Ratepayers Protest Property Tax Hike
KMC Defends the Increase
Opposition Leader Neranjan Wijeyeratne
Mayor Mahindra Ratwatte
The Kandy Municipal Council (KMC) has increased its property taxes in the 2012 budget that Mayor Mahindra Ratwatte presented a few months ago. The tax increase is based on new valuations of property. Some ratepayers who are unhappy about the tax increase are protesting.
KMC Chief Accountant Mr. Shantha Premasiri, defending the action of the council, claims that among municipalities in the island Kandy has one of the lowest property tax rates. In 2012 the KMC tax rate for residential property will be 8% and for commercial property 12%. He points out that the Colombo MC levies 30% for commercial property and Dehiwela-Mt.Lavinia MC 27%.
The last time that the KMC increased property taxes based on new valuations was in 2007. This is the first such increase since then. KMC had collected Rs 157 million in property taxes in 2011. In 2012 under the proposed increase it will collect Rs 190m, an increase of Rs 33m (21%).
UDA Lands in Getembe Encroached with Political Backing
The KMC leader of the opposition Neranjan Wijeyeratne says that land belonging to the UDA located behind the Kandy Lawyers Office Complex and the Queen's Laundry along Gopallawa Mawatha is being illegally encroached. The land in question is on the two banks of the Meda Ela. The Kandy News that inquired into this allegation has found credible evidence that some people are preparing false deeds for the land and erecting fences to claim possession.
Editorial
මහ නගර සභාව බදු වැඩිකිරීම සාධාරණයි
වසර පහකට පමණ වරක් මහනුවර මහ නගර සභාව වරිපනම් බදු වැඩිකරවිට බදුගෙවන්නන් ඊට විරෝධය පෑම සම්ප්රදායක් වී ඇත. මෙවරද එම සම්ප්රදාය අනුගමනය කරන බව අප පුවත්පතේ මෙම කලාපයේ මුල් පිටුවේ අප වාර්තා කර තිබේ.
ස්වකැමැත්තෙන් බදු ගෙවන පිරිසක් ලෝකයේ කිසිම රටක දකින්නට අමාරුය. එම නිසා මහනුවර බදු ගෙවන්නන් බදු වැඩිකිරීමට විරෝධය පෑම අපේකෂා කළ යුතුය. එහෙත් බදු වැඩිකිරීමේ සාධාරණත්වය යම් යම් විෂය මුල නිර්නායක උඩ තක්සේරු කර බැලීමට පුළුවන.
නගර සභාවේ ප්‍රධාන ගණකාධිකාරිවරයාට අනුව නගර සභාව 2012 වර්ෂයේ එකතුකිරීමට බලාපොරොත්තු වන මුළු වරිපනම් බදු ආදායම රුපියල් මිලියන 190කි. එය 2011 එකතු කළ රුපියල් මිලියන 157ට වඩා රුපියල් මිලියන 33කින්, එනම් 21%කින් වැඩි වෙයි. 2007 වර්ෂයේ බදු වැඩිකළ පසු, ඊළග වර්ෂ හතරේ නගර සභාව අවුරුද්දකට 1%කින් බදු වැඩිකළ බව වාර්තා වේ. ඒ අනුව 2007 සිට 2012 දක්වා දළ වශයෙන් වරිපනම් 26%කින්, පමණ ඉහළ ගොස් ඇතැයි කීමට පුළුවන. ශ්‍රී ලංකා මධ්‍යම බැංකුවේ සහ ජන ලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ ගණන් බැලීම් වලට අනුව 2007 සහ 2011 දෙසැම්බර් මාසය අතර නිවාස කුළිය අඩු තරමින් 35%කින් පමණ වැඩිවී ඇත. මහනුවර වැනි නගරවල ව්‍යාපාරික ගොඩනැගිලිවල බදු කුළී ඊටත් වඩා වැඩිවී ඇතැයි (විශේෂයෙන් යුද්ධය 2009 අවසන් වූවාට පසුව) අනුමාන කළ හැක.
මහනුවර පොදු දේපලවලට හෝ පරිසරයට කරන හානිගැන අපට දැනුම් දෙන්න
මහනුවර පොදු දේපල සුරකීමේ සංවිධානයේ සභාපති අනුර ජීවානන්ද කියයි
නිර්මාර්තෘ ෂෙල්ටන් රණරාජා මහතාමහනුවර පොදු දේපල සුරැකීමේ සංවිධානය මහනුවර පුරවැසියන්ගෙන් බිහිවු සංවිධානයක් ලෙස කලක් ක්‍රියාත්මකවේ. එම සංවිධානය මහනුවර නගරයෙත්, දිස්ත්‍රික්කයෙත් පොදු දේපොල හා පරිසර සංරකෂණය ගැන සංවේදීව යම් යම් මැදිහත්වීම් කළ අවස්ථා අප පුවත්පතට වාර්තා විය. අප එම සංවිධානයේ ප්‍රධානින් සමග ඔවුන්ගේ සංවිධානය බිහිවු ආකාරය ඔවුන් කවුද ඔවුන්ගේ ක්‍රියාකාරකම් මොනවාද අදිය පිළිබඳව ද කැන්ඩි නිවුස් පාඨකයන් වෙනුවෙන් සම්මුඛ සාකච්ඡාවක යොදුනෙමු.
සභාපති අනුර ජීවානන්ද මහතාඑහිදී එම සංගමයේ සභාපති අනුර ජීවානන්ද මහතා අප කළ විමසුම්වලට දුන් පිළිතුරු ඇසුරින් මෙම ලිපිය සකස් කළෙමු.
මහනුවර පොදු දේපල සුරැකීමේ සංවිධානයේ ආරම්භය ගැන කිව්වොත්
අනුර ජීවානන්ද
මහනුවර පොදු දේපල සුරැකීමේ සංවිධානය ආරම්භ වුනේ වසර 2000දීයි. එහි ප්රවර්තකයා මහනුවර ජීවත්වු ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය අධිකරණ අමාත්‍යධුරය හෙබවු සාමාජශීලි පරිසරවේදියෙකවු අභාවප්‍රාප්ත ෂෙල්ටන් රණරාජා මහතායි.
Community Support Essential to Have Good Policing Says Kandy's New DIG G B. Peramuna
G B PeramunaMr. G. B. Peramuna, the new DIG for the Kandy District, told The Kandy News that he believe that successful policing is possible only if the police works closely with the community. We recently interviewed him in his offices on Kandy. DIG Peramuna who has already served thirty-two years in the police department is no stranger to Kandy people having served in the early 2000s as SP and more recently as SSP in Kandy before he got his promotion to the current position.
DIG Peramuna hails from Mawanella. A son of a landed proprietor he is proud of his family background that is associated with agriculture.
He has had his schooling in Mawanalle Maha Vidyalaya and then moved to Kegalla Maha Vidyalaya for his G.C.E. Advanced Level. In school he had participated in competitive sports and cadetting as extracurricular activities. Instead of following the conventional career path that many of his classmates chose to enter university to get a degree he had opted to join the police service in 1980. He says he was keen to work in a profession from as early as possible in his life.
More Articles...
- මධ්‍යම පළාතේ සුබවාදී වෙනස ගැන සතුටු වෙන්න පුළුවන්
- නගර සභා අයවැයෙන් වැඩිකළ ආපදා ණය ලබාගැනීමට බැරි ඇයි
- මහනුවර දිස්ත්‍රික්කයෙන් ඩෙංගු උවඳුර දුරුවෙයි
- නගර සභාවේ බිල් ගෙවීම අන්තර්ජාලයෙන්
- ව්‍යාපාරිකයන්ට හා පාසල් වෑන් රථවලට සහන මිළට රථ ගාල් කිරීමේ පහසුකම්
- නගර සභාවේ නීතිය ක්‍රියාත්මක වන්නේ දුප්පතුන්ට පමණක්ද?
- මහනුවර පුරපතිට විපකෂනායකගෙන් තූති මල් මිටක්




