මහනුවර නගර සභාව නිදහස සමරයි

Print
Created on Monday, 06 February 2017

මහනුවර නගර සභාව සංවිධානය කරනු ලැබු 69 වන නිදහස් සැමරුම් උත්සවය පෙබරවාරි 4 දින මහමළුවේ දී පැවැත්විනි.

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය, විශ්ණු  දේවාලයේ බස්නායක නිළමේ සහ මහනුවර

නගර සභාවේ හිටපු නගරාධිපති මහේන්ද්‍ර රත්වත්තේ මහතා , නාථ කතරගම සහ පත්තිනි දේවාලවල බස්නායක නිළමේ වරුන්,   දළදා මාළිගාවේ ලේකම්, නාගරික කොමසාරිස් චන්දන තෙන්නකෝන් මහතා සමග නිලධාරින් සහ සිවිල් සංවිධානවල නියෝජිතයින් සහභාගි වූහ.

නාගරික කොමසාරිස් චන්දන තෙන්නකෝන් මහතා  ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ පිළිරැවට මල් මාලාවක් පැලැන්දීය.

Monday 23rd of October 2017. Joomla Templates Free. The Kandy News Online Edition - CMS Implementation: Webvision Sri Lanka.