|
හිටපු
දියවඩන නිළමේ නෙරංජන් විජේරත්න මහතා මෙවර මහනුවර මහ නගර සභා ඡන්දයේ එක්සත්
ජාතික පක්‍ෂ (එජාප) කණ්ඩායම මෙහෙයවයි. පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා
ඔහුට නායකත්වය පිරිනමා ඇත.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ (එජනිස) නායකත්වය පසුගිය සභාවේ විපක්‍ෂ නායක
ලෙස කටයුතු කළ සේන දිසානායක මහතා අපේක්‍ෂා කළද එම පක්‍ෂයේ ඉහළ ආරංචි
මාර්ග වලට අනුව නායකත්වය ඡන්දයට පසුව තීරණය කිරීමට කල් තබා ඇත.
මහනුවර මහ නගර සභාවට සභිකයින් 24 දෙනෙකු තේරීමට ලියාපදිංචි ඡන්දදායකයෝ
79,000 පමණ සිටිති. ලබන ඡන්ද සංඛ්‍යාවේ අනුපාතය අනුව පක්‍ෂ හෝ ස්වාධීන
කණ්ඩායම් ලැයිස්තුවට ආසන 22ක් හිමිවේ. පැවතෙන ඡන්ද ක්‍රමයට අනුව
ඉතිරි
අසුන් දෙක ජයග්‍රාහී පක්‍ෂයට ලැබේ.
පසුගිය මාස නවය තුළ පුරපතිවරයා ලෙස සේවය කළ රාජා පුෂ්පකුමාර මහතා (එජාප)
පැවසුවේ තම පක්‍ෂ නායකත්වයට නිරංජන් විජේරත්න මහතා පත්කිරීමට ගත් තීරණයට
ඔහු හිස නමන බවයි. අනෙක් අතට එක්සත් ජනතා නිදහස් සන්ධානයට කළක් එකතුවී
නගරාධිපතිධුරයේ වැඩ බලා ආපසු එජාපයට පැමිණි සුමින්ද වික්‍රමසිංහ මහතා කියා
සිටියේ මැතිවරණයේදී ලබා ගන්නා මනාප ඡන්ද සංඛ්‍යාව මත
නගරාධිපතිධුරය
ලබාදීම එජාපයේ තීරණය බවයි.
මේ අතර හිටපු නගරාධිපති කේසර සේනානායක මහතා ද එජාප අපේක්‍ෂකයකු ලෙස මෙවර
නැවතත් තරඟ වදී. ඔහුට විරුද්ධව දුන් නඩු තීන්දුවෙන් ජනාධිපති සමාවක් ලැබීම
නිසා මෙසේ නැවතත් තරඟ කිරීමට අවස්ථාව ලැබී ඇති බව ආරංචි මාර්ග පවසයි.
සේනානායක මහතා නිරංජන් විජේරත්න මහතාගේ පත්වීම ගැන කියා සිටියේ එම පත්වීම
නිසා නගර සභා ඡන්දයට ඉදිරිපත්වන එක්සත් ජාතික පක්‍ෂ කණ්ඩයම තුල යම් යම්
මතභේද ඇතිවී ඇති බවයි.
සන්ධානයේ හිටපු ජ්‍යෙෂ්ඨ නගරසභිකයෙකු වන නීතිඥඑම්.පී. ජයසිංහ මහතාට මෙවර
අපේක්‍ෂකත්වය ලැබී නැත. ඔහු නගරාධිපති වීමට අපේක්‍ෂාවක් ඇතිව සිටි අයෙකි.
මේ අතර හිටපු ආරක්‍ෂක ඇමති අනුරුද්ධ රත්වත්තේ මහතාගේ දෙවෙනි පුත්
මහින්ද්‍ර රත්වත්තේ මහතා ආණ්ඩු පක්‍ෂයේ අපේක්‍ෂකයෙකු වශයෙන් තරඟ වදී.
ඔහුගේ ඉදිරිපත්වීම නිදහස් සන්ධානයේ නායකත්වය පිළිබඳ අලූත් පැනයක්
මතු
කරයි.
මහනුවර
මහ නගර සභාවේ දේශපාලන
නායකත්වය පිළිබඳ ප්‍රධාන පක්‍ෂ දෙක අභ්‍යන්තරයේ තරඟයක් පවතින අතර
නායකත්වය බාර ගැනීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ විපක්‍ෂ නායක
රනිල්
වික්‍රමසිංහ යන දෙදෙනාගෙන්ම ඇරයුම් ලද හිටපු නගරාධිපති හරේන්ද්‍ර දුනුවිල
මහතා ආරාධනා දෙකම ප්‍රතික්ෂේප කොට මහනුවර දේශපාලනයෙන් ඈත්වී සිටීමට තීරණය
කිරීම මෙම නායකත්ව සටන පිටුපසින් සිදුවු විශේෂ සිද්ධියකි.
මහනුවර මහ නගර සභා මැතිවරණයට මෙවර පිළිගත් දේශපාලන පක්‍ෂ 8ක්ද ස්වාධීන
කණ්ඩායම් 5ක්ද, නාමයෝජනා භාරදී ඇති බව මහනුවර සහකාර මැතිවරණ කොමසාරිස්
කාර්යාලය පවසයි.
මෙම පක්‍ෂ සහ කණ්ඩායම්වලින් නගර සභාවේ පාලන බලය සඳහා තරඟ වැදීමට තරම් ජනතා
සහයක් ඇත්තේ පසුගිය සභාවේ බලය තිබු එක්සත් ජාතික පක්‍ෂයට සහ ප්‍රධාන
විපක්‍ෂයවු එක්සත් ජනතා නිදහස් සන්ධානයට පමණි. ඊට අමතරව හිටපු නාගරික
මන්ත්‍රී අනුර ගෝනවල මහතා යටතේ මෙවරත් තරඟ කරන ජනතා විමුක්ති පෙරමුණට
පසුගිය සභාවේ ආසන දෙකක් හිමිව තිබුණි. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය
හිටපු සභික අස්මින් මරික්කාර් මහතාගේ නායකත්වය යටතේ මෙවර වෙනම පක්‍ෂයක්
ලෙස තරඟ වදී.
ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ සංවිධානය (නායක මුතු බංඩාර
තැමිනිමුල්ල), දේශප්‍රේමී ජාතික පෙරමුණ (නායක
එච්.ජී.ජී.මුණසිංහ), එක්සත් සමාජවාදී පක්‍ෂය (නායක නිමල්
සුරවීර), සහ ජනසෙත පෙරමුණ (නායක වන්නිආරච්චිගේ ප්‍රියංකර හේමන්ත) මෙවර තරඟ
කරන සුළු පක්‍ෂ වේ. මීට අමරතව ස්වාධීන කණ්ඩායම් පහක්ද නාම යෝජනා බාරදී
තිබේ. මේවායින් කිහිපයක් ප්‍රධාන පක්‍ෂ වලින් ඉදිරිපත් කල ලැයිස්තු විය
හැක. එමගින් ඡන්ද මධ්‍යස්ථානවල සේවය සඳහා අතිරේක නියෝජිතයින් ලබාගැනීමට
ප්‍රධාන පක්‍ෂ වලට ඉඩ ලැබේ. ඡන්ද දූෂණ බහුලව සිදුවන මෙකල අතිරේක
නියෝජිතයින් විශේෂයෙන් විපක්‍ෂයට ප්‍රයෝජනවත් විය හැක. දෙවනුව තම
ලැයිස්තුව නීතිමය ප්‍රශ්නයක් මත ප්‍රතික්ෂේප වුවහොත් විකල්ප ලැයිස්තුවේ
අපේක්‍ෂකයින් ඉදිරිපත් කළ හැකි වීම අනෙක් හේතුවයි. 2006 වර්ෂයේ කොළඹ මහ
නගර සභාවේ මැතිවරණයේදී එවැනි අබැද්දියකට එක්සත් ජාතික පක්‍ෂයට මුහුණ දීමට
සිදු විය.
මෙවර එක්සත් ජාතික පක්‍ෂ කණ්ඩයමට හිටපු නාගරික මන්ත්‍රීවරු 11 දෙනෙක්
සිටිති. එම 11 දෙනාම (රාජා පුෂ්පකුමාර, ඉලාහි ආබ්දීන්, සුමින්ද
වික්‍රමසිංහ, ලලන්ත සංජීව පීරිස්, විපුල රණසිංහ, හෆීස් මරික්කාර්,
ආනන්ද සිරිවර්ධන, සින්නයියා සිවඥානම්, ලූසන් සිල්වා, සහ ටී.කේ. දුනුවීර
කේසර සේනානායක) පසුගිය නගර සභාවේ සභිකයින් වේ. කේසර සේනානායක 11 වෙනි
අපේක්‍ෂකයා වෙයි. හිටපු සභික චන්දන සිරිමල්වත්ත මෙවර තරඟ නොකරන අතර
මැදගෙදර සුගත් ධම්මික සන්ධානයෙන් ඉදිරපත් වෙයි. එජාප ලැයිස්තුවේ නවකයන්
අතර නීතිඥසුජිත් ප්‍රසන්න නැගී එන තරුණ දේශපාලඥයෙකු ලෙස සමහරු හදුන්වා
දෙති. තවත්>>
|