් පසුගිය දශක කිහිපයේ ජනතාවට දුන් පොරොන්දු සියල්ල පාහේ කඩකර තිඛෙන නිසා මෙවර පළාත් සභා බලය ජනතා විමුක්ති පෙරමුණට ලබා දෙන ලෙස ඔහු ජනතාවට ඇරයුම් කරයි.
 
ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන සදාචාරය තහවුරු කිරීම සඳහා එම පක්ෂයේ සියලුම අපේක්ෂකයින් අනුගමනය කළ යුතු ආචාරධර්ම පද්ධතියක් පසුගිය දෙසැම්බර් මස කොළඹදි පැවැත්වු ජනතා රැළියකදි ප්‍රකාශයට පත් කෙළේය.
 
Thursday 19th of July 2018. Joomla Templates Free. The Kandy News Online Edition - CMS Implementation: Webvision Sri Lanka.