මහවැලිය අපවිත්‍ර කරන හාළි ඇල

Print
Created on Friday, 17 February 2017

මහනුවර වට්ටාරන්තැන්න අසල පිහිටි මහවැලි ගගේ අලි නාන තොටුපොල (එලිෆන්ට් බාර්ත්) කුණු තොටුපොලක් බවට පත්වී ඇත.

කලක් මහනුවර ප්‍රදේශයේ සිටි අලින් සහ පෙරහැර සමයේ පැමිණෙන අලීන්ට ස්නානය සඳහා මෙම ස්ථානය වෙන් කර තිබු අතර අද වන විට එය අලි නැවීම සඳහා භාවිතා නොකරයි.

මහනුවර නගරයේ සිට ගලා එන හාලී ඇලේ ජලය මහවැලි ගගට එක්වන්නේද මෙම ස්ථානයෙනි. එසේ ගලා එන ජලය රැගෙන එන බැහැරකරන ප්ලාස්ටික් බෝතල් ඇතුලූ වෙනත් අපද්‍රව්‍ය මෙම ස්ථානයේ රැදීම නිසා අද වන විට කුණු තොටක් බවට පත්වී තිබේ. මෙම ස්ථානයේ රැඳී තිඛෙන අපද්‍රව්‍ය ගොඩට ගෙන ඒ අසල මාර්ගයේ (කුඩා රත්වත්ත මාවතේ) ගොඩ ගසා ඇති අකාරය ඡායාරූපයේ  දැක්වේ.

එම අපද්‍රව්‍ය පිරි නාන තොටුපල හා ඒ අසල ප්‍රදේශය පවිත්‍ර කොට මහවැලි ගගට අපද්‍රව්‍ය බැහැරවීම නවතන ලෙස ප්‍රදේශවාසීහු මහනුවර මහ නගර සභාවෙන් ඉල්ලා සිටී.

Monday 23rd of October 2017. Joomla Templates Free. The Kandy News Online Edition - CMS Implementation: Webvision Sri Lanka.