The Kandy News

The Kandy News Online Edition
December 2011

Email your articles and letters to the:
editor@kandynews.net

Kandy Real Estate


Home

News Around Kandy
Kandy Events
Editorial
Commerce
Kandy Real Estate
Archives

Contact Us:

The Kandy News
Media Vision (Pvt) Ltd
111 Anniewatte
Kandy, Sri Lanka
081 2229991
info@kandynews.net

Advertising:
Letters to the Editor:
Links to other
Kandy websites:









NEWS AROUND KANDY

මහනුවර රථගාලේ ගාස්තු පැකේජයක්

මහනුවර නගර සභාවේ රථ ගාල තුළ දිගු වේලාවක් රථනවතා තබන ව්‍යාපාරිකයන්ට බැංකුකරුවන්ට හා පාසැල් වෑන් රථ හිමියන් වැනි අයට ගාස්තු ක්‍රමයක් හඳුන්වාදීමට මහනුවර මහ නගර සභාව තීරණය කර ඇත.

ඒ අනුව යම් අයකුට පැය 24තුළ රථගාලේ රථය නවතා තැබීමේ ගාස්තුව මසකට රුපියල් 6000ක්ද, රාත්‍රි කාලයේ පස්වරු 6යේ සිට පෙරවරු 8 දක්වා වාහනය නතර කරන පුද්ගලයෙකුට මසකට ගාස්තුව රුපියල් 3000ක්ද, පාසල් වෑන්රථ සඳහා උදේ 6යේ සිට පස්වරු 3 දක්වා වාහනයක් නතර කිරීමේ මාසික ගාස්තුව රුපියල් 1000ක්ද වශයෙන්ද බැංකු හා මුල්‍ය ආයතන සඳහා උදේ 6යේ සිට පස්වරු 9 දක්වා වාහන නතර කිරීමට දිනකට රුපියල් 172.50ක ගාස්තුවක්ද වශයෙන් නව පැකේජය හඳුන්වාදී තිබේ.

මෙම පැකේජය හඳුන්වාදීමෙන් නගරයේ විදීවල සහ අතුරු මාර්ගවල රථ නවතා තැබීම අවම කර ගැනීම අපේක‍ෂා කැරේ. රථ පාලිකාවන් මගීන් වීදිවල රථවාහන නතර කිරීම පාලනය කිරීමට දැනුවත් කිරීම හා වීදිවල රථ නැවැත්වීමේදී ඉහළ ගාස්තුවක් අයකිරීම මගින් වීදිවල රථ නැවැත්වීම අවම කිරීමට ගත් පියවර තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් මේ පැකේජය හඳුන්වා දෙන ලද බව පැවසේ.


New Veterinary Teaching Hospital Needs Additional Funds

New Veterinary Teaching Hospital at PeradeniyaPeradeniya University has built a brand new veterinary teaching hospital to update its teaching and research in veterinary science and also serve the public, especially the Kandy community. The Faculty of Veterinary Science has established a management committee to consisting of university faculty, emeritus professors, government officials, veterinarians from the private sector, and representatives from the local business community and civil society organizations including environmentalists.

The committee chaired by Professor I D Silva, Senior Professor of Veterinary Clinical Sciences held its inaugural meeting recently. One of the non-university members of the committee who attended the meeting commended the university for its enlightened approach to the management of the hospital by involving members of the broader community interested in veterinary medicine, animal welfare and conservation.

The hospital located off Old Galaha Road, Peradeniya was built at a cost of about Rs 100 million, with about 85% coming from the government and 15% from a World Bank grant. However, the committee says that it needs additional funds to equip the hospital and additional staff at all levels to run the hospital. Until these resources are made available the hospital will not be able to fully function. The two immediate needs are a facility to house animals and a telephone system. Additional staff is also a priority. The Committee decided to meet with government officials to seek additional budgetary allocation and also appeal to donors for assistance.


එජාපයට නුපුරුදු විපක‍ෂ නායකත්වය හොබවන නිරංජන් විජේරත්න

නෙරංජන් විජේරත්න2011 ඔක්තෝබර් මැතිවරණයේදී මහනුවර මහ නගර සභාවේ අවුරුදු 58ක ඉතිහාසයේ පළමුවරට එක්සත් ජාතික පක‍ෂයේ  පාලන බලය අහිමි විය. එක්සත් ජනතා නිදහස් සංධානයට ඡන්ද 23,189 (49.8%)  ලැබුණු අතර එක්සත් ජාතික පක‍ෂයට ඡන්ද 20,087 (43.1%) ලැබුණි. එම ඡන්ද 3,102කින් සංධානය ජයග්‍රහණය කළේය. 2006 වර්ෂයේ එක්සත් ජාතික පක‍ෂය සමග තරග කළ මුස්ලිම් කොංග්‍රසය මෙවර ස්වාධීනව තරග කොට ඡන්ද 1248 ලබාගැනීම එක්සත් ජාතික පක‍ෂයේ පරාජයට යම් මට්ටමකට බලපෑවා විය හැක. ඒත් එම ඡන්ද සංඛ්‍යාව මුළුමනින්ම එක්සත් ජාතික පක‍ෂයට ලැබුණත් සන්ධානයේ ජය වැළැක්විය නොහැකි බව පැහැදිළිය.  

මෙවර එක්සත් ජාතික පක‍ෂයේ නගරාධිපතිධුර අපේක‍ෂකයා ලෙස තරග කළේ හිටපු දියවඩන නිළමේ නෙරංජන් ප්‍රියදර්ශන විජේරත්න මහතාය. අවුරුදු විස්සක් දියවඩන නිළමේ ලෙස සේවය කළ විජේරත්න මහතා මහනුවරට අමුත්තකු නොවේ. එත් නගර සභාවේ විපක‍ෂ නායක ලෙස කටයුතු කිරීමට සිදුවීම මහනුවර නගරයේ එක්සත් ජාතික පක‍ෂ නායකයකුට අලූත්ම අත්දැකීමකි.

අප පසුගියදාක විජේරත්න මහතාගේ ප්‍රිම්රෝස් උයනේ නිවසට ගොඩ වැදුනේ මහනුවර ශ්‍රී දළදා මාළිගයේ දියවඩන නිළමේ ලෙස මහනුවර ජනතාව හොදින් හඳුනන නෙරංජන් විජේරත්න මහතා දේශපාලන චරිතයක් උනේ කොහොමද? ඔහු දේශපාලනයට ආවේ ඇයි? දේශපාලන චරිතයක් ලෙස ඔහු රගපාන භූමිකාව කුමක්ද? යන්න ගැන ඔහුගෙන් විමසීමටයි.

අපව සාදරයෙන් පිළිගත් නෙරංජන් විජේරත්න මහතා අපේ පළමු පැනයවු ඔබ දේශාපාලන චරිතයක් උනේ කොහොමද? යන්නට මෙසේ පිළිතුරු දුන්නා.

පරම්පරා තුනක් පාර්ලිමේන්තුවේ

මගේ පරපුරේ පරම්පරා තුනක් අප රටේ පාර්ලිමේන්තුව නියෝජනය කර තිඛෙනවා. මගේ අත්තා ශ්‍රීමත් එඩ්වින් විජේරත්න. 1931දී කෑගල්ල මන්ත්‍රීවරයා ලෙස රාජ්‍ය මන්ත්‍රන සභාවට පත්වුනා. ඩී.එස්. සේනානායක මහතා පිහිටවු ජාතික කොංග්‍රසයේ සභාහපති උනෙත් ඔහුමයි. 1948 නිදහසින් පසු ඩී.එස්. සේනානායක අග්‍රාමාත්‍යවරයාගේ කැබිනට් මණ්ඩලයේ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස ඔහු සේවය කළා.  1951සිට 1954 දක්වා එංගලන්තයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙසත් 1955 සිට 1957 දක්වා ඉන්දියාවේ මහ කොමසාරිස් ලෙස සේවය කළා. 1967දී ඔහු අභාවප්‍රාප්ත වුනා.

මගේ පියා නිශ්ශංක විජේරත්නයි. මගේ මව නීටා දූල්ලෑව විජේරත්න.
මගේ පියා මුලින් රජයේ සිවිල් සේවා නිලධාරියෙක් ලෙස විවිධ තනතුරුවල සේවය කළා. ප්‍රවෘත්ති හා ගුවන් විදුලි අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් කටයුතුකර ඔහු 1975 දී රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගත්තා.

1975දී මගේ පියා ශ්‍රී දළදා මාලිගයේ දියවඩන නිළමේ තනතුරට ඉදිරිපත්වී පත්වුනා. එම තනතුරු දරණ අතර 1977 මහ මැතිවරණයේදී ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ඉල්ලීම උඩ දැදිගම ආසනයට තරග කොට දිනුවා.
ජේ.ආර්. ජයවර්ධන රජයේ අධ්‍යාපන හා උසස්අධ්‍යාපන ඇමති වශයෙන් පත්වුනා. විවෘත්ත විශ්ව විද්‍යාලය සහ රුහුණු විශ්ව විද්‍යාලය පටන් ගත්තේ ඔහුගේ කාලයේදීයි.

ඔහු පසුව  යුනෙස්කෝ කටයුතු භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කරද්දී 1981දී සංස්කෘතික ත්‍රීකෝණ වැඩ පිළිවෙල ආරම්භ කළා. 1981 මහනුවර මගුල් මඩුව ළගින් ආරම්භ කළ ඒ වැඩපිළිවල යටතේ 1988දී මහනුවර නගරය ලෝක උරුම නගරයක් ලෙස ප්‍රකාශයට පත්කළා.

1989දී මගේ පියා දේශපාලනයෙන් ඉවත් වුනා. 1990දී ඔහු රුසියාවේ තානාපතිවරයා ලෙස පත්වුනා. 1994 යළි ලංකාවට පැමිණි ඔහු 2007දී අභාවප්‍රාප්ත වුනා.

අපේ පරපුරේ තුන්වන පරම්පරාවේ පාර්ලිමේන්තුව නියෝජනය කළ පුරුක මගේ සහෝදරයායි. 1989දී ඔහු දැදිගම ආසනයේ සංවිධායක වුනා. ඔහු මනෝ විජේරත්නයි. 1989දී ඔහු දැදිගම අසුනට එක්සත් ජාතික පක‍ෂ මන්ත්‍රීවරයා ලෙස පත්වුනා. 1989 සිට 2007 වනතුරු ඔහු එක්සත් ජාතික පක‍ෂයේ සිටියා. 2007දී ඔහු රජයට එකතු වුනා.

එසේම මගේ අප්පච්චිගේ අයියා තිස්ස විජේරත්න මහතාත් දේශපාලනයට සම්බන්දයි. ඔහු කොමියුනිස්ට් වාදියෙක්. 1956-60 ඔහු කෑගල්ල ආසනය තරග කළත් පත්වුනේ නැහැ. ඔහු 1970 ප්‍රංශයේ තානාපතිවරයා ලෙස පත්වුනා. නීතිඥවරයෙක් වු ඔහු 1937-75 වකවානුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වශයෙන් කටයුතු කළා. පසුව ඔහු ව්‍යාපාරික ලෝකයට සම්බන්ධවී සිහපුත්‍ර ෆිනෑන්ස් සමාගම ආරම්භ කලාග

පාරම්පරික එක්සත් ජාතික පාක‍ෂිකයෝ


අපි පාරම්පරික එක්සත් ජාතික පාක‍ෂිකයෝග මා පසුගිය පළාත් සභාවට තරග කළා. ඒ පක‍ෂයේ ඉල්ලීම මත මා මෙවර නගර සභාවට තරග කළා. මා මෙවර මහනුවර නගර සභාවේ විපක‍ෂනායකයා ලෙස  පත්ව සිටිනවා. මා මහනුවර නගර සභාවේ ප්‍රබලතම විපක‍ෂය මාගේ කණ්ඩායමත් සමඟ ගොඩනගනවා. ඒ මගින් මහනුවර ජනතාවට නව දේශපාලන ජයග්‍රහණයක් අත්පත්කරදීම මගේ අරමුණයි. මා නගරසභා පාලනයට එල්ලකරන්නේ එක අභියෝගයයි. එනම් මැතිවරණ සමයේ දුන් පොරොන්දු ඉටුකරන්න අපි සහය දෙන්න සුදානම් යන්නයි. මා මාගේ විපක‍ෂ භූමිකාව විවේචනයට හා දොස් පැවරීමට සීමා කරන්නේ නෑ. නගරයේ ජනතාවගේ යහපත අභිවෘධිය
උදෙසා වන ප්‍රතිපත්ති  නව වැඩපිළිවෙලක් ගැන යෝජනා කරනවා.    දසා වන ප්‍රතිපත්ති  නව වැඩපිළිවෙලක් ගැන යෝජනා කරනවා.    

ඔබේ අවසන් ප්‍රශ්නය මගේ පෞද්ගලික වත ගොත ගැනයි. මා ගැන බොහෝ දෙනා නොදන්නා ඒ තොරතුරු ඔබේ පුවත්පතින් ජනතාවට කියන්න මා කැමතියි.

මා අපේ පවුලේ වැඩිමලා. මනෝ් විජේරත්න දෙවැනියා. තුන්වැන්නා අනුරාධ 1988දී ඔහු සබරගමුව පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් වුනා. දැන් ඔහු දේශපාලනයෙන් ඉවත්ව පිට රට ඉන්නවා. ඊළග සහෝදරයා නීතිඥවරයෙක් ඔහු අවුරුදු 9කට පෙර නැතිවුනා. මගේ එකම සහෝදරී කැනඩාව් පදිංචියි. මා ඉපදුනේ 1958 අගෝස්තු 9 වෙනිදා මා මුලින්ම පාසල් ගියේ අනුරාධපුර බෞද්ධ මහා විද්‍යාලයට. ඊට පසු කලක් මා මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ ඉගෙන ගත්තා. 1962 සිට මා කොළඹ රාජකීය විද්‍යාලයේ 1973 දක්වා අධ්‍යාපනය ලැබුවා.

පාසැල් සමයේ බාලදක‍ෂ ව්‍යාපාරයේ නියැලූනු මා ගමේ ගොඩේ දරුවන් සමග වෙල් ඉපනැල්ලේ දුව පැන සෙල්ලම් කරමින් හැදුනා. අපේ පියතුමා කුඩා කාලයේ සිට අපව රටේ ඉතිහාසය ගැන ඉගෙන ගන්න පෙලබුව හැටි මට අදත් මතක් කළ හැකියි. 1971 දිනයක ඔහු පොළොන්නරුව යන ගමන් දඹුලූ හන්දියේදි දඹුලූ විහාරය ගැන මගෙන් ප්‍රශ්න කිහිපයක් ඇහුවා. මම උත්තර දෙන්න සමත් වුනේ නෑ. පියා මා කාරෙකෙන් බස්සලා රුපියල් 10ක් අතට දීලා පංසලේ හාමුදුරුවන් මුණ ගැහිල ඉතිහාසය අහගෙන පොළොන්නරුව සංචාරක බංගලාවට එන්න කීවා. මම එදින කොලයක් පෑනක් අරගෙන දඹුලූ විහාරයට ගිහින් නායක හාමුදුරුවන්ගෙන් විස්තර අහගෙන පොළොන්නරුවෙ පියා නැවතී සිටි සංචාරක බංගලාවට යනකොට රාත්‍රි 10යි. ඒ ගියාට පස්සෙ අහපු ප්‍රශ්න වලට උත්තර දුන්නට පසුව ඔහු මට කෑම කා නිදාගන්න කී හැටි අදත් මතක තිඛෙනවා.
    
ප්‍රංශයේ අධ්‍යාපනය ලැබුවා

පාසල් අධ්‍යාපනය අවසාන කළ පසු මා ප්‍රංශයේ් අවුරුදු 7ක් ගත කළා. එහිදී මම ක්ලෝෆෝන් විශ්ව විද්‍යාලයට ගොස් එහි අධ්‍යාපනය ලැබුවා. මා මහනුවර දළදා පෙරහැරට ප්‍රංශයේ සිට ලංකාවට එනවා. එහෙම එන්නේ දළදා පෙරහැරට අප්පච්චිට සහය වෙන්නයි.   1981 සතියකින් මම ආයෙත් ප්‍රංශයට යන්න සුදානම් වෙනකොට උඩුනුවර ලංකා තිලක දේවාලයේ බස්නායක නිළමේ තනතුරට ඡන්දය පැවැත්වුනා. ඒ වෙලාවේ (හිටපු ජනාධිපති) එවකට හිටපු විදුලි සංදේශ අමාත්‍ය ඩී.බී. විජේතුංග මහතා මට කථාකර කීවාලංකා තිලක දේවාලයට කවුරුත් නෑ ඉදිරිපත් වෙන්න කියලා.   මම ඉදිරිපත් වුනා. ඡන්ද 30න් 28ක් මට ලැබුනා. ඊට පස්සේ යළිත් මා ප්‍රංශයට යන්න සුදානම් වුනා. ඒ අවස්ථාවේ බෞද්ධ කොමසාරිස් මට කීවා මාස 3කට වඩා රටින් බැහැරව හිටියොත් තනතුර අහිමිවෙනවා කියා. ඊට පස්සේ මම තීරණයක් අරගෙන ලංකාවෙ නතර වුනා.

මේ කාලයේදි මම අප්පච්චිගේ පාර්ලිමේන්තු සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කළා. අධිකරණ අමාත්‍යාංශයේ පෞද්ගලික ලේකම් සහ දළදා මාළිගාවේ දියවඩන නිළමේගේ ලේකම් ලෙස කටයුතු කළා. 1985 දියවඩන නිළමේ තේරීමේදී අප්පච්චි ඉදිරිපත් වුනේ නෑ. එනිසා මහනායක හාමුදුරුවරු මට ඉදිරිපත් වෙන්න කීවා. ඒ අවස්ථාවේදී මා කීවෙ මා තරුණ වැඩියි කියා. බුදු හාමුදුරුවන් අවුරුදු 29දී ගිහිගෙය අත්හැරලා ගියානේ ඔයා ඉදිරිපත් වෙන්න කියා. මහනායක හිමිවරු මට බලපෑම් කළා. ඒ අනුව මා ඉදිරිපත් වුනා. මට ලංකාවේ ළාබාලම දියවඩන නිළමේ ලෙස පත්වීමට අවස්ථාව ලැබුනා. ඊට පස්සේ මම අවුරුදු 20ක් ශ්‍රී දළදා වහන්සේගේ ගිහි බාරකාරයා ලෙස දියවඩන නිළමේ තනතුර දැරුවා.

මම විවාහ වුනේ 1983දීයි. මහනුවර නගර සභාවේ ප්‍රථම නාගරික කොමසාරිස් සහ මේ රටේ ප්‍රථම ජනාධිපති විලියම් ගොපල්ලව මහත්මයාගේ දුවගේ දුව (මිණිපිරිය) සමගයි මම විවාහ වුනේ. ඇය දේවිකා ගීතාංජලී මැදිවක විජේරත්නයි. ඇය එල්.එල්.බී. උපාධිධාරිනියක්. මා දෙදරු පියෙක්. වැඩිමල් දියණිය තුෂාරි නිශ්ශංක විජේරත්න ඉපදුනේ 1984 ජුනි 30 වෙනිදා. පුතා ඉපදුනේ 1986 අගෝස්තු 6 වැනිදා මගේ දියණිය පරිසර විශේෂඥවරියක් ලෙස ඊ එම් එල් නම් ආයතනයේ සේවය කරනවා. ඇය එම්.එස්.සී උපාධිය සඳහා තෝරාගන්තේ මහනුවර නගරය ආශ්‍රිත මාතෘකාවක්. “Environmentally Sound Management of Municipal Solid Waste Clean and Green Plan for City of Kandy Sri Lanka.” ඇය මේ දිනවල පශ්චාත් උපාධිය සඳහා සුදානම් වෙනවා. මගේ පුතා ගුවන් යානා ඉංජිනේරුවරයෙකු ලෙසට අධ්‍යාපනය ලබනවා.
    
දේශපාලනයට ආවේ ප්‍රසිද්ධ වේදිකාවෙන්


දළදා කරඩුව සමගින්මා ශ්‍රී දළදා මාළිගයේ දියවඩන නිළමේ තනතුර දරණ අවධියේ දේශපාලනය කළේ නෑ. එවකට මා කිසිම දේශපාලන පක‍ෂයක සමාජිකයෙක් නොවේ. 1990දී විහාර දේවාලගම් පනතට සංශෝදනයක් ගෙනාවා. දියවඩන නිළිමේ සහ බස්නායකවරු ඒ තනතුර දරද්දී දේශපාලන තනතුර නොදැරිය යුතුයි කියා 2005 වසරේ මා දළදා මාළිගයෙන් ඉවත් වන තුරුම මා කිසිම දේශපාලන පක‍ෂය සමාජිකයෙක් උනේ නෑ. මා 2005 ජනාධිපතිවරණයේදී මා ප්‍රසිද්ධ වේදිකාවේදී එ.ජා.ප සමාජිකත්වය ලබා ගත්තා. එම වසරේම එ.ජා.පයේ බෞද්ධ කටයුතු අංශයේ ප්‍රධානියා ලෙස එක්සත් ජාතික පක‍ෂයෙ ප්‍රතිපත්ති ප්‍රකාශනය සෑදීමට මා නම් කළා. අනතුරුව මාගලගෙදර සංවිධායක කළා. පසුව පළාත් සභාවට පක‍ෂයේ ඉල්ලීමට ඉදිරිපත් වුනා. මෙවර නගරාධිපති තරගයටත් ඉදිරිපත් කළා.

මෙවර මහනුවර ජනතාව දුන් තීරණය යටතේ බලවත් විපක‍ෂයක් මෙහෙයවීමේ වගකීම මට පැවරී තිඛෙනවා. රුපියල් කෝටි විසිදාහක් වියදම් කර මහනුවර ලෝක උරුම නගරය අසියාවේ ආශ්චර්්‍යයවත් නගරය බවට පත්කරන බවට ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් රජය පසුගිය නගර සභා මැතිවරණයේදී මහනුවර ජනතාවට පොරොන්දු වුනා. ඒ විශාල මුදල වියදම් කර මහනුවර නගරය ප්‍රති නිර්මාණය කිරීමට අදහස් කරන ආකාරය ගැන පරිගනක තාක‍ෂණයෙන් නිර්මාණය කළ අනාගත නගරයේ හැඩ රුව ගැන විශාල පුවරු පවා ඔවුන් මැතිවරණයට පෙර නගරයේ සවිකළා. අදත් දකින්නට ඇති ඒ පුවරු සහ මහනුවර නවෝදය යනුවෙන් මුද්‍රණය කර බොදාහැරිය පත්‍රිකා ආදියෙන් නගරයේ ජනතාව තුළ සියලූ යස ඉසුරින් පිරුණු නගරයක ජීවත්වීමේ අපේක‍ෂාවන් ඉහළ නංවා තිඛෙනවා.

රාජා ඇතාට සාත්තු කරමින්මැතිවරණ සමයේ රාජ්‍ය බලය හා පළාත් සභා බලය යොදා ගනිමින් ඉතා හදිසියේ නගරයේ මං මාවත් කාපට් කරමින් නගරයේ මහ හෝටල්වල විවිධ සංග්‍රහ පවත්වමින් මුදල්, සිමෙන්ති, ටකරන්, වියලි ආහාර, පාසැල් පොත් ආදිය ඛෙදා දෙමින් විදුලිබිල්, වතුර බිල් ගෙවමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය පැවැත්වු මැතිවරණ සංදර්ශනය විසින් පනස් අට වසරක මහනුවර නගර සභාවේ එක්සත් ජතික පාලන බලය වෙනස් කිරීමට ජනතාව පොළඹනු ලැබුවා.

නමුත් එමගින් පනස් අට වසරක් පුරා එක්සත් ජාතික පක‍ෂ පාලනය යටතේ මහනුවර නගරය අද පවතින තත්වයට ලබා ඇති සුවිශාල දියුණුව මහනුවර ජනතාව අවතක්සේරුකර  නැහැ. ඔවුන් එක්සත් ජාතික පක‍ෂයේ අති ප්‍රබල විපක‍ෂයක් ලෙස මගේ නායකත්වයෙන් මහනුවර නගර සභාවට පත්කොට තිඛෙනවා. මහජන ඡන්දයෙන් කෙළින්ම ආණ්ඩු ලැබුණේ ආසන 11යි. අපේ පක‍ෂයට 10ක් ලැබුණා. ආණ්ඩු පක‍ෂයට අතිරේක ආසන දෙකක් ලැබුණු නිසා ආසන 13ක් ඔවුන්ට ලැඛෙනවා. එම නිසා අපටත් විශාල ජන බලයක් තිඛෙන බව කිව යුතුයි. එමගින් මහනුවර ජනතාව මෙවර එක්සත් ජාතික පක‍ෂයේ අපට සුවිශේෂවු වගකීමක් පවරා තිඛෙනවා. ඒ කුමක්ද? ජනාධිපතිවරයා ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන කණ්ඩායම දුන් පොරොන්දු ඉටුකරන ලෙසට ඔවුනට නිතර සිහිපත් කිරීම ඉන් පළමු වැන්නයි. දෙවැන්න ඒ පොරොන්දු වඩාත් ජනතා හිතවාදී ලෙස කරන්නට අපේ යෝජනා ලබාදීම හා සහය ලබාදීමයි. තුන්වැන්න ඔවුන් ජනතා හිතවාදී නොවන දේ ක්‍රියාත්මක කරනවා නම් ඒවා විවේචනය කිරීම නිවැරදිකිරීම හෝ බලයෙන් පහකිරීමට කටයුතු කිරීමයි.

sarathසරත් දූල්වල මෙම ලිපිය සම්පාදනය කිරීමට සහාය විය.

Letters to the editor

රුපියල් කෝටියක දේශපාලන කැපිල්ලක්

රුපියල් කෝටියක දේශපාලන කැපිල්ලක්

ද කැන්ඩි නිවුස් ප්‍රතිචාරය

2011 ඔක්තෝබර් 14 දින දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම පැවැත්වෙන විට මහනුවර දිස්ත්‍රික්කයට වෙන්කර තිබු විමධ්‍යගත අයවැය ප්‍රතිපාදන රුපියල් මිලියන 60න් ලැබී තිඛෙන්නේ රුපියල් මිලියන 50ක් පමණක් බව අනාවරණය විය. මෑතක සිට මෙම මුදල් ඛෙදා හරින්නේ ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශය හරහාය. ඊට පෙර එම මුදල් මහා භාණ්ඩාගාරයෙන් කෙළින්ම දිස්ත්‍රික්ක වලට ලැබුණි. ප්‍රතිපාදන වලට අනුව එක මන්ත්‍රීවරයෙකුට රුපියල් මිලියන 5ක් බැගින් ලැබිය යුතුයි.

ඔක්තෝබර් 14 වෙනි දින පැවැත්වු රැස්වීමේදී නිල වශයෙන් හෙළිවුයේ රුපියල් මිලියන 50ක් සඳහා පමණක් ව්‍යාපෘති යෝජනා ලැබී ඇති බවයි. ඉතිරි මිලියන දහය, එම රුපියල් කෝටිය, ලැබුණු බවත් හෝ එම මුදල සඳහා ව්‍යාපෘති යෝජනා ලැබුණු බවක් හෝ ඉන් පසු පැවැත්වු දිස්ත්‍රික්ක සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ක්‍රම සම්පාදන අධ්‍යක‍ෂකවරයා අනාවරණය කළේ නැත. එම මුදල් ලැබී තිබේනම් එම ප්‍රවෘත්තිය ඉතා සතුටින් පළකිරීමට අපි බලාපොරොත්තු වෙමු.


Full text from home page


Kandy Hospital to Get a New Cancer Treatment Facility


First Lady Mrs. Shiranthi Rajapaksa at the project launch flanked by Governor Tikiri Kobbakaduwa and Chief Minister Sarath EkanayakaThe Kandy General Hospital is to get a state-of-the-art cancer treatment facility costing Rs 1,050 million. A special project committee consisting of representatives of the medical profession, civil society representatives, and other stakeholders will be responsible for the project.

The project was ceremonially launched recently at a function held at the Kandy District Cultural Centre. First Lady Shiranthi Rajapaksa was the chief guest. Central Province Governor Tikiri Kobbakaduwa, Chief Minister Sarath Ekanayaka, Provincial Health Minister Sunil Amaratunga, Kandy Hospital Director Dr. Gamini Dissanayaka were among the other distinguished guests present.

According to the Kandy Hospital Consultant Oncologists Dr. A J. Hilmy and Dr. Lakshman Obeysekera the cancer unit of the Kandy Hospital treated about 4,000 patients in 2010. This is about 45% more than the number treated in 2005. It is likely that the numbers will steadily increase in the next decade.

The hospital currently has two wards for indoor patients. The two consultants say that the facilities available are grossly inadequate.

The chairman of the project committee Mr. Mohan Samarakoon told The Kandy News that a new ten-storey building will be constructed to house the new cancer unit of the hospital under one roof. The building is estimated to cost Rs 650m and will be constructed in two phases. When completed the new facility will have 340 beds to accommodate indoor patients, four out-patient clinics, and other facilities to make it one of the best cancer hospitals in the South Asia region. The equipment is expected to cost Rs 400 million. The specialized radiotherapy centre that is planned for the facility will have two linear accelerators and a brachytherapy unit. Special units dedicated to female patients and paediatric cancer care will also be a part of the new facility.

The project committee expects the bulk of the funding for the construction of the building to come from public donations and as gifts from philanthropists. The project proposal says that the government is anticipated to fund the equipment budget of around Rs 400m.

At the opening ceremony Indra Traders proprietor Indra de Silva pledged to contribute Rs 150 million. A large number of other businessmen from Kandy also either pledged to contribute or handed over their contributions to Mrs. Rajapaksa at the ceremony itself.

Subsequent to the launch of the project President Mahinda Rajapaksa along with the Minister of Health Maithripala Sirisena had met with the project committee at Temple Trees, Colombo, to discuss the plans for the project. On the question of location of the facility the committee had pointed out that that it was more advantageous to have the new facility as a part of the main hospital complex to utilize existing ancillary facilities such as the blood bank, catering services, communications system. The president had pledged Rs 80 million from state funds to complete the first four levels of the proposed building.

Mr. Moha Samarakoon is the Chairman of the Project Committee. Dr. Susil Siriwardena serves as the Secretary of the committee and Mrs. Samudra Hemachandra as Treasurer.

The committee members are Indra De Silva, M.Z.M. Hairu, Prof. S.B. Weerakoon, Prof. S.B.S. Abayakoon, Dr. A.S. Ismaile, Ananda de Silva, Lal Ekanayaka, Lt.Col. L.L.B. Galahitiyawa, B. Ramawickrama, V. Wijesuriya, A.O.R. Fernando, C Tennakoon, M.M. Niyas and S Premaraj Kumar.
The Medical Advisory Committee for the project consists of Drs. W.G.A. Dissanayeka, C.S.M Gunathilaka, A.J Hilmi, L. Obeysekara, S.J.B. Alagoda, M. Udukala and A.M.L. Beligaswatte Ernst & Young will serve as auditors, Attorney-at-Law A.O.R. Fernando as legal advisor, and Hairu Engineering Consultancy as engineering consultants.

The committee has established two official bank accounts for the project:
Bank of Ceylon, Kandy account 72127286 (Swift code CCEYLKLX) and Commercial Bank Peradeniya Branch account 8730022111 (Swift code BCEYLKLX002)

For more information visit the project website http://www.cancerfundkandy.org/


 

Full text from home page

US Ambassador Calls on the New Kandy Mayor

US Ambassador Calls on the New Kandy MayorUS Ambassador to Sri Lanka and Maldives Patricia A. Buntenis made a courtesy call recently on the new mayor of Kandy Mahindra Ratwatte at the offices of the KMC. The mayor and the ambassador discussed plans that the mayor had to improve the quality of life and the economy of the city.

The ambassador was keen to know the plans that the new Council had to prepare Kandy for the expected influx of tourists in the coming months and years. The mayor noted that he has already taken action to remove large billboards that are a blot on the beauty of the city. He is also working on getting the street pavements cleared of hawkers while finding alternative accommodation for them.

The Council has taken back solid waste disposal from the private company to which was outsourced. The mayor said that he was confident that the Council would be able to a better job. The council is also planning to introduce a recycling scheme.

Ambassador Butenis who has visited Kandy on several previous occasion during her tenure in Sri Lanka of over two years inquired after the plans that the mayor has for constructing the new public library, municipal office complex and the civic centre in Kandy. He said that he was actively pursuing funding sources to commence the project.

The mayor also noted that the Council's revenue must be augmented to meet rising expenses. In addition to regular tax income, rental and other income from the annual Esela Perahera is the only major independent revenue stream the council has, the mayor told the ambassador. The council will shortly undertake a review of the Kandy tax structure with a view to slightly increasing tax rates at least to compensate for inflation, the mayor added.

Email this page to a friend Email this page to a friend