ජනතා මුදල් මංකොල්ල කාපු කාටත් දඩුවම් දෙනවා

Print

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

ම් වාර්තාවේ සදහන් කර තිඛෙන තොරතුරු අනුව 2015/2016 වර්ෂවලදී පමණක් නොව 2008 සිටම මහා මුදල් මංකොල්ලයක් සිදුවී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනවාරි මස 22  මහනුවර පැවැත්වු ජනහමුවක් අමතමින් පැවසීය. එයට සම්බන්ද සියලූ දෙනාටම දඩුවම් ලබාදීමට පසුබට නොවන බව මේ රටේ සියලූ ජනතාව වෙත ප්‍රකාශ කර සිටින බව ජනාධිපතිවරයා ජනතාව අමතමින් කීය.
 
එම ජනහමුව පැවැත්වුයේ මෙවර මහනුවර මහ නගර සභා සහ අවට පළාත් පාලන ආයතනවල ඡන්දයට  එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත්වී සිටින අපේක්‍ෂකයින්ට සහය දීම සදහාය. 
රැස්ව සිටි ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂකයින් අමතමින් ඔහු මෙසේද කීය. ආදරණීය නිදහස් පාක්‍ෂිකයිනි, මා එදා ඔබට දෝහි වුවා නොවේ. සොරකමට වංචාවට දූෂණයට එරෙහි වුවා පමණි. වංචාවෙන් දුෂණයෙන් තොර සංවර්ධිත රටක් කරා අපි සියලූ දෙනා එකතුව හොද 
ගමනක් යා යුතුව තිඛෙනවා. හොද වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුයි. ඒ සදහා මට ශක්තිය ලබාදෙමින් පෙබරවාරි 10 දින එක්සත් ජනතා නිදහස් සන්ධානය දිනවන ලෙස මා ඔබ සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.     
 
1818 සිට මේ රටේ වීරවරයන් ජාතික නිදහස් අරගලය කළේ මේ රට ආරක්‍ෂා  කරන්නයි. ඒ නිසා පුලූල් ජාතික ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරමින් මේ රට සංවර්ධන කරා ගෙන යා යුතු බව අපේ ඒකායන ප්‍රාර්ථනය බව  සිරිසේන මහතා පැවසීය. 
 
Sunday 23rd of September 2018. Joomla Templates Free. The Kandy News Online Edition - CMS Implementation: Webvision Sri Lanka.