නගර සභාව

Print

අනියම් කම්කරුවන් ස්ථීර කළ යුතුයි

සින්නයියා සිවඥානම්සින්නයියා සිවඥානම්නාගරික අනියම් කම්කරුවන් ස්ථීර කිරීමට කටයුතු කළ යුතුයි. සේව්‍ය භාර අරමුදලට හා සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකත්වය මේ කම්කරුවන්ට ලබාදිය යුතුයි. නාගරික  මන්ත්‍රී සින්නයියා සිවඥානම් මහතා (එ.ජා.ප.) පසුගිය ඔක්තෝබර් මස නගරාධිපති මහීන්ද්‍ර රත්වත්තේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මහනුවර මහ නගර සභා රැස්වීම අමතමින් මෙම ඉල්ලීම් නගර සභාව හමුවේ තැබීය. තවදුරටත් කථාකළ සිවඥානම් මහතා නිත්තවෙල ජනයාගේ පානීය ජලයට මල අපද්‍රව්‍යය මිශ්‍රවීම වළකාලීමට කටයුතු කළ යුතු බවත් වේවැල්පිටිය ක්‍රීඩාංගණය ක්‍රීඩා නොවන කටයුතුවලට යොදා ගැනීම වැරදි බවත් කියා සිටියේය. ආපදා අවස්ථාවලදී ප්‍රයෝජනයට ගත හැකි ආපදා අරමුදලක් පෞද්ගලික අංශයේ උදව්වද ඇතිව ඇරඹීමේ යෝජනාවක්ද ඔහු ඉදිරිපත් කළේය.

 

වරුණ ලසන්ත ලියනගේ මහතා (එ.ජා.ප.)
නගරයේවරුණ ලසන්ත ලියනගේවරුණ ලසන්ත ලියනගේ සංවර්ධන ව්‍යාපෘති අතරමග ඇණහිටීම වරදක්. කාණු පද්ධති සම්බන්ධව නගර සභා ආඥාපනතට අනුව කටයුතු කරමු. අම්පිටිය ප්‍රදේශයේ අනවසර ඉදිකිරීම් ගැටළු ෙක‍ෂත්‍ර පරීක‍ෂණයක් මගින් නිරාකරණය කරමු. වාකරවත්ත කුණු ප්‍රශ්නය හා සමස්ථ නාගරික පරිසර ගැටළු විසඳීමට ප්‍රමුඛතාවය දිය යුතුයි. බෝගම්බර පොළ තොග වෙළඳපොලක් ලෙසට වර්ධනයවීම එහි අරමුණුවලට පටහැනියි. නාගරික මධ්‍යම වෙළඳපොළද නගර සභාවේ අවධානයට ලක්විය යුතුමයි.
 

 

 

 

 

හෙළ උරුමය
අස්මින් මරික්කාර් මහතා (මු.කො.)

අස්මින් මරික්කාර්අස්මින් මරික්කාර්හෙළ උරුමය ආණ්ඩුවේ හවුල්කාර පක‍ෂයක් හැටියට 13වන වගන්තිය එපා කියනවා. ජනාධිපතිතුමා කියන්නේ 13න් ඔබ්බට යා යුතුයි කියලා. ජනාධිපතිතුමා ජාතීන් අතර සමානාත්වතාවය තුළින් සාමය අඛණ්ඩව සුරක‍ෂිත කිරීමට උත්සාහ දරද්දී ඒක කඩාකප්පල් කරන්නේ ආණ්ඩුව ඇතුලේම අයයි. ස්ථීර සාමයක් ඇති කිරීමට නම් ජාතීන් අතර සුහදත්වය වර්ධනය කළ යුතුමයි.

 

 

 

විපුල රණසිංහ මහතා (එ.ජා.ප.)
විපුල රණසිංහවිපුල රණසිංහමහනුවර නගරයේ පදික වේදිකා මත වාහන නතර කිරීම නීති විරෝධියි. හාලි ඇළ පවිත්‍ර කිරීම සිදුවිය යුතුයි. ජනතාවට සුර පුරයක් මවලා බොරු සුරංගනා කථා කියලා ගත්ත බලයෙන් වසරක් තුළ මොනවද කළේ එදා ගෙනා ගල් ගොඩවල්, වැලි තවමත් පාරවල්වල. ප්‍රමුඛත්වය ලබාදිය යුතු තැනට එසේ කොට නගරයේ සංවර්ධනය ක්‍රමවත් කළොත් අපේද සහාය ලැඛෙනවා. මැද ඇල සංවර්ධනය ඩෝසර් බැකෝ ගෙනල්ලා දැම්ම කියලා කඩිනම් වෙන්නේ නෑ. ජල බදු, වරිපනම් බදු, නිසා ජනතාව බද්දෙන් මිරිකිලා.

 

 

රාජා පුෂ්පකුමාර මහතා (එ.ජා.ප.)
රාජා පුෂ්පකුමාරරාජා පුෂ්පකුමාරනගරයේ වාහන තදබදයට පිළියම් නිසි පරිදි යෙදීම අවශ්‍යයි. ප්‍රජා මණ්ඩල බාරකරුවන් තම රාජකාරි අවංකව ඉටු කරන්නේ නැහැ. උදේට ප්‍රජා මණ්ඩලේ දොර අරින අය ආයෙ එතැන්ට එන්නේ දොර වහන්නයි. බර උසුලන ක්‍රීඩාව අපේ ප්‍රජාමණ්ඩල ගොඩනැගිලිවලට ඔරොත්තු දෙන්නේ නැහැ. නගර සභාව ගන්නා හොඳ පියවරට අපේ උදව් ලැඛෙනවා. මැණික් කුඹුර තොග වෙළඳ අංශය දියුණු කළ යුතුයි. ඔවුන්ගේ මූලික පහසුකම් ලබාදීම අවශ්‍යම කරුණක් වෙලා. නගර සභා බලය අපට නැතිවුනේ ඒ අය මුදල් වියදම් කළ නිසයි. ජනතාව එතැනදි රැවටුණා.

 

ශ්‍රමදානය සාර්ථකයි
සුුමින්ද වික්‍රමසිංහ මහතා (එ.ජා.ප.)

සුමින්ද වික්‍රමසිංහසුමින්ද වික්‍රමසිංහනාගරික ශ්‍රමදාන වැඩ සටහන් ඉතා සාර්ථකයි. පසුගිය සභාවේදී මගේ කථාව නිසා නාගරික නිලධාරීන්ගේ හිත් රිදුනා නම් මම ඒ ගැන කණගාටු වෙනවා. මම විවේචනය කරන්නේ වෛරයකින් නොවේ. සද් භාවයෙන්. මගේ දේශපාලනයට මිනිස්සු ආදරෙයි. මම මනාප ගත්ත ආකාරයෙන් ඒක පැහැදිලියි. මම අපොස අසමත්. ඒත් මම ක්‍රමයෙන් නගර සභාවේ මහ පුටුවටත් ආව මන්ත්‍රීවරයෙක්. ජනතා කැමැත්ත තමයි මගේ ජයග්‍රහණය. කොරියානු සංචාරය නගර සභාවට කළු පැල්ලමක්. හන්තාන ජල ප්‍රශ්නය විසදාලන්න.

 

 

විපක‍ෂනායක නෙරංජන් විජේරත්න මහතා
නෙංජන්  විජේරත්නනෙංජන් විජේරත්නමුල්ලේගම විහාරස්ථානයේ කාණු බැඳීම සඳහා ගිය නාගරික සේවකයින්ගේ ක්‍රියා කලාපය සොයා බලන්න. ඒ කාණු නිසි පරිදි බැඳ ඒ කාරිය අවසන් කළ යුතුයි. ඉහළ බිම් ප්‍රදේශ ආරක‍ෂා කිරීමට ක්‍රමවත්ව ජලය බැහැර කළ යුතුයි. මැද ඇළ පවිත්‍ර කිරීම අගයනවා. ඩෙංගු මර්දනයට දුමානය ප්‍රායෝගිකද? පුල්ලෙයාර් කෝවිල අවට ඩෙංගු පරිසරයක් ඇති නිසා ඒ ගැන බලන්න. වැව රවුමේ සංචාරක හෝටල්, ජාත්‍යන්තර පාසල්, රෙස්ට්වල මල අපද්‍රව්‍යය වැවට යාම තවමත් සිද්ධවෙනවා. මේ බැහැර කිරීම් හිතා මතා කරන නිසා මේ අයට දඩුවම් කළ යුතුයි. නාගරික නොවන හොර මහජන සෞඛ්‍ය පරීක‍ෂකවරුන් නගරයේ හෝටල් පරීක‍ෂා කළේ කොහොමද? නගර සභාවේ විවිධ තනතුරු 250ක පුරප්පාඩු වී ඇතත් ඒවා පුරවන්න රජයේ අනුමැතිය නෑ. නාගරික සේවකයින්ට ආපදා ණය මුදල් දීම ක්‍රමවත්ව කරමු. නුවර වැව, වලාකුළු බැම්ම නාගරික සංවර්ධන අධිකාරිය යටතට ගැනීම ගැන ගැසට් නිවේදනයක් ආවා. අපි ඒකට විරුද්ධයි. අධිකාරිය වැව අසළින් රතු කුරුස ශාලාව ළගZට වේදිකාවක් හදන්න යනවා. එය ලෝක උරුම කමිටු අනුමැතියට යවන්ට සිදුවිය යුතුයි. ජාතික පොළ පිරිසිදුව තබා ගැනීමට ලබාදුන් උපදෙස් හොඳයි. ගිලන් රථවලට පුහුණු ශ්‍රමිකයන් ලබාදීම ගැන නගරාධිපතිවරයාට මම තුති පුදනවා. බංගලිදේශ විහාරස්ථානවලට පහරදීම පිළිබඳව අපි විරෝධය පල කරනවා. කොරියාවේ නතරවු හය දෙනා නගර සභාවට එල්ල කළ අපාහසය සභාවට විතරක් නොවේ රටටම අප කීර්තියක්.

 

ආයුර්වේද ප්‍රදර්ශනය
සරත් විජේ සිංහ මහතා(එ.ජ.නි.ස.)

සරත් විෙජ්සිංහසරත් විෙජ්සිංහඑදා නගර සභාව තමන්ගේ අයිතිය ආරක‍ෂා කරගැනීමේ නඩුහබවලදී ක්‍රියාකළේ මන්දගාමීව. නඩුකාරයෙක් නම් කිරීමේ වරම රථගාල නඩුවේදී අපි අහිමි කරගත්තා. සරණේලිස් පාර කුරුණැගල පාරවලදී වුනේ ඒ ටික. අනවසර ඉදිකිරීම් වලට මම මුලසිටම විරුද්ධයි. ජනාවාස කමිටුව නැවත පණ ගැන්විය යුතුයි. ආයුර්වේද ප්‍රදර්ශනයේදී නගර සභා කාර්යය භාරය විශිෂAඨයි. මන්ත්‍රීවරු මේ වගේ කටයුතුවලට තම දායක්තවය නොපිරිහෙලා දිය යුතුයි. බර ඉසිලීමේ සංගමය කරුණු දක්වපු ලිපිය ගැන සෑහීමකට පත්විය නොහැකියි. බර ඉසිලීමේ උපකරණ භාවිතය නිසා ප්‍රජා මණ්ඩල හානියට ලක්වීමේ ඉඩකඩ තියෙනවා. ප්‍රිම්රෝස් අරලිය උයන ජලය බැසයාම ක්‍රමවත් කරන්න. නිවාස ප්ලෑන් වල කාලසීමාව දිගු කළ යුතුයි. සංශෝධන නගර සභාවටම ඇවිත් සිදු කිරීමට සැලසුම් ශිල්පීන්ට නිදහස ලබාදිය යුතුයි. රථගාලේ නඩුව ඉක්මන් කර කෝටි 22 මහජන සේවයට ලබාගත යුතුයි.

 

ආනන්ද විජේරත්න මහතා (එ.ජ.නි.ස.)
ආනන්ද විජේරත්න ආනන්ද විජේරත්න මහනුවර නගරයේ ගුණාත්මක සංවර්ධන දැන් සිදුවෙමින් පවතිනවා. ලක‍ෂ 16ක්ව තිබු ප්‍රතිපාදන අද ලක‍ෂ 19 දක්වා වැඩිකිරීමෙන් මේ බව ඒත්තු යනවා. නගර සභාවට ඉදිරිපත්කෙරෙන නිවාස සැලසුම් අනුමත කිරීම සඳහා ක්‍රමවත් වැඩ පිළිවෙලක් දැනට ක්‍රියාත්මකයි.
මැද ඇල සංවර්ධනය කඩිනම් කෙරෙන අතර ඒ සඳහාද ප්‍රතිපාදන වෙන්වී ඇත. නාගරික සෞඛ්‍ය කටයුතුද ක්‍රමවත්. ශ්‍රමදාන ආදි ව්‍යාපාර නිසා ඩෙංගු පාලනය වෙලා. ශ්‍රේණි ගත නොවී ආහාර පාන සැපයු හෝටල් වැටලීම් අනුව එම කටයුතුත් නිසිපරිදි සිදුකිරීම් අගය කළ යුතුයි. කසළ කළමනාකරණය පිළිගත හැකි මට්ටමක තිඛෙනවා.

 

අදායම අඩුයි
රෝහිත ලාල් ධර්මසිරි මහතා (එ.ජ.නි.ස.)

රෝහිත ලාල් ධර්මසිරිරෝහිත ලාල් ධර්මසිරිඑක්සත් ජනතා නිදහස් සංධානය නගර සභාවට වසරක් ගතවීම නිමිත්තෙන් කළ පිංකම සාර්ථකයි. ඉකුත්දා පැවති අබලි ද්‍රව්‍ය වෙන්දේසිය පිළිබඳව හරිහැටි අපව දැනුවත් කළේ නෑ. ආදායමද අඩුවයි ඉන් ලැබුණේ. නගර සභාවට අපි අවංකවමයි සේවය ඉටුකරන්නේ. නිලධාරීන්ට ඕනෑ විදියට ගත්නා මේ තීන්දු වැරදියි.

 

 

 

ජනක ගාමිණීරත්න මහතා (එ.ජ.නි.ස.)
ජනක ගාමිණිරත්නජනක ගාමිණිරත්නමගේ පළාතේ නාය යාම් සිදුවු ස්ථාන නගරාධිපතිතුමාගේ පුද්ගලික අවධානයට යොමු විය යුතුයි. කොරියාවට පැටවු අය තේගු නගරයේ ඉන්න බව ආරංචියි. මේ අය හම්බවීමට පියවර ගත යුතුයි.

 

 

 

 

ආනන්ද සනත් කුමාර මහතා (එ.ජ.නි.ස.)
ආනන්ද සනත් කුමාරආනන්ද සනත් කුමාරමහනුවර දේව වීදයේ හා කොළඹ වීදියේ වාහන නැවැත්වීම පිළිබඳ මිළ කැඳවුම තීරණය කර තිබු මිළ ගණන්වලට වඩා අඩුවෙන් ලබාදීමට අවසානයේ තීරණය කිරීම වැරදියි. වාහනයක ගියර් බොස් නවීකරණය කිරීම සඳහා රුපියල් එක්ලක‍ෂ ගණනක් යෙදවීමට නිර්දේශ කර තිබුණත් එය රුපියල් පහළොස්දහකින් ඉටුකරවා ගැනීමට නාගරික මන්ත්‍රී සරත් විෙජ්සිංහ මහතා පියවර ගැනීම ඉතාම හොඳ ආදර්ශයක්. මේ තීරණ කවුරු ගත්තත් ඒවා නගර සභාවට පාඩුයි. හොඳ වෙලාවට සරත් විෙජ්සිංහ මන්ත්‍රීවරයා මැදිහත්වී එම පාඩුව නතර කළා.
ත‍හාඳ අදහසක්

 

නියෝජ්‍ය නගරාධිපති සේන දිසානායක මහතා
සේන දිසානායකසේන දිසානායකමහනුවර වැව ඉතාම හොඳින් නඩත්තු විය යුතුයි. එහි ඵෙතිහාසික, පෞරාණික හා ලෝක උරුම වැදගත්කම සළකා එය නාගරික සංවර්ධන අධිකාරිය මගින් සංරක‍ෂණය කොට නඩත්තු කිරීමේ වගකීම ඉටුකිරිීමට තීරණය වීම ඉතාම හොඳ අදහසක්. අපේ උරුමයත් ආරක‍ෂා කරන්නේ කවුද? සංරක‍ෂණය කරන්නේ කවුද? එය නිසි පරිදි සිදුවන්නේ නම් එයට අපේ ආශිර්වාදය හිමිවන බවයි කිව යුත්තේ. ගතවු වසර තුළ නගර සභාව විප්ලවීය වෙනසකට අත තිබ්බා. ඉදිරි කාලය තුළ මහජනතාවට මේ වෙනස දැනේවි. අවංකව අපේ පක‍ෂය මහනුවරට වැඩ කරන්නේ හැම ආයතනයකම සහාය අරගෙන. තනිවම අපිට මේ දේවල් කරන්න ශක්තියක් නෑ.

 

රථගාලට පාඩුයි
නගරාධිපති මහීන්ද්‍ර රත්වත්තේ මහතා

නගරාධිපති මහීන්ද්‍ර රත්වත්තේනගරාධිපති මහීන්ද්‍ර රත්වත්තේනිවාස ප්ලෑන්වල කාලය දීර්ඝ කිරීම සඳහා අපි දැනටමත් නාගරික අධිකාරියට කරුණු දන්වලා තියෙනවා. ප්ලෑනිං කොමිටියේ (සැලසුම් කොමිටිය) වැඩ පරක්කු නෑ. මමත් පුද්ගලිකව එයට සහභාගි වනවා. කොරියාවේ සංදර්ශනයෙන් පසු ශීල්පීන් එහි නතරවීම අපියි ප්‍රශ්නයක් කරගෙන තිඛෙන්නේ. කොරියාවට එය එතරම් ගැටලූවක් නොවේ. පෞද්ගලික ඉඩම්වල බැම් හා එවැනි සංවර්ධන වැඩට නගර සභා මුදල් යෙදවිය නොහැකියි. නාගරික රථගාලට දැන් නඩුවක් ඇති නිසා අපි ඒ තීන්දුව දෙස බලා හිඳිමු. එම ව්‍යාපාරිකයාගේ අරමුණ වී තිඛෙන්නේ නඩුව දික්ගැස්සවීමටයි. නගර සභාවට අවශ්‍ය පරිදි කම්කරුවන් භේදයකින් තොරව බඳවා ගැනෙනවා. නිත්තවෙල වැසිකිළි ප්‍රශ්නයට ස්ථීර විසඳුමක් ලබාදීමට විවිධ සමාජ ඉදිරිපත්වී කටයුතු කර තිඛෙනවා.

Tuesday 21st of February 2017. Joomla Templates Free. The Kandy News Online Edition - CMS Implementation: Webvision Sri Lanka.